Breaking News
Home / දේශීය පුවත් / සයිටම් සමීරගේ වෙඩි තැබීමේ නාටකයේ මහමොලකරු ශුද්ධ මෛත්‍රීගේ පාර්ශවයෙන් කඩුවෙල නගර සබාවට

සයිටම් සමීරගේ වෙඩි තැබීමේ නාටකයේ මහමොලකරු ශුද්ධ මෛත්‍රීගේ පාර්ශවයෙන් කඩුවෙල නගර සබාවට

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනයේ විධායක නිලධාරී සමීර සේනාරත්නට වෙඩි තැබීයැයි සිදු කළ රංගණයේ මහ මොලකරුවා ලෙස මේ වනවිට හඳුනාගෙන සිටින කඩුවෙල නගර සභාවේ හිටපු එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රී ලක්මාල් විලත්ගමුව මෙවර මෛත්‍රී පාර්ශවයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින බව වාර්තා වේ.

ඔහු නම ගිය පාතාල සාමාජිකයෙකුගේ සමීපතමයෙකු බවද එකල මාධ්‍ය වාර්තා කර තිබූ අතර එම සිදුවීම වන සමය වනවිට ඔහු මහින්ද පාර්ශවය සමග කටයුතු කරමින් සිටියේය.

සයිටම් විරෝධීන් විසින් සමීර සේනාරත්නට වෙඩි තැබුවේ යැයි හැඟවීම සඳහා සයිටම් ආයතනය වෙනුවෙන් මෙම වෙඩි තැබීමේ රංගණය සම්පූර්ණයේම ලක්මාල් විලත්ගමුව විසින් සැලසුම් කර තිබිණි.

ලක්මාල් විලත්ගමුව සහ සුසිල් නැමති අනෙක් පුද්ගලයා මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් දෙදෙනා වෙනුවෙන් පෙනිසිටියේද මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පැවති ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ඇති නඩු වෙනුවෙන් පෙනී සිටින ප්‍රේමනාත් සී දොලවත්ත නීතීඥ මහතාය.

About article14

Check Also

ප්‍රමාද වූ පළාත්සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතිමය බාධා ඉවත් කිරීමට අගමැති ප්‍රමුක කමිටුව පක්ෂ නායකයින් 20 වනදා මුණ ගැසී තීරණයක් ගැනීමට යයි

පළාත් සභා මැතිවරණ සිමා නිර්ණ කොමිෂන් සභා වාර්තාවේ පවතින අඩුපාඩු සකසා ඉතා ඉක්මණින් පක්ෂ නායක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!