Breaking News
Home / දේශීය පුවත් / සජිත් ජනාධිපති අපේක්ෂක කම මෛත්‍රිලා සමග හයිජැක් කරන්න යයි

සජිත් ජනාධිපති අපේක්ෂක කම මෛත්‍රිලා සමග හයිජැක් කරන්න යයි

ඉදිරි ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම තමා ඉදිරිපත්වන බව එක්සත් ජාතික පක්ෂයේ නියොජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ තිරප්පනේ – දෙමටෑගම ප්‍රදේශයේ නව උදා ගම්මාන ව්‍යාපෘතියක් ජනතා අයිතියට ඊයේ පත් කරමින්.

මේ අතර එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ලබාදෙන ලෙසට බල කෙරෙන විරෝධතාවක් ඉදිරි සතියේදී කුණ්ඩසාලේදී පැවැත්වීමට කුණ්ඩසාලේ එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානය නම් සංවිධානයක් සූදානම් වනවා.

විශේෂත්වය වන්නේ මොවුන් සියල්ල එජාපය අතහැර මේ වන විට සිරිසේන පාර්ශවයේ සිටින මෛත්‍රී ගුණරත්න වැනි පුද්ගලයන් වේ. සිරිසේන ජනපතිගේ බලය අහිමිවීමත් සමග සජිත් පාර්ශ්වයේ සිටි මෛත්‍රී ගුණරත්න ශිරාල් ලක්තිලක කිරිති තෙන්නකෝන් වැන්නන් වගේම කිලි මහාරාජා වැනි පුද්ගලයින්ද සජිත් ජනපති කර ඊලග වසර 5 ත් ඔවුන්ට අවශ්‍ය න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් සිටි.

ඊයේ දිනයේ තවමත් ද්විත්ව පුරවැසියකු වන ගෝටාබය පොහොට්ටු ජනපති අපේක්ෂකයා කල පසුබිමක අද (12) බදුල්ලේදී නිල නොවන ලෙස ජනපති අපේක්ෂකයා තමන් බව සජිත් විසින් කියාගන්නා රැළියක් පැවැත්වෙයි. මෙහි මුලිකත්වය ගෙන ක්‍රියාත්මක වන්නේ හරින් ප්‍රනාන්දු අජිත් පි වැනි එජාප පිරිස් වේ.

පොහොට්ටුවේ අපේක්ෂකයා තමාට අපේක්ෂක කම ලබා දෙන මෙන් බලෙන් පක්ෂය ඇතුලේ අරගල නොකළ අතර මේ වන විට එජාපයේ සජිත් තමන්ට අපේක්ෂක කම දෙන ලෙස බලෙන් කැරලි ගසමින් සිටීමද විශේෂත්වයක්.

About article14

Check Also

පක්ෂයෙ එකමුතුභාවය වෙනුවෙන් සුවිශේෂි තිරනයක් ගැනීමට සූදානම් – රනිල්

පක්ෂයේ එකමුතු භාවය වෙනුවෙන් තමා ඕනෑම කැප කිරීමකට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!