Breaking News
Home / දේශීය පුවත් / සජිත් ප්‍රේමදාසගේ යෝජනාවක් අනුව නැවත තිබු ලෙසම ගොවියන්ට පොහොර සහනාධාරය දීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදෙයි

සජිත් ප්‍රේමදාසගේ යෝජනාවක් අනුව නැවත තිබු ලෙසම ගොවියන්ට පොහොර සහනාධාරය දීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කළ යෝජනාවක් අනුව රජය මෙම තීරණය එළැඹ ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය යටතේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ යෝජනාව ඉදිරිපත් කර ඇත.

ඒ අනුව ‍පොහොර සහනාධාරය ‍පොහොර වශයෙන් ලබාදීම පෙර පරිදිම ක්‍රියාත්මක කෙරෙන අතර වී ගොවීන්ට රුපියල් 500ක්ද අනෙකුත් අතුරු බෝග වගාකරුවන්ට රුපියල් 1200ක්ද වටිනාකමකින් යුක්තව ‍පොහොර සහනාධාරය හිමි වේ.

ජාතික රජය බලයට පත්වීමෙන් පසුව කෘෂිකර්ම අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යංශය කළ ඒකාබද්ධ යෝජනාව අනුව ‍පොහොර සහනාධාරය හිමි මුදල් ගොවීන්ගේ බැංකු ගිණුමට බැර කිරීමට මුලින් තීරණය කර තිබිණි.

About lanka

Check Also

අධිවේගයේ ස්ථාන කිහිපයකට ගංවතුර තර්ජන ඔබ අධිවේගය බාවිතා කරනවානම් අවදානයෙන් බලන්න

>වර්ෂාවත් සමඟ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල – අන්තර් හුවමාරුවෙන් වාහන පිටවීම නතර කර තිබෙනවා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!