Breaking News
Home / දේශීය පුවත් / සජබේ යනු එජාපෙ කොටසක් නොවන බව තින්දුයි ප්‍රාදේශීය මන්ත්‍රීලා දොට්ට

සජබේ යනු එජාපෙ කොටසක් නොවන බව තින්දුයි ප්‍රාදේශීය මන්ත්‍රීලා දොට්ට

සමගි ජන බලවේගය පිහිටු වීම සම්බන්ධව එහි මහ ලේකම් ප්‍රමුඛ නායකයින් උසාවියට කරුණු වසන් කරමින් බොරු කියා තිබෙන බව උසාවි තීන්දුවෙන් සනාථ වන බව එක්සත් ජාතික පක්ෂයේ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේය.

සන්ධානයක් මිස පක්ෂයක් හැදිමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අනුමැතිය ලබාදී නැති බව පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධව අනවබෝධයෙන් කටයුතු කල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සහ වෙනත් අය සිටී නම් ඒ අයට දැන් පක්ෂය සමග එක් වීමට අවස්ථාව තිබෙන බවට පෙන්වා දුන්නේය.

වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කලේ 24 සහ 25 දින වල ඌව පළාතේ සහ නුවර එළිය දිස්ත්‍රික්කයේ ජන හමු කිහිපයකට එක් වෙමිනි.

වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 24 වෙනි දින වැල්ලවාය, බදුල්ල සහ ඌවපරණගම ප්‍රදේශවල ද 25 වෙනිදා නුවර එළිය සහ හැටන් යන ප්‍රදේශ වල ජන හමු පැවැත් විනි.

එම ජන හමු අමතා තව දුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

කොරෝනා සම්බන්ධව ආණ්ඩුව බොරු කිව්වා. රටේ කොරෝනා නැහැ කිව්වා. නමුත් කොරෝනා රෝගින් නොයෙක් තැන්වලින් මතු වෙන්න පටන් ගත්තා. තව කොපමණ සමාජයේ ඉන්නවාද කියන්න දන්නේ නැහැ. කොපමණ සංඛාවක් සඟවාගෙන ඉන්නවාද කියා අපි දන්නේ නැහැ. ඒ ගැන පරික්ෂණ පවත්වන්න ආණ්ඩුව අකමැතියි.

කොරෝනා නිසා මෙවර මැතිවරණ රැස්වීම් අඩු පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන්න අපට සිදුව තිබෙනවා. නමුත් ජනාධිපතිට සහ අගමැතිට ඒ ප්‍රශ්ණය නැහැ. ඔවුන්ගේ රැස්වීම් වලට බස් වල පොල් පැටෙව්වා සේ සෙනග අදිනවා. මැතිවරණයට අදාල සෞඛ්‍ය නිර්ණායක ඇතුලත් ගැසට් එක සම්බන්ධව අද ප්‍රශ්ණ මතුව තිබෙනවා. එහි තිබෙන අඩුපාඩු නිසා පී.එච්.අයි. මහත්වරු වර්ජනයක නිරතව සිටිනවා. මේ වර්ජනයට විසඳුම් ලබා දෙන ලෙස මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

කොරෝනා වෛරසය සමග ඇතිවු ආර්ථික අර්බුදයට මේ ආණ්ඩුවට මුහුණදිමට නොහැකි වි තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල ආණ්ඩු කොරෝනා වෛරසය සමග ඇතිවූ ආර්ථික අර්බුදයට විසදුම් සෙවිමට ක්‍රියා කළා. එම ආණ්ඩු ජනතාවට මුදල් ලබාදුන්නා. ව්‍යාපාර වලට උදව් කළා. රැකියා අහිමි වු අයට ආධාර කළා. ඒ සදහා විවිධ වැඩ සටහන් හඳුන්වා දුන්නා. නමුත් අපේ රටේ එවැනි කිසිදු වැඩ සටහනක් ඇති කලේ නැහැ.

මෙවැනි පසුබිමක රටේ අද උද්ගතව තිබෙන ප්‍රශ්න වලට සාර්ථක විසදුම් ඇතිව මේ මැතිවරණයට ඉදිරිපත්ව සිටින එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය පමණයි. ඒ නිසා අපේ සැලසුම් ක්‍රියාත්මක කර කොරෝනා වෛරසය මෙන්ම ආර්ථික අභියෝගය ද ජයගෙන ඔබේ ප්‍රශ්න විසඳා ගැනිම සදහා එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවීමේ වරම ලබා දෙන ලෙස ලක්වාසි ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා.

