Breaking News
Home / දේශීය පුවත් / සජිත් ශ්‍රීමති දිසානායකටත් පරාදයි. එජාප ඉතිහාසයේ දරුණුතම පරාජය

සජිත් ශ්‍රීමති දිසානායකටත් පරාදයි. එජාප ඉතිහාසයේ දරුණුතම පරාජය

ජනාධිපතිවරන ප‍්‍රතිඵල පිලිබද එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ විශ්ලේෂනයක් ලබන සදුදා සහ අගහරුවාදා යන දෙදින පුරා සිදු කෙරේ. ජනාධිපතිවරණ ප‍්‍රතිපල විශ්ලේෂණය සිදුකරන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

ජනාධිපතිවරණ ප‍්‍රතිපල පූර්ණ ලෙස විශ්ලේෂණය කිරීමෙන් පසු සිංහල බෞද්ධ ඡන්ද පදනම දිනාගතහැකි පක්ෂයේ පූර්න ප‍්‍රතිවි්‍යුහගත කිරීම කඩිනම්න් ආරම්බ කරන බව එක්සත් ජාතික පක්සයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂය විසින් මේ වනවිට සිදුකර ඇති ප‍්‍රතිපල විශ්ලේෂණයට අනුව ප‍්‍රතිවාදි අපේක්ෂකට මිලියන 6.5ක සිංහල ඡන්ද පදනමක් ලැබෙද්දී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට හිමිව ඇත්තේ එම ඡන්ද වලින් මිලියන 4ක් පමණයි. උතුර නැගෙනහිර හා සුළු ජාතික චන්ද ඉවත්වූ විට එජාපය 25% ට වැටි ඇති අතර කිසිදිනක නොමැතිව එජාප අපේක්ෂකයාගේ දිස්ත්‍රික්කය හා ආසනය දරුණු ලෙස පරාජය වී ඇත.

එජාපය අන්තයට වැටි ඉහලම ප්‍රතිශතයෙන් ජනපතිවරණයක් ජයගෙන ඇති 1994 චන්ද්‍රිකා – ශ්‍රීමති සටනේදී ශක්තිමත් එජාප අපේක්ෂිකාවක් නොවූ ඇය දකුණේ චන්ද පදනම 35% තබාගැනීමට සමත්ව තිබෙනවා. උතුර නැගෙනහිර දැවැන්ත ජයක් චන්ද්‍රිකා ලැබූ අතර යාපනය 96% කින් ජයගත්තා. ඒ අනුව ඉතිහාසයේ එජාප දුර්වලම අපේක්ෂිකාව වන ශ්‍රීමතිටත් දකුණෙන් පරාජය වන්නට සජිත්ට සිදුවුවා.

එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කර ඇති ජනාධිපති අපේක්ෂකයා නියෝජනය ඇති දිස්ත‍්‍රික්කය මෙන්ම ආසනයද වැඩි ඡන්ද විශාල සංඛ්‍යාවකින් පරාජයට පත්වීම හා ඔහු වටා සිටින ඔහු අපේක්ෂකයා කිරීමට දැගලු පිරිස් අන්ත පරාජයට පත්වීම ගැනද දැනට කර ඇති විශ්ලේෂනයේ තොරතුරු ඇතුලත් වේ.

ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි වුනු ආකාරය සම්බන්ධයෙන් පූර්න විශ්ලේෂණය කර යථාර්ථයට මුහුන දෙමින් සිංහල බෞද්ධ පදනම දිනාගත හැකි තරුණ නායකත්වයක් ගැනද අනාගතයේදී එක්සත් ජාතික පක්ෂය අවධානය යොමු කිරිමට තීරනය කර ඇත.

