Breaking News
Home / දේශීය පුවත් / සමාජ ජාලා තහනම සිකුරාදා අවසන් කරන්න සිරිසේන එකගලු මුලින්ම තහනම ඉවත් කරන්නේ කොළඹට විතරක්ලු

සමාජ ජාලා තහනම සිකුරාදා අවසන් කරන්න සිරිසේන එකගලු මුලින්ම තහනම ඉවත් කරන්නේ කොළඹට විතරක්ලු

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල සඳහා පනවා ඇති තහනම සිකුරාදා (16දා) ඉවත් කරන බව විදුලි සංදේශ අමාත්‍ය හරින් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට පවසා ඇත.

බොහෝ විට බ්‍රහස්පතින්දා පස්වරු කාලයේදී කොළඹ ඇතුළු බස්නාහිර පළාතට තහනම ඉවත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසනවා.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අද පැවති සාකච්ඡාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද දුරකථනය ඔස්සේ සම්බන්ධ වී ඇති අතර එහිදී අදාළ එකඟතාවට පැමිණි බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ෆේස්බුක් ඔස්සේ වෛරී ප්‍රකාශන පළකිරීම අවහිර කරන බවට ෆේස්බුක් සමාගමෙන් තහවුරු කිරීමක් ආණ්ඩුව අපේක්ෂා කළ අතර ඒ සඳහා මේ වනවිටත් එකඟතාව පළකර ඇති එම සමාගමේ නිලධාරීන් පිරිසක් ලබන බ්‍රහස්පතින්දා (15දා) ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද අමාත්‍යවරයා සඳහන් කර ඇත.




About lanka

Check Also

අධිවේගයේ ස්ථාන කිහිපයකට ගංවතුර තර්ජන ඔබ අධිවේගය බාවිතා කරනවානම් අවදානයෙන් බලන්න

>වර්ෂාවත් සමඟ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල – අන්තර් හුවමාරුවෙන් වාහන පිටවීම නතර කර තිබෙනවා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!