Breaking News
Home / දේශීය පුවත් / සජිත් ජලනි බලවේගය කොටස් 7 කට කැඩෙයි,ඉදිරි සති දෙක සජිත් ජලනිට තීරණාත්මකයි

සජිත් ජලනි බලවේගය කොටස් 7 කට කැඩෙයි,ඉදිරි සති දෙක සජිත් ජලනිට තීරණාත්මකයි

මේ වන විට සමගි ජනබලවේගයේ සියලු තීරණ ගනු ලබන්නේ කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ රූපලාවණ්‍යාගාරයක බවයි සජබේ ආරංචි මාර්ග පවසන්නේ. ඒ සජිත් ප්‍රේමදාසගේ බිරිඳ වන ජලනි පේමදාස ගේ ප්‍රධානත්වයෙන් බවයි පැවසෙන්නේ. සජිත්ට වැඩිම සහයෝගයක් තිරය පිටුපස සිට ලබාදුන් පිරිස් ඉවත් කර ඒ වෙනුවට අලුත්ම කාන්තාවක් පැමිණ ඇති බව සජබේ අභ්‍යන්තර තොරතුරු වාර්තා කරන්නන් පවසයි.

ඒ නාවලපිටිය හිටපු නගරාධිපතිනික බව සදහන්. අවිවාහක කාන්තාවක් වන ඇය සම සම කතාවක්ද ඇති බව කියවෙයි. කොළඹ පුරපතිනි රෝසි සේනානායකට මුලින්ම සමීප වී රෝසි මාර්ගයෙන් ජලනි ට සම්බන්ධ වූ ඇය අවසානයේ රෝසිටද පිටුපා වී ඇති බව සදහන්. ඇය පිළිබඳ සියලු තොරතුරු රෝසි විසින් සජිත්ට දැනුම් දී තිබියදී ඒ කිසිවක් ගණනකට නොගෙන ජලනි, ඇය සමගි ජනබලවේගයේ සියළු තීරණ ගන්නා තැනැත්තියක් බවට පත්කර ඇති බව සජබේ ආරංචි මාර්ග පවසයි.

සෑම දිනකම සවස් කාලයේ රූපලාවන්‍යාගාරකදී ජලනි ඇය සහ තවත් කාන්තාවන් කිහිප දෙනෙක් සමග මුණගැසී පක්ෂයේ තීන්දු ගැනීමට යාම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කොටස් 7කට පමණ වෙන් වී ඇති බව සජබේ ආරංචි මාර්ග පවසයි.

පසුගිය විසිවෙනි දා පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා බවට පත්වුවත් සජිත් තම කාර්ය මණ්ඩලයේ පත්වීම් පවා අද වෙනතුරු ලබා නොදෙන තත්වයකට පත්ව ඇති බව සදහන්. පත්වීම් බලධාරියා වී ඇත්තේ ජලනි බවයි පැවසෙන්නේ. එජාපය කඩා සුනුවිසුනු කර සජිත් ඔය තත්වයට ගෙන ඒම සඳහා වැඩිම කාර්යභාරයක් ඉටුකළ ප්‍රධානතම හිටපු මැති ඇමතිවරුන් පස්දෙනෙකු මේ වන විට සජිත් සමග වචනයක් වත් කරන්නේ නැති බවත් සදහන්.

පක්ෂ මූලස්ථානය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයකටද පත්ව තිබියදී, කොළඹ 7 පිහිටි අංක 30 විපක්ෂ නායක කාර්යාලය වහාම ටයිල් යොදා සකසන තුරු තමන් නොපැමිණෙන බව ජලනි විසින් පාර්ලිමේන්තු නිලධාරීන් වෙත දැනුවත් කර ඇති බව විපක්ෂ නායක කාර්යාලයේ තොරතුරු වාර්තා වේ.

සජිත් ජනාධිපති අපේක්ෂකයා වූ මොහොතේ සිට මේ දක්වා සජිත් වෙනුවෙන් සුවිශාල කාර්ය භාරයක් ඉටු කළ යම් වගකීමක් හරි ආකාරව ඉටු කළ හැකි දක්ෂ කිහිපදෙනෙකු ඉලක්කකර ඔවුන්ව පන්නා දැමීමේ සැලැස්මක්ද ජලනි සහ ජලනිගේ සැලෝන් කල්ලිය විසින් ආරම්භ කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී මුණගැසුනු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් මේ පිළිබඳව බරපතල සාකච්ඡාවක් පවත්වා ඇත. තීරණාත්මක කරුණු කිහිපයක් හේතුවෙන් ඉදිරි සති දෙක සජිත් ජලනි බලවේගයට අතිශය තීරණාත්මක කාලපරිච්ඡේදයක් බවයි සජබේ මන්ත්‍රී කණ්ඩායමෙන් වාර්තා වන්නේ. ප්‍රබල චරිත කිහිපයක් පවසා ඇත්තේ ඇතිවී තිබෙන මෙම තත්වය මග හරවා ගැනීමට වහාම සජිත් කටයුතු නොකරන්නේ නම් තමන් බරපතළ තීරණයකට එළඹීමට සූදානම් බවයි.

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!