නායකත්වයට හා විපක්ෂ නායකත්වයට රණ්ඩු කරන කණ්ඩායම කිසිම විටක එජාප නායකයාගෙන් කිසිදු ඉල්ලීමක් කර නැති අතර කිසිදු සාකච්චාවකට පැමිණ හෝ ඉල්ලා නැත. මාධ්‍ය හමුවේ පක්ෂයේ පලු අරින මෙම පිරිස් මැතිවරණ සමයේ මෙන්ම වෙනම කාර්යාල අටෝගෙන කල වෙනම ගේම මේ වන විට පක්ෂයේ දරුණු ලෙස උඩුදුවා ඇත. එයට ප්‍රධාන හේතුව වන්නේ සජිත් වටා සිටින්නේ රනිල් සමග විරසක වී එලියට විසිවුණ බොහෝ පිරිසක් සජිත්ගේ ඔලුව කමින් සිටීමයි.

මැතිවරණය සමයේ නායකයාට කෙළින්නට ගිය සැලැසුම් මේ වන විට එලිවී ඇති නිසා රනිල් විසින් පත් කරනා නායකයා මේ කණ්ඩායමට නැවත මැතිවරණයට ඉදිරිපත්විමටවත් අවස්තාවක් ලැබේවිද යන ප්‍රශ්නය මත කෙසේ හෝ රනිල් එලවා නායකත්වය ගැනීමට සමාජ මාධ්‍ය ගේමක් මෙන්ම මාධ්‍ය ගෙමක්ද අරඹා ඇත. ඒ කෙසේ වෙතත් 45 ක ප්‍රමාණයක් අත්සන් කර විපක්ෂක නායක කමක් ඉල්ලීමෙන් එය නොලැබෙන අතර පක්ෂ ලේකම්ගේ නිරදේශය මත එය ලැබෙනු ඇති. එය 2015 දී තහවුරු කරද ඇත.

ඒ කෙසේ වෙතත් මේ වන විට විපක්ෂයට 120 ක ආසන්න ප්‍රමාණයක් සිටීම නිසා සජිත්ට බහුතර කැමැත්ත ලබා ගැනීම මෙවරත් අසාර්ථක වන අතර මැතිවරණ පරාජයෙන් අන්ත ලෙස මානසිකව වැටි ඇති සජිත් ප්‍රේමදාස සගයන් කිහිපයකගේ ඉල්ලීම මත පාක්ෂිකයන් හමුවීමේ අවස්ථාවට යන්තමින් ආද සහබාගි විය. එහෙත් එයත් වටේ සිටිනවුන් සිරිකොත දොර වැසුවා යයි පවසා සාවද්‍ය පුවතක් සමාජ ගත කරමින් අනුකම්පාව ගැනීමට උත්සහයක් දරමින් සිටින බව මහලේකම් නිවේදනයක්ද දන්වා තිබෙනවා.

එය සිද්දවී ඇත්තේ මෙය සංවිධානය කල පිරිසම ස්ථාන වරින් වර වෙනස් කර ඇති අතර පසුව සිරිකොත බාවිතා නොකර වොක්ෂ්වෝල් විදියේ ඔවුන් අටවාගත් කාර්යාලයට මොවුන් ගෙන ආවත් ජනතාවට ඔවුන් පවසා ඇත්තේ නායකයා හා ලේකම් විසින් මෙය කුහක කමට කළා යන්නයි.

දේශපාලනයෙන් කෙටිකලකට හෝ සමුගැනීමට අදහස් කරගෙන සිටි සජිත් බලෙන් කරේ තබාගෙන යාමට දගලන්නේ මීලග පාර්ලිමේන්තුව ජයගැනීමට නොහැකි බව දන්නා මෙවර ආසන දරුණු ලෙස පරාජ පිරිස් නායකයා හමුවී සාකච්චා කර ප්‍රශ්නය විසදන්නේ නැතිව මාධ්‍ය ඉදිරියේ පක්ෂයට හානි කරමින් සිටින බවයි දේශපාලන ආරංචිමාර්ග සදහන් කරන්නේ.

About article14

Check Also

සියලු තීරණ ගන්නේ ජලනි, එජාපෙ කැඩූ ජේෂ්ඨයන් අවුලෙන්, සජබෙන් ඉවත්වී ස්වාධින වනවා මුස්ලිම් කොන්ග්‍රසය කියයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පාර්ලිමේන්තු කටයුතු වලදී ස්වාධීනව කටයුතු කිරීමටත් අවධානය යොමු වී ඇති බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!