Breaking News
Home / දේශීය පුවත් / සජිත් ගෝඨා හමුවේ දකුණෙන් ලැබූ අන්ත පරාජය නායකයා වූ විට වෙනස් වන්නේ කෙසේදැයි විමසයි

සජිත් ගෝඨා හමුවේ දකුණෙන් ලැබූ අන්ත පරාජය නායකයා වූ විට වෙනස් වන්නේ කෙසේදැයි විමසයි

ජනාධිපතිවරණයේදී දකුණු පලාතේ (ගාල්ල,මාතර, හම්බන්තොට දිස්ත්‍රික් ) ජන්ද ප්‍රතිඵලය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගත් වැඩි ජන්ද සංඛ්‍යාවට වඩා සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් මුළු ජන්ද සංඛ්‍යාව අඩු බව හෙළි වී ඇත

ජනාධිපතිවරණයේදී දකුණු පලාතේ ජන්ද ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් මුළු ජන්ද සංඛ්‍යාවට වඩා ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගත් වැඩි ජන්ද සංඛ්‍යාව ලක්ෂ 6 ට අධිකය.

මේ බව හෙළි වී ඇත්තේ සිවිල් සමාජය නියෝජනය කරන විද්වතුන් කණ්ඩායමක් විසින් ඉකුත් ජනාධිපතිවරණ ජන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ට බාරදුන් විශ්ලේෂණ වාර්තාවක් අනුවය.

උතුරු නැගෙනහිර හැරුණු කොට අනෙකුත් පළාත් හතෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සියයට 66 ක ජන්ද ප්‍රතිශතයක් ලබාගනිද්දී සජිත් ප්‍රේමදාස මහතා ලබාගෙන ඇත්තේ සියයට 25 ක ජන්ද ප්‍රතිශතයක් බව ද පක්ෂ නායකයින්ට දුන් ඉහත විශ්ලේෂණ වාර්තාවේ දැක්වේ .

ජනාධිපතිවරණ ජන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් නිකුත් කළ මෙම විශ්ලේෂණ වාර්තාව ජනාධිපතිවරණය ට තරග කළ සියලු පක්ෂ නායකයින්ට දීමට ද මෙම විද්වත් කණ්ඩායම පියවර ගෙන තිබේ .

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අඅපේක්ෂකයා ට උතුරු – නැගෙනහිර ජන්ද නොලැබීමේ පැහැදිලි වෙනස මෙන්ම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපෙක්ෂකයා ට දකුණේ ජන්ද ප්‍රබලව අඩුවීමත් මෙම වාරතාවේ සවිස්තරව දක්වා තිබේ.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සුළු ජාතික ජන්ද නොලැබීම ගැන පෙන්වා දෙන ඉහත වාර්තාව එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතාට දකුණේ සිංහල බෞද්ධ ජන්ද මෙන්ම මධ්‍යම පාන්තික ජන්ද අඩුවීම ගැන ද දක්වා ඇත.

මේ ප්‍රතිපලය මත සුළු ජාතික පක්ෂ නායකයින් සජිත් නායකයා කර එජාපයේ තනතුරු හා බලය ඇල්ලීමේ මහා කුමන්ත්‍රණයක නියැලී සිටින අතර එයට සුළුජාතික මාධ්‍ය හිමිකරුවකුද මුලිකව සම්බන්ධ සිටින බව සදහන්. එසේම දෙමල ජාතික සන්ධානය ප්‍රථම වරට එජාප සන්ධානය සමග එක්වී මුළු ලංකාවටම ඉල්ලීමට සැලසුම් කර අහ්තේද මෙහි සැලැස්මක් අනුව බවයි වාර්තා වන්නේ. එයින් සිදුවන්නේ දකුණේ දෙමල ජනයා සිටින ප්‍රදේශවල අමතර මන්ත්රිදුර දෙමල සන්ධානයට හිමිවී ජාතික ලයිස්තුවේද අමතර වාසියක් හිමිකරගැනිමයි.

බොහෝ සාමාන්‍ය ගමේ එජාප පාක්ෂිකයින් නොදන්නා විශාල කුමන්ත්‍රණයක් එජාපය කෙරෙහි බාහින් ක්‍රියාත්මක වන අතර ලංකාවේ විශාලම පක්ෂයේ බලය ඇල්ලීමට සජිත් ඇතුළු ඔවුන්ගේ පදේට නටන රුකඩ පිරිස වැඩි කරගැනීමට ව්‍යාපාරික කුමන්ත්‍රණ කාරීන් කටයුතු කරමින් සිටින බවයි එජාප විශ්ලේෂකයින් පවසන්නේ

About article14

Check Also

2020/02/25 අගහරුවාදා ප්‍රධාන පුවත් පෙළගැස්ම

2020/02/25 අගහරුවාදා ප්‍රධාන පුවත් පෙළගැස්ම පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!