Breaking News
Home / දේශීය පුවත් / සති දෙකෙන් පොලිසිය ෆොන්සේකාට දෙනවලු. ගාල කඩාගත්තා වගේ කරපු එජාප කැබිනට් සංශෝධනය නිසා අජිත් පෙරේරාත් ආයෙත් දිවුරුම් දෙයි

සති දෙකෙන් පොලිසිය ෆොන්සේකාට දෙනවලු. ගාල කඩාගත්තා වගේ කරපු එජාප කැබිනට් සංශෝධනය නිසා අජිත් පෙරේරාත් ආයෙත් දිවුරුම් දෙයි

 

එජාපය රැඩිකල් වෙනසක් සිදුකරනවා තරුණයින්ට තැන දෙනවා ජෙෂ්ටයින් පැත්තකට කරන් අලුත් වගකීම් නව නායකයන්ට දෙනවා කියූ වෙනසක් ඊයේ කැබිනට් සංශෝධනයෙන් පෙනුනේ නැ. නිතිය හා සාමය අගමැති රනිල් වෙතම ලබාගැනීම සමාජයේ දැඩි කතා බහකට ලක්වී ඇති අතර එය සරත් ෆොන්සේකා විදේශගත වී නැවත ලංකාවට පැමිණීමෙන් පසු සති දෙකක් ඇතුලත ඔහුට ලබා දෙන බවයි පුවත්පත් වාර්තා කර තිබෙන්නේ.

සති දෙකකට හෝ එවැනි අමාත්‍යංශයක් ලබාගත්තේ ඇයිදැයි පක්ෂයේ ජෙෂ්ටයන් පවා නොදන්නා බව අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන අතර නැවත පක්ෂ අභ්‍යන්තරයේ යම් ප්‍රශ්න උඩට එමින් තිබෙන බවයි පවසන්නේ.

Image result for ajith p perera cabinet reshuffle

කෙසේ වෙත්තත් විදුලුබල නියෝජ්‍ය ඇමති ලෙස කටයුතු කල අජිත් පි පෙරේරාට හේතුවක් නොමැතිව බන්ධනාගාර රාජ්‍ය ඇමතිකමක් දීම ඔහු දැඩි කලකිරීමකට ලක්වී ඇතිවග අප වාර්තා කළා. ඒ එම දුරයේ හොදින් කටයුතු කරන අතර මෙවැනි කැබිනට් නොවන නියෝජ්‍ය ඇමති බලතල හා සමාන රාජ්‍ය අමාත්‍ය දුරයක් විෂය වෙනස් කර දීම නිසයි.

එහිදී කැබිනට් අමාත්‍යවරුන් 06 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරුන් තුන්දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන් අතර, එය සටහන් වූයේ වත්මන් රජයේ දෙවන අමාත්‍ය මණ්ඩල සංශෝධනය ලෙසයි.

මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසුව පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් ඒ පිළිබඳව විවිධ අදහස් පළ කළා.

කෙසේවෙතත් ඉවබවක් නොමැතිව කල සංශෝධනය නිසා ඊයේ (25) දිනයේ බන්ධනාගාර, ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අජිත් පී. පෙරේරා, නැවත විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද අද (26) යළි දිවුරුම් දීමට නියමිත බව සඳහන්.

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!