Breaking News
Home / කාටූන් / සජිත් – රනිල් හමුවේ ප්‍රතිපල අනුව එජාපය ජනපතිවරණයට තිරය පසුපස සුදානම්වෙයි

සජිත් – රනිල් හමුවේ ප්‍රතිපල අනුව එජාපය ජනපතිවරණයට තිරය පසුපස සුදානම්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ මුලිකත්වයෙන් පිහිටුවන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සතු ජනාධිපතිවරණය ජයගැනීමේ උපක්‍රමය මේ සති අන්තයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට භාර දීමට නියමිත බව එජාප ආරංචි මාර්ග සදහන් කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ උපක්‍රමය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත භාර කෙරෙන්නේ එජාප නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස සමඟ අරලියගහ මන්දිරයේදී ඉකුත් දා පැවැත්වූ සාකච්ජා වල ප්‍රතිඵල ලෙස බවයි වාර්තා වන්නේ.

එහිදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනපතිවරණ ජයගැනීමේ උපක්‍රමය සැකසීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර අග්‍රාමාත්‍ය උපදේශක දිනේෂ් වීරක්කොඩි වෙත පවරා ඇත.

ඉහත කණ්ඩායම විසින් ජනාධිපතිවරණය ජය ගැනීමට ඉදිරිපත් කරන උපක්‍රම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස,සහ කතා නායක කරු ජයසුරියගේ අදහස් ලබා ගැනීම සඳහා මෙම සති අන්තයේදීම යොමු කිරීමට නියමිත බවයි එජාප ආරංචි මාර්ග සදහන් කරන්නේ.

About article14

Check Also

ඇමරිකාවෙන් කැමරා ගෙනත් ලක්ෂ 750 ක් වියදම් කරලා ජොබ් ඉන්ටවීව් 3ක් ෆේල් වුන අධ්‍යක්ෂක අවුරුදු 7ක් ගජමෑන් හදපු හැටි

ඇමරිකාවෙන් කැමරා ගෙනත් ලක්ෂ 750 ක් වියදම් කරලා ජොබ් ඉන්ටවීව් 3ක් ෆේල් වුන අධ්‍යක්ෂක අවුරුදු 7ක් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!