Breaking News
Home / දේශීය පුවත් / සජිත් උදාගමක් හදන්න කියලා විනාශ කරලා තියෙන්නේ එළාර- දුරුගැමුණු අවසන් සටන කල තැන. පුරාවස්තු විනාශයි

සජිත් උදාගමක් හදන්න කියලා විනාශ කරලා තියෙන්නේ එළාර- දුරුගැමුණු අවසන් සටන කල තැන. පුරාවස්තු විනාශයි

එළාර – දුටුගැමුණු රජවරු අන්තිම සටන පැවති පුරාවිද්‍යා භූමිය තුළ නිවාස ඉදිකිරීම සඳහා බව පවසමින් ඩෝසර් කර පුරා වස්තු විනාශ කළ පුද්ගලයන්ට පුරාවිද්‍යා පනත වහාම ක්‍රියාත්මක කරන්නැයි බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ රජයෙන් ඉල්ලා සිටිති.

අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විජිතපුර බලකොටුවට ආසන්නයෙන් පිහිටා ඇති බැලුම්ගල නම්වූ පුරාවිද්‍යා භූමිය නිවාස සංවර්ධන අධිකාරිය මඟින් යන්ත්‍ර සුත්‍ර යොදා පුරාවිද්‍යාත්මක ස්මාරක විනාශ කොට ඇතැයි පසුගිය දා මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමත් සමඟ ඊයේ(7) දින පස්වරුවේ බොදු බල සේනා සංවිධානය සහ තවත් බෞද්ධ සංවිධාන නියෝජනය කරන භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ම එම ස්ථානයට පැමිණ සිදුව ඇති විනාශය පිළිබඳව නිරීක්ෂණය කරන්නට වූහ.

භික්ෂූන් වහන්සේලාගේ නිරීක්ෂණයේදී මෙහිදී තවදුරටත් නිධන් හෑරූ ස්ථාන රැසක් අනාවරණය විය. විශාල ගල් ආරුක්කුවලින් ගල් පියන්වලින් වසා ඇති ස්ථාන හාරා ඇති අයුරු මෙහිදී භික්ෂූන් වහන්සේලා විසින් සොයා ගත්තේය.

බැලුම්ගල නමින් හඳුන්වන ගල්තලාවට ගොඩ වු ස්වාමීන් වහන්සේලා පහළ සිට බැලුම්ගල නම් වූ ගල් තලාවට ගොඩවීම සඳහා ඉපැරණි පඩිපෙල් සහිත ස්ථානය සොයා ගැනීමද මෙහිදී සිදු කෙරිණි.

බැලුම්ගල නම් වූ ස්ථානයට ගොඩ වූ විට අනුරාධපුර විජිතපුර අව්කන රිටිගල උස්ගල ආදී අවට සම්පූර්ණ ප්‍රදේශය දර්ශනය වීම දැක ගැනීමට හැකියාව ලැබිණි.

මේ ස්ථානය එළාර රජු හා සේනාව විසින් දුටුගැමුණු රජුට හා සේනාවට පහරදීමට යොදාගත් හා ඔවුන්ගේ අවි ගබඩාව තිබු ස්ථානය ලෙස ගම්මු හඳුන්වති.

මේ ස්ථානයෙන් අන්තිම සටනේදී එළාර රජු පරාජය වීමත් සමඟ බලකොටුව තුළ විහාර ආරාම කරවා මහා සන්ගරත්නයට පුජා කොට ඇතැයි ජනප්‍රවාදයේ සඳහන් වෙයි.

පුරාවස්තු විනාශය පිළිබඳව සොයාබැලූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මාධ්‍යවේදීන් අමතමින් සඳහන් කර සිටියේ මෙවැනි විනාශයන් පිළිබඳව මාධ්‍ය මඟින් හෙළිදරව් වීම නිසා රටේ ජනතාව දැනගත හැකි වූ බව ය.

එනිසා මාධ්‍යයට ස්තූතිවන්ත වන බවද උන්වහන්සේ සඳහන් කළහ.

මෙම පුරාවිද්‍යා භූමිය විනාශ කිරීම නිදහන් ගැනීමේ ක්‍රියාවලිය දර්ශනය වන බවත් වහාම මෙම විනාශය සිදු කළ සියලු දෙනාට දඬුවම් ලබා දීම සිදු කළ යුතු යැයි ද පුරාවිද්‍යා ආඥා පනත යටතේ මෙම පිරිසට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වහා ක්‍රියාත්මක විය යුතු යැයි උන්වහන්සේ සඳහන් කළහ.

මෙම පුරාවස්තු විනාශය පිළිබඳ පිටුපස ආගම්වාදය ජාතිවාදය නොමැති බවත් රජයේ නිලධාරීන්ගේ තනතුරු හරහා තවත් කණ්ඩායමක් බොර දියේ මාළු බාමින් නිදන් හැරීම සිදු කර ඇති බවද මෙනිසා මෙරට සුවිශාල වූ අතීතයක සටහන් විනාශ කිරීමක් සිදුව ඇති බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

මේ අවස්ථාවට එක් වූ ප්‍රදේශවාසීන් මහ සඟරුවන ඉදිරියේ කියා සිටියේ මේ ස්ථානය නිධන් හොරුන්ගේ ග්‍රහණයට නතු වන ස්ථානයක් බවය.

රාජ්‍ය නිලධාරීන්ට මේ ආකාරයෙන් යන්ත්‍ර සූත්‍ර යොදා ගෙන විනාශ නොකරන ලෙස දැනුම් දුන් බවත් එහෙත් රජයේ නිලධාරීන්ගේ ගෝලයින් සහ පිරිස තමන්ට ගම්මුන්ට බැන වැදුණු බව ද ඔවුන් මහා සංඝරත්නයේ වහන්සේලා ඉදිරියේ කියන්නට වූහ.

 

 

About article14

Check Also

ලක්ෂමන් යාපා ඇතුළු පොහොට්ටුව දෙමල සන්ධානය හා එජාපය අතර රහස් ගිවිසුමක් ඇතැයි දිගින් දිගට බොරු කිවොත් නාමල් හා පොහොට්ටුව තමන්ට දුන් පොරොන්දු හෙළි කරන්න යයි

එක්සත් ජාතික පක්ෂය සමග රහස් ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කලහොත් පොදුජන පෙරමුණ තමන්ට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!