එජාප නායකත්වය ප්රශ්නය විසදෙන තෙක් බලා නොසිට අලුත් සන්ධානයක් සදා එහි නායකයා සජිත් කර මීලග මැතිවරණයෙන් සජිත් අගමැති කරන බව සජිත් පිලේ ප්‍රභලයෙක් වන නලින් බණ්ඩාර පවසනවා.
ජනපති වුවොත් සජිත්ගේ ආණ්ඩුවේ අගමැති වීමට සිටි රන්ජිත් මද්දුම බණ්ඩාර ලංකාදීපයට පවසා තිබුනේ එජාපය හැර වෙනත් පක්ෂයක් සජිත් සැදීමට කටයුතු කරමින් සිටින බවයි. එය තවත් තහවුරු කරමින් නලින් බණ්ඩාර පවසන්නේ ඔවුන් වෙනම සන්ධානයක් සදාගෙන යන බවයි.
මේ වන විට ලැබෙනකම් විශ්වාස නැති බව පවසමින් රට පුරා සජිත් කියමින් ගිය විපක්ෂ නායකකමත් ලැබී ඇති නිසා ඔවුන්ට වෙනදාට වඩා බලයක් ලැබී ඇති නිසා මහින්ද විසින් පොහොට්ටුව සදා ඉදිරියට පැමිණියා මෙන් සජිත්ද වෙනම පක්ෂයක් සාදාගෙන විපක්ෂ නායක ලෙස ඉදිරියට පැමිණීමට සැලසුම් කර ඇතැයි වාර්තා වනවා.
කරුගේ නායකත්ව මණ්ඩල නායක කම පිළිගැනීමට සජිත් ඇතුළු කණ්ඩායම සුදානම් නැති බව සජිත් එජාපයට දන්වා තිබෙනවා.
මේ නලින් බණ්ඩාර වෙනම ගමනක් යාමට සුදානම් බව පැවසු මාධ්‍ය හමුව.