Breaking News
Home / දේශීය පුවත් / සනත්ගේ ” ගේනවා-කපනවා” තියරියට මේ පාර හසුවෙනේ කවුද.?

සනත්ගේ ” ගේනවා-කපනවා” තියරියට මේ පාර හසුවෙනේ කවුද.?

සනත් ජයසූරියගේ කතුරට චන්දිමාල්, ඩිල්ශාන් මුනවීර, දසුන් ශානක, නුවන් කුලසේකර, සීක්කුගේ ප්‍රසන්න, වැනි දක්ෂතා අතර ඉන්න ක්‍රීඩකයන් හසුවී තිබෙනවා.

චන්දිමාල් පිලිබඳ යම් පසු බෑමක් ඇතත් අනෙක් ක්‍රීඩකයින් එක් එක් අවස්තාවල ගේනවා කපනවා තියරිය අනුව විනාශ කල ක්‍රීඩකයින්. තවත් ක්‍රීඩකයින් ගත් කල ලහිරු තිරිමාන්න, කිත් රුවන්, අමිල අපොන්සු, අජන්ත මෙන්ඩිස්, වැනි ක්‍රීඩකයින්ද ආගිය අතක් නෑ.

කුසල් ජනිත් සහ අසේල ගුණරත්න ආබාධ වලට ලක්වී සිටියි. කුමන ක්‍රීඩකයා තෝරනවාද යන්නත් දැන් සනත්ට ජන්ජාලයක් වී ඇති බවනම් පැහැදිලියි. ඔහු විසින්ම ක්‍රිඩකයින් හතලියකට වඩා “ගේනවා කපනවා” තියරියෙන් මැච් එකක් දෙකක් ගසා ගෙදර බලන් ඉන්න අය බොහොමයි. නිසි සැලැස්මක් නැති වගනම් පැහැදිලි.

තව එකක් කිව යුතුයි. සනත් මීට පෙර අවස්ථාවේ තේරුම් කමිටුවේ සභාපති වූ විට මෙවැනි ආකාරයට ක්‍රියා නොකල බව අප මතක් කරගත යුතුයි. එසේනම් මේ සනත්ගේ පමනක් තියරියක් විය නොහැකි. වර්ථමාන ඉහල පිටුව නොමැති කාලයේ ඔහු හරි තේරීම් කිරීමටත් දැන් නොහැකි වීමටත් හේතුවක් තිබිය යුතුයි. එය ඔහු රට වෙනුවෙන් ඉල්ලා අස්වී හෝ රටට හෙලි කල යුතුයි. එම හෙලිදරව්ව අනුව බයාදු ඇමතිවරයා සහ රටේ ඉහලම පුටු දෙක හෝ එකතුවී නිවරදි විසදුම ලබා දිය යුතුයි. රටේ හැම ප්‍රශ්නයකටම උඩ බලා සිටීනම් ඔවුන්ට පෙරපාසලකවත් පාලකයන් වීමට කිසිදු සුදුසු කමක් නැත.

 

 

 

 

About article14

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!