Breaking News
Home / දේශීය පුවත් / සජිත්ගෙන් නව පක්ෂයක් සමග සන්ධානයක් – මද්දුමබණ්ඩාර සනාත කරයි

සජිත්ගෙන් නව පක්ෂයක් සමග සන්ධානයක් – මද්දුමබණ්ඩාර සනාත කරයි

ලංකාදීපයට ප්‍රකාශයක් කරමින් මෙවර ජනපතිවරණය ජයගත්තානම් සජිත්ගේ ආණ්ඩුවේ අගමැති වීමට සිටි රන්ජිත් මද්දුමබන්ඩාර පවසා සිටින්නේ එජාපය හැර වෙනත් පක්ෂයක් පිහිටුවා සන්ධානයක් තුලින් තරග කර සජිත් අගමැති කරන බවයි.

ඒ මේ වන විට නායකත්ව මණ්ඩලයක් සාදා එහි නායකත්වය කරුට දීමට එරෙහිව වන අතර සජිත් හා ඔහුගේ පිල දැඩිව පවසන්නේ එම මණ්ඩල කතා නැතිව නායකත්වය සජිත්ට අවශ්‍ය බවයි. එහෙත් පක්ෂය සමගි කර නව සැලැස්මක් සකස් කර 2025 වන විට සම්පුර්න නායකත්වය සජිත්ට ලබා දීමට රනිල් කතිකා කලත් එයට සජිත් එකග නැති බවයි පවසන්නේ.

රන්ජිත් මද්දුමබණ්ඩාර පවසන්නේ එජාප නායක කම නොලැබෙන නිසා නව පක්ෂයක් ඉදිරි සති කිහිපය තුල සදා නව සන්ධානයක් ඇති කර සජිත් අගමැති කරන බවයි.

මෙවර මහමැතිවරණයට එම සන්ධානයේ සටන් පාඨය වන්නේ ගෝඨා ජනපති – සජිත් අගමැති යන්නයි. මේ වන විට ඒ පිළිබද පොහොට්ටුව හා මහින්ද දැඩි විමසිල්ලෙන් සිටින බව පැවසෙන අතර එයට අගමැති මහින්ද දැඩි විරෝධය දක්වමින් සිටින බවයි වාර්තා වන්නේ.

රනිල් කකුලෙන් ඇද සජිත් පරාද කලායයි රට වටේ රැස්වීම් පවත්වන සජිත් හා ගම්වල ගෙයින් ගෙට ගොස් සජිත් පිලේ පිරිස් විශාල මඩ ව්‍යාපාරයක් ගෙන යන අතර ප්‍රධාන විරුද්ධවාදියා සමග ආණ්ඩු පිහිටවා තනතුරු ලබා ගැනීමට විශාල සැලැස්මක් මේ වන විට සජිත් පිල ක්‍රියාත්මක කිරීමට සුදානම් බවයි ආරංචිමාර්ග පවසන්නේ.

එවිට ඩිල් ඇත්තේ කවුරුන් කවුරුන් සමගදැයි වැටහෙන බව පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමක් ඊයේ දිනයේදී මුණගැසී සාකච්චා කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් එජාපය කඩාගෙන වෙනත් පක්ෂයක් ඉදිරි දින කිහපය තුල සජිත් ප්‍රේමදාස ගොඩනගනු ඇති අතර ඔහුගේ පියාද එජාපය දෙකට කඩා ආදර්ශයක් දී ඇති නිසා එසේ නොකලොත් මොහු නොට්ටිගේ පුතා වන නිසා සජිත් සිරසේ කිලිගේ සහයෙන් පක්ෂය ගොඩනැගීමට දැනටමත් මුලික කටයුතු සකස් කර අවසන් කර ඇත.

About article14

Check Also

සජබෙට ගිය 54 ක් එජාපෙන් දොට්ට දමද්දී 48 ක් නායකයා සමග සාකච්ඡා

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපූ සමගි ජනබලවේගයෙන් තරඟ කරන අපේක්ෂකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!