Breaking News
Home / දේශීය පුවත් / සජබේ මඩ කරියන් පචවෙයි. න්‍යාය පත්‍රය ලදපසු එජාපෙ රැස්වීම වර්ජනය කරයි

සජබේ මඩ කරියන් පචවෙයි. න්‍යාය පත්‍රය ලදපසු එජාපෙ රැස්වීම වර්ජනය කරයි

4 හෙට අරලියගහ මැදුරේ පැවැත්වීමට නියමිත හිටපු පාර්ලිමේන්තුවේ 225 ම හමුවනවා යයි මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර ඇති හමුවට එජාපය සහබාගි නොවන බව එජාපය දන්වා සිටිනවා. ඒ සියලු තොරතුරු දැනගැනීමත් සමගයි. එනම් පසුගිