Breaking News
Home / දේශීය පුවත් / සදුදා 8.30 ට කැබිනට් මාරුව ස්ථීරයි. රවී බෑ කියයි. තීරණාත්මකයි.

සදුදා 8.30 ට කැබිනට් මාරුව ස්ථීරයි. රවී බෑ කියයි. තීරණාත්මකයි.

ලබන සඳුදා අනිවාර්යයෙන්ම අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු බව මාධ්‍ය වෙත වාර්තා වී ඇත.

ඒ අනුව මුදල් අමාත්‍යාංශය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය මංගල සමරවීර අමාත්‍යවරයා වෙත පවරන බව අද ඉංගී්‍රීසි පුවත් පතක් වාර්තා කොට ඇත.

එමෙන්ම මෙතෙක් ජනමාධ්‍ය අමාත්‍ය ධූරය දැරු ගයන්ත කරුණාතිලකට රාජ්‍ය පරිපාලන අමාත්‍ය ධූරයත් එම ධූරය දැරු රංජිත් මද්දුම බණ්ඩාරට ඉඩම් අමාත්‍ය ධූරයත් හිමිවන බවත් එම පුවත සනාථ කරයි.

ඉඩම් අමාත්‍ය ධූරය කේ ඩි එස් ගුණවර්ධන අමාත්‍යවරයා මිය යෑමෙන් පසුව එම තනතුර හිස් විමෙන් එය ජෝන් අමරතුංග වෙත පවරා තිබුණි.

එමෙන්ම වර්තමාන මුදල් අමාත්‍ය රවි කරුණානායක අමාත්‍යවරයාට විදේශ කටයුතු අමාත්‍යාංශය පැවරීමට තීරණය කොට ඇති අතර මේ වන තෙක් ඔහු විසින් එය භාර ගැනීමට කැමත්ත ප්‍රකාශ කොට නොමැත.

About article14

Check Also

සියලු තීරණ ගන්නේ ජලනි, එජාපෙ කැඩූ ජේෂ්ඨයන් අවුලෙන්, සජබෙන් ඉවත්වී ස්වාධින වනවා මුස්ලිම් කොන්ග්‍රසය කියයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පාර්ලිමේන්තු කටයුතු වලදී ස්වාධීනව කටයුතු කිරීමටත් අවධානය යොමු වී ඇති බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!