Breaking News
Home / දේශීය පුවත් / සජිත්ගේ හදවතේ බොරුව මැතිවරණ කොමසාරිස් හෙළි කරයි

සජිත්ගේ හදවතේ බොරුව මැතිවරණ කොමසාරිස් හෙළි කරයි

එජාප නීති ලේකම් නිස්සංක නානයක්කාර අද (14) සවස මැතිවරණ කොමසාරිස් මුණගැසීමට ගොස් ඇති අතර එහිදී දැනට අර්බුධයකට ලක්ව ඇති සජිත් පාර්ශවයේ ඒකමතික තීරණ පිහිටවීමට යන සන්ධානය හා ලකුණ පිළිබද සාකච්චා කර තිබෙනවා.

එහිදී කොමසාරිස් වරයා පවසා ඇත්තේ සමගි ජාතික බලවේගය නමින් පක්ෂයක් හෝ හදවත ලකුණ කිසිවකුට ලබා දීමක් හෝ කර නැති බවයි. සජිත් කල්ලිය මාධ්‍ය හමු පවත්වමින් සන්ධානය ලියාපදිංචි කර අවසන් බව ඒත්තු ගැන්වීමට උත්සහා කලත් අපේ ජාතික පෙරමුණ යන පක්ෂයේ තවමත් නම හෝ ලකුණ වෙනස් වී නැති බවයි.

මේ වන විට එජාපය සමග විශාල ආරවුලක් හා පක්ෂයට දැඩි පීඩනයක් ගෙන ඒමේ අරමුණින් බොරු සමාජ ගත කරමින් සන්ධානයක නායකයෙක් හා එම නායකයා විසින් ලේකම් වරයෙක්ද නම් කරගෙන අවසන්. එහෙත් එවැනි සන්ධානයක් නිත්‍යානුකුලව ලියාපදිංචි කර හෝ සියල්ල එකගව පිහිටා අවසන් නැ.

ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට මාධ්‍ය මගින් අසීමිත බොරු වපුරා බලහත්කාරෙන් සජිත් කල්ලිය ලබාගත්තා මෙන්ම එජාපය වක්‍ර ආකාරයෙන් කුඩා කල්ලියක ග්‍රහණයට හසුකරගනිම්ට වතුරබට මුදලාලි හා හිටපු රටේ නායකයකුගේ උපදේශකයන් පිරිසක් සමගින් පුද්ගලික කෝන්තරයක් පිරිමැහිමට විශාල උත්සහයක් දරමින් සිටින වගයි ආරංචිමාර්ග සදහන් කරන්නේ.

සජිත් කල්ලිය කිසිම විනයානුකුලව හා වැදගත් ආකාරයට සෘජුව සාමකාමිව ප්‍රශ්න විසදන ආකාරයක් නොපෙනනෙන අතර ගමේ චන්ඩි පාට් දමා පක්ෂය ලැජ්ජාවට පත්කර අරාජික කිරීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් ද කරන පිරිසක් මෙහි සිටින බවයි අභ්‍යන්තර ආරන්චිමාර්ග සදහන් කරන්නේ.

හදවත ලකුණ ලෙස ගන්නා ලෙස මුළු රටටටම පවසා පසුව හංසයාට එකගවිමට සජිත් කල්ලිය සැලසුම් කර තිබෙනවා. මේ සජිත් කල්ලිය තුල සිටින ආණ්ඩුවට හිතවාදී පිරිසගේ එකම අරමුණ වී ඇත්තේ එජාපය අපකීර්තියට පත්කර එම කදවුර දියාරු කිරීමේ දැවැන්ත දේශපාලන කුමන්ත්රණයක් ක්‍රියාත්මක බවයි එජාප ආරංචි මාර්ග සදහන් කරන්නේ

About article14

Check Also

යාල හෝටලයේ කොවිඩ් ආසදිතයාගේ සජිත් දෙවන පෙළ ආශ්‍රිතයෙක්

යාල හෝටලයේ කොවිඩ් ආසදිතයාගේ විපක්ෂ නායක සජිත් දෙවන පෙළ ආශ්‍රිතයෙක් බව සෞඛ්‍ය ඇමති පවිත්‍ර පැවසීමත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!