Breaking News
Home / දේශීය පුවත් / සන්ධානයේ ලකුණ ප්‍රශ්නය ලබන සතියේ අවසන් කරන්න – එජාප නායකයා දැනුම් දෙයි

සන්ධානයේ ලකුණ ප්‍රශ්නය ලබන සතියේ අවසන් කරන්න – එජාප නායකයා දැනුම් දෙයි

මහ මැතිවරණයට තරඟ කිරීම සදහා තෝරාගන්නා ලකුණට අදාළ සියළු කටයුතු ඉදිරි සතිය තුළ විසදාගත යුතු යැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊට මැදිහත්ව සිටින සියළු පාර්ශවවලට දැනුම් දී තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉහත දැනුම්දීම අනුව ඡන්ද ලකුණ, සන්ධානයේ නම ඇතුළු සියළු ගැටළු ඉදිරි සතිය ඇතුළත නිරාකරණය කරගත යුතු වෙයි.

සන්ධානයට අදාළ ලකුණ සම්බන්ධයෙන් ප්‍රශ්නය මතුවූ මුල් අවස්ථාවේදීම තමා ඊට විසදුම් මුල් අවස්ථාවේදීම තමා පෙන්වා දුන්නැයි ද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමග ඊයේ (20) පැවැති සාකච්ඡාවකදීය

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා ඊයේ (20) දිවයිනෙන් පිටත්ව ගියේය.
රනිල් වික්‍රමසිංහ මහතා මේ සංචාරය වෙනුවෙන් දින තුනක කාලයක් දිවයිනෙන් බැහැරව සිටියි.

සිය පෞද්ගලික සංචාරය අවසන් කොට ලංකාවට පැමිණි පසු සන්ධානයේ කටයුතු අවසන් වෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කීවේය.

About article14

Check Also

මැතිවරණය කල් දමයි මැකෝට යකා නගියි දිනය තීරණය කරන්නේ කොරෝනා බව කියයි

අප්‍රේල් 25 පැවැත්වීමට නියමිතව තිබු මැතිවරණය කල් දමා තිබෙනවා. දින 14 ඇතුලත එය කිසිසේත්ම පවත්වන්නේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!