Breaking News
Home / දේශීය පුවත් / සමගි ජන බලවේගයට පැන්න 54 ක් එජාපයෙන් නෙරපයි ප්‍රාදේශීය දේශපාලකයින් රොත්තක්ද දොට්ට

සමගි ජන බලවේගයට පැන්න 54 ක් එජාපයෙන් නෙරපයි ප්‍රාදේශීය දේශපාලකයින් රොත්තක්ද දොට්ට

සමගි ජන බලවේගයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන සහ ඊට සහය දක්වන එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍යවරුන් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මන්ත්‍රීවරුන් පනස් හතර දෙනකුගේ සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් 61දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (28)තීරණය කළේය.

සමගි ජන බලවේගයෙන් මෙවර මහ මහමැතිවරණයට ඉදිරිපත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකසිය දෙදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා නිදහසට කරුණු විමසීමට මීට පෙර පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ අතර ඊයේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කෙරුණේ ඔවුන් අතුරින් 54 දෙනකුගේ ය.

අදාළ පක්ෂ සාමාජිකත්වයන් තහනම් කිරීම පිළිබඳව අද(29)මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දීමට නියමිත බවත් පක්ෂ සහ සාමාජිකත්වය අහෝසි කෙරුණු පළාත් පාලන පළාත් පාලන නියෝජිතයන් හැට එක් දෙනාගේ මන්ත්‍රීධුරයන් ඒ අනුව අහෝසි වීමට නියමිත බවත් එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

අහෝසිවන මන්ත්‍රී ධුරයන් වෙනුවට අලුතින් පත් කරන පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගේ නාම නාමලේඛනය ද මැතිවරණ කොමිසම වෙත ලිඛිතව දැනුම් දෙන බව මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ලබා ගත් ඉතිරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 48 දෙනා සම්බන්ධව විනය පරීක්ෂණ තවමත් අවසන් නැති බව කී අකිල විරාජ් කාරියවසම් මහතා විනය පරීක්ෂණය අවසන් වූ පසු වැරදිකරුවන් බවට පත් වුවහොත් එම 48 දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන බව පැවසීය .

පක්ෂ සාමාජිකත්වය අහෝසි කෙරුණු පළාත් පාලන ආයතන නියෝජිතයන් හැට එක් දෙනාට අමතරව තවත් පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් දෙසීයකට එරෙහිව විනය පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බව සඳහන් කළ පක්ෂ මහලේකම්වරයා අදාල විනය පරීක්ෂණ අවසන් වූ සැනින් ඔවුන්ගේද පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඒ වෙනුවට පක්ෂයට හිතැති මන්ත්‍රීවරුන් පිරිසක් අදාල ආයතන සඳහා පත්කර ගැනීමට තීරණය කර තිබෙන බව ද කීය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ විනය පරීක්ෂණ කටයුතු තවමත් අවසන්වී නැති හෙයින් ඔවුන් දෙදෙනාගේ නම් ඊයේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කෙරුණු අයගේ ලේඛනයට ඇතුළත් වී නැතැයි සිරිකොත අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අහෝසි කෙරුණු පළාත් පාලන ආයතන නියෝජිතයන් අතර වැලිගම ගම්පොල සහ නාවලපිටිය නගර සභාවන්හි නගර සභා සභාපතිවරුන්ගේ නම් ද සඳහන් වන බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

මෙම තීන්දුව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය .

අප මෙම තීරණය ගනු ලැබූයේ විධිමත් විනය පරීක්ෂණයකින් අනතුරුවයි.අප මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකසිය දෙදෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවූ විට මුහුකුරා නොගිය අය විවිධ පුරසාරම් කතා කළා.නමුත් අප කිසිවිටෙක කලබල වුණේ නැහැ .මෙරට අධිකරණය ද දෙවරක් ම අපේ තීන්දු නිවැරදි බව තීරණය කර තිබෙනවා.

වැදගත්ම දේ පක්ෂ විනයයි .අප මන්ත්‍රීවරුන් බවට පත් වූයේ එක්සත් ජාතික පක්ෂය නිසයි.

About article14

Check Also

සියලු තීරණ ගන්නේ ජලනි, එජාපෙ කැඩූ ජේෂ්ඨයන් අවුලෙන්, සජබෙන් ඉවත්වී ස්වාධින වනවා මුස්ලිම් කොන්ග්‍රසය කියයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පාර්ලිමේන්තු කටයුතු වලදී ස්වාධීනව කටයුතු කිරීමටත් අවධානය යොමු වී ඇති බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!