Breaking News
Home / දේශීය පුවත් / සජිත් සහ බදුර්දීන් ටැලිපෝනෙන් කතා කරලා, පොලිසිය සජිත්ගේ නිවසට

සජිත් සහ බදුර්දීන් ටැලිපෝනෙන් කතා කරලා, පොලිසිය සජිත්ගේ නිවසට

නීතිපතිවරයාගේ නියෝගයට අනුව අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය කරන රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයා සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් කරුණු විමසීමට නියමිතයි. ඒ, රිෂාඞ් බදියුදීන් මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් කිරීමෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඔහු අතර සිදුවූ බව පැවසෙන දුරකථන සංවාදයක් සම්බන්ධයෙන්.

ඒ අනුව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කොළඹ පිහිටි නිවසට මේ වනවිට වෙත ගොස් ඇති බව සඳහන්. මේ අතර, තමන්ව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගේ සොහොයුරු රියාජ් බදියුදීන් ගොනු කළ රිට් පෙත්සම මේ මස 20 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.

ඒ මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම අද කැඳවු අවස්ථාවිදියි. පෙත්සම්කාර රියාජ් බදියුදීන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ ෆායිස් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ හදිසි අවශ්‍යතාවක් මත ගොනු කර තිබෙන මෙම නඩුව සලකා බැලීම සඳහා කඩිනම් දිනයක් ලබා දෙන ලෙසයි. එම කරුණු සලකා බැලු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීමට දින නියම කළා.ඒ බව වගඋත්තරකරුවන් වෙත දැනුම් දෙමින් නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසයි අධිකරණය මෙහිදි නියෝග කළේ. ඒ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් සෙත්සරණ ආයතනයේ අධ්‍යක්ෂ ලෝරන්ස් රාමනායක පියතුමා විසින්. එම පෙත්සම මගින් පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියාජ් බදියුදීන් නැමැති සැකකරුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෑතකදී මාධ්‍යවලට ප්‍රකාශ කර තිබු බවයි. – hirunews

About article14

Check Also

චීනය ඉලක්ක කර ඉන්දියාව ඇමරිකාව යුධ ක්‍රියාන්විතයකට ලංකාව මැදි කිරීමට පොම්පියෝ ආ බව ජවිපෙ හෙළිදරව්වක්

ජවිපෙ මාධ්‍ය හමුවේදී අනුර කුමාර දිසානායක විවිධ හෙළිකිරීම් කිහිපයක් කල අතර එය පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!