Breaking News
Home / දේශීය පුවත් / සති දෙකක් එක දිගට ලංකාවේ ‘මල්ලි’ යුටියුබ් එකේ ට්‍රෙන්ඩින් #1 වැදගත් දෙයක් මිනිහෙක් කලොත් ඌට ජාතකෙම කියලා දෙන රටේ දැන් තත්වය

සති දෙකක් එක දිගට ලංකාවේ ‘මල්ලි’ යුටියුබ් එකේ ට්‍රෙන්ඩින් #1 වැදගත් දෙයක් මිනිහෙක් කලොත් ඌට ජාතකෙම කියලා දෙන රටේ දැන් තත්වය

මේ වීඩියෝව වචන සංගීතය ගැන විචාරය අපට කිසි සේත්ම අදාළ නැතත් අප හා තවත් පිරිස් මේ රටේ මිනිසුන්ට හොඳ නරක පෙන්වීමට හා දේශපාලන සාක්ෂරතාවය සාමාන්‍ය දැනීම ආදර්ශ පෙන්වීමට දැනුම වැඩි කිරීමට උත්සහා කලත් ඒවාට මහා ලොකු කැමැත්තක් රැල්ලක් සමාජයේ නැත.

එහෙත් කාන්තාවක් තමනට පෙන්විය හැකි දේ පෙන්වමින් පරුෂ වචන කියමින් යම් දෙයක් කළහොත් නැතිනම් වෙන එකකුගේ ලික් වූ දෙයක් බැලීම රට අසීමිත ලෙස ඇලුම් කරයි.

මල්ලි නම් වූ වීඩියෝව යුටියුබ් ට්‍රෙන්ඩීන් 1 බවට පත්වී එක දිගට සති දෙකක්. මෙහි හිමිකරුවා ප්‍රශ්න කරන්නේ වීඩියෝව හොද නැත්තම් එහෙම වෙයිද කියමින්. එහෙත් ලංකාවේ යුටියුබ් අවකාශයේ ඉතා වැදගත් කරුණු අනන්තවත් ඇතත් ඒවාට බොහෝ ඔස්තාර්වරු තර්ක ඉදිරිපත් කරමින් හරි වැරැද්ද කියා දෙන්නට එයි.

නිෂ්පල යමක් පෙන්වූ විට අසීමිත ලෙස එය ජනප්‍රිය කරවන්න උපන් හපන් ජාතියක් බවට මේ වන විට ලංකාව පත් වී හමාරයි. මෙයින් වන්නේ මෙවන් මල්ලි වැනි වීඩියෝ හැදීමට හොඳ නිර්මානකරුවන්ද තවත් පෙලබවිමයි.

එනිසා සැමදා අප කියන කරුණ වන මේ රටට අවශ්‍ය අලුත් පාලකයෙක් නොව අලුත් ජනතාවක් යන්න මෙතනටත් අදාලය. හැම ක්ෂේතරයකම විවිධ වූ පුද්ගලයින් ඇති අතර ඔවුන්ගේ ක්‍රියාකාරකම් අපට බලහත්කාරෙන් නතර කල නොහැක. එත් උත්තේජනයක් නොදී සිටිය හැකි. එයට දැන් සිටින ජනතාව තරුණ පරපුර සුදුසු නැත.

මේ රටට අවශ්‍ය නව ජනතාවකි. එසේ නොවන බව වැටහෙන දිනට යම් දැක්මක් ප්‍රතිපත්තියක් ඇති ඔබ මේ රට හැර යාමට අනිවාරයෙන් අධිෂ්ඨාන කරගන්න

About article14

Check Also

මාධ්‍යවේදී ඝාතන හා ප්‍රහාර මහාපරිමාණ දුෂණ පරීක්ෂණ කල අපරාධ පරීක්ෂණ ඒකකයේ ප්‍රධානි නිශාන්ත සිල්වා වහාම ඉවත් කරයි

පසුගිය ආණ්ඩු සමයේ මාධ්‍යවේදීන්ට පහර එල්ල කිරීම ඝාතනය කිරීම් වලට සම්බන්ධ ඉහළපෙලේ පරීක්ෂණ සහ මහාපරිමාණ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!