එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදි පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග බහින් බස්වී නැගිට ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) පාර්ලිමේන්තුවේදි එකම ලග සිටිමින් මන්ත්‍රී කණ්ඩායම මෙහෙයවා ඇත.
පාර්ලිමේන්තුවේදි ලබන සතියේ විවාදයට ගැනෙන වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් පැවැති වැඩමුළුවකදී මෙලෙස රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා මූලාසනයේ එක ලග අසුන්වල සිටිමින් සුහද කතා බහක නිතරවූ බව එ.ජා.ප ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු පවසයි.
සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා විවිධ අවස්ථාවල විවධ චරිත ඇත්තෙක් බවත් ඔහු විශ්වාස කර තක්සේරුවක් කිරීමට ඔහුගේ පිලටවත් හරිම අසීරු කාරනාවක් බව සජිත් පිලේම මන්ත්‍රීවරු පවසනවා. නායකයකු ලෙස යම් හොද හෝ නරක ලෙස ස්ථාවර තක්සේරුවක් කිරීමට තරම් ගුණාංගයක් තිබිය යුතු වුවත් අවසන් වසර 5 තුල දිනපතා සිරිසේන හිටපු ජනාධිපති සමග රාත්‍රී ආහාර ගෙන ඉගනගත් දේ නිසාදෝ සිරිසේන මෙන්ම තක්සේරු කල නොහැකි පුද්ගලයකු බවට සජිත් පත්ව ඇතැයි ඔහුට හිතවත් මන්ත්‍රීවරු පවසමින් යයි.
ලබන 19 දා හා 20 දා පාර්ලිමේන්තුවේදි මහබැංකු බැදුම්කර ගණුදෙනුවලට අදාළව නිකුත් කළ වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වෙන අතර ඊට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සුදානම් කිරීමේ වැඩමුළුවක් අද (11) පාර්ලිමේන්තු සංකීර්ණයේදි පැවැත්විනි.
විපක්ෂ නායක කාර්යාලය සංවිධානය කළ මෙම වැඩමුළුවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් බහුතරයක් සහභාගී වී තිබේ. මෙහිදි ආචාර්ය හර්ෂ ද සිල්වා, රවි කරුණානායක, මංගල සමරවිර යන මහත්වරුන් බැදුම්කර ගණුදෙනු සම්බන්ධයෙන් විවාදයේදි කතා කළ යුතු දේ ගැන මන්ත්‍රීවරු දැනුම්වත් කර තිබේ.