රට හමුවේ ඇති අභියෝග ජය ගැනිම සදහා ප්‍රතිපත්ති ප්‍රකාශයට ඔබ්බෙන් ගිය සැලැස්මක් අප ඉදිරිපත් කළා. ඉදිරි අවුරුදු දෙක තුන ඇතුලතදි මේ ප්‍රශ්න සියල්ලටම විසදුම් ලබාදිමට අපට හැකියාව තිබෙනවා.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ලොව සෑම රටකටම මුහුණ දිමට සිදුව තිබෙන දරුණුම අභියෝගයට අද අප ද මුහුණදී සිටිනවා. මේ අභියෝගයට මුහුණ දීමට අපි ලෑස්ති වුණත් වෙනත් අය ලැස්ති නැහැ. ඇතැම් අය විපක්ෂ නායකකම ගන්න හදනවා. සමහරු සිරිකොත පක්ෂ ගොඩනැගිල්ල අල්ලා ගන්න හදනවා. අද තිබෙන මේ ප්‍රශ්න වලට එය විසදුමක් නොවෙයි.

අද ඇතැම් අය ප්‍රකාශ කරනවා මේ වතාවේ අපට විපක්ෂයේ බලය දෙන්න ඊලඟ වතාවේ ආණ්ඩු බලය දෙන්න කියා. නමුත් ඒ සදහා තව අවුරුදු පහක් සිටිය යුතුයි.

1947 දි ඩි.එස්. සේනානායක මැතිතුමා සිදුකළ ප්‍රකාශය මට සිහිපත් වෙනවා. එතුමා එදා ප්‍රකාශ කළේ, එක්සත් ජාතික පක්ෂය ඇති කළේ රට ආරක්ෂා කරන්න යි. අද අපි ඇවිත් තමුන්නාන්සේලා ගෙන් වරමක් ඉල්ලනවා. ආණ්ඩුවක් හදන්න. ඒ වරම දෙනවා නම් අපි ආණ්ඩුව හදනවා. වරම නොලැබෙනවා නම් අපි විපක්ෂයේ ඉන්නවා. ඒත් අපේ මුලික වැඩ කටයුත්ත විපක්ෂයේ ඉන්න නෙවෙයි. අපේ මුලික වැඩ කටයුත්ත වරමක් ඉල්ලා ආණ්ඩුවක් හැදිමයි. එලෙසයි එදා මේ ක්‍රමය ක්‍රියාත්මක වුනේ. ඒ අනුව අද එක්සත් ජාතික පක්ෂය ඔබ ඉදිරියට පැමිණ ඒ වරම ඉල්ලා සිටිනවා.

අද සමහරු එක්සත් ජාතික පක්ෂ දෙකක් තිබෙන බව ප්‍රකාශ කරනවා. තවත් සමහරු බලවේගයක්ද ගෑස් සිලින්ඩරයක්ද කියන එකේ සාමාජිකත්වය ගන්න එක්සත් ජාතික පක්ෂය ඉඩදුන් බව ප්‍රකාශ කරනවා. මේ සම්බන්ධව එහි ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර උසාවි ගියා. මාවත් උසාවියට ඇදගෙන ගියා. ප්‍රථමයෙන් දිස්ත්‍රික් උසාවියට ගිය පසු එතැනින් පරාද වුණා. ඉන්පසු අභියාචනාධිකරණයට ගියා. එතනිනුත් පරාජයට පත්වණා.

රංජිත් මද්දුම බණ්ඩාර ලේකම්වරයා සැම අධිකරණයකටම ගියා. තවත් උසාවි ගණනාවකට යන බව ඒ අය ප්‍රකාශ කරනවා. මා මේ අයට කියා සිටින්නේ ලංකාවේ බැරිනම් ජාත්‍යාන්තරය අධිකරණය දක්වා යන ලෙසයි. ඊටත් ඉහලින් යමක් තියෙනවා නම් ඒකට හරි කමක් නෑ යන්න. සක්‍ර දෙවියන් ලඟට හෝ කමක් නැ යන්න. ඒ කිසිවක් අප නතර කරන්නේ නැහැ.

About article14

Check Also

සියලු තීරණ ගන්නේ ජලනි, එජාපෙ කැඩූ ජේෂ්ඨයන් අවුලෙන්, සජබෙන් ඉවත්වී ස්වාධින වනවා මුස්ලිම් කොන්ග්‍රසය කියයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පාර්ලිමේන්තු කටයුතු වලදී ස්වාධීනව කටයුතු කිරීමටත් අවධානය යොමු වී ඇති බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!