Breaking News
Home / දේශීය පුවත් / සජිත් ජනපති සිරිසේන අගමැති. සිරිසේනගේ අලුත්ම දේශපාලන ගේම් එක

සජිත් ජනපති සිරිසේන අගමැති. සිරිසේනගේ අලුත්ම දේශපාලන ගේම් එක

ර‍්‍රීලංකා නිදහස් පක්‍ෂය ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන බවට පක්‍ෂ මහලේකම්, කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මැතිවරණ කොමිසමට ඊයේ (05) සවස දැනුම්දුන් බව ශ‍්‍ර‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක සඳහන් කර සිටියේය.

ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්‍ෂකයකු ඉදිරිපත් කළයුතු බවට පක්‍ෂයේ මධ්‍යමකාරක සභාව ගත් තීරණයක් අනුව මෙම දැනුම්දීම කළ බවයි ඔහු සඳහන් කර සිටියේ.

මේ අතර පසුගිය සතියේම එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාසට මීලග ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය එක්සත් ජාතික පක්ෂයෙන් නොලැබෙන්නේ නම් නව පක්ෂයකින් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව තමන් වගකීමෙන් පවසන බව මාතලේ නගරාධිපති රන්ජිත් අලුවිහාරේ සඳහන් කර තිබෙනවා. මේ අලුවිහාරේ පවුලට රනිල් සමග පුද්ගලික ඇරියස් එකක්ද තිබෙන බව කිව යුතුයි.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන රජයේ ප්‍රබල ඇමතිවරයෙක්ගේ මූල්‍යාධාර මත ක්‍රියාත්මක වන එක්තරා සංවිධානයක් විසින් මේ වන විට ඊට අදාලව ටී ෂර්ට් සාම්පලයක් පවා නිර්මාණය කොට එය පසුගියදා ශ්‍රීලංකා නිදහස් පක්ෂ සම්මේලනය අවසන් වීමෙන් අනතුරුව ශ්‍රීලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකරගේ නිවසට ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් එක් රැස්වූ අවස්ථාවේදි නිවසට යවා තිබෙන බවටද තොරතුරු වාර්තා වෙනවා.

තවද වසර 25 ක් පමණ පක්ෂ නායකයා ලෙස සිටි නිසා දැන් හතුරු වී සිටින පිරිසි කලක ඉතා ලගින්ම සිටි උදවිය බව කිව යුතුයි. 2015 ආණ්ඩුව පිහිටවිමේදී ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී කෙනෙක්වත් විය නොහැකි මලික් සමරවික්‍රම රනිල් සමග ලගින්ම සිටි පුද්ගලයා වන අතර බැදුම්කර සිද්දියට තිරය පසුපස සිටින දුෂ්ටයා මොහු බව කොලබ දේශපාලනය දන්නා කරුණක්.

එසේම සිරස කලක් රනිල්ට වැදුම් පිදුම් කල අතර පසුව සජිත් අල්ලාගෙන පන්න පන්නා පහර දෙන්නේ ජාතික ලැයිස්තුවෙන් කිලි යෝජනා කල පුද්ගලයින්ට මන්ත්‍රීකම් නොදුන් නිසා බව දන්නෝ දනිති. එසේම සුජීව මරික්කාර් බුද්ධික රෝසි වැනි චරිත දේශපාලනයට එන්නේ එම සැලසුම් මතයි. 2001 ආණ්ඩුවේ රනිල් ලගම සිටි මිලින්ද මොරගොඩ මහරාජා සමුහයේ අධ්‍යක්ෂ වරයෙක්ව සිට එජාපයෙන් දේශපාලනයට පැමිණ ප්‍රභල ඇමතිවරයෙක් වන්නේද ඒ අනුහසිනි.

ටිරාන් අලස් මෛත්‍රී ගුණරත්න ශිරාල් ලක්තිලක කිරිති තෙන්නකෝන් වැන්නවුන් ද රනිල් සමග ඇරියස් වන්නේ මහාරාජාගේ හෝ මන්ත්‍රී දුර නොදීමේ ඇරියස් එක පමණක් මිස රටේ ජනයාට සේවයක් කිරීමට රනිල් ඉඩ නොදුන්නා යන තර්කය මත නොවේ. මොවුන් සියල්ල කලකදී මහින්ද ලගට ගොස් ඔහුගෙන් සැප පහසුකම් ගන්නේද රටට ඇති ආදරයකට නම් නොවේ.

කෙසේ වෙතත් හිතුමතේට ව්‍යවස්ථා විරෝධිව පාර්ලිමේන්තුව විසුරවා අගමැතිවරයෙක් පත් කිරීමට තරම් ඉතිහාසයේ උන්මන්තක දේශපාලන තීන්දු ගත් සිරිසේන මෙසේ ශාන්ත දාන්තව දුරයෙන් ගෙදර යන්නේනම් නැති බව අනිවාර්යයි. එනිසා මීලග තුරුම්බුව ඔහු සම්මේලනයේ හෙලිකලා.

ඒ දැන් ප්‍රභල අගමැති දුරය නිසා එය ඔවුන් ලබාගන්නා බවයි. එසේනම් ජනපතිවරණයටත් ඔවුන් තරග කරන බව පවසා ඇති අතර එය තවත් සති කිහිපයක් යන විට සජිත් හා සමග එජාපයේ කොටසක් කඩාගෙන සිරිසේන සමග අලුත් දීගයක් ආරම්භ කිරීමට බොහෝ ඉඩකඩ ඇති බව මෑත කාලයේ නොව මිට වසරක පමණක පෙර කොලබ දේශපාලනයේ අළු යට තිබු ගිනි පුපුරකි.

සජිත් කෙසේ හෝ ජනපතිවරණයට එන බව සජිත් කල්ලිය පවසන්නේ මේ අරමුණු ඇතිව විය හැකි. කෙසේ වෙතත් ඉදිරි සති කිහිපය ලංකාවේ දේශපාලනයේ ඉතිහාසයේ කිසිම දිනක සිදු නොවූ කාරනා සිදු විය හැකි අතර මෙවර ජනපතිවරණය කවරදාටත් වඩා ව්‍යාකුල එකක් වනු ඇති.

About article14

Check Also

කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර මුදල් නැවත ඉල්ලා වර්ජකයන්ට ගුටි පුජාවකට ජනතාව සැරසෙයි

කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්වයක් මතුවී තිබෙනවා. දුම්රිය මගීන් විසින් ප්‍රවේශ පත්‍ර හා වාර ප්‍රවේශ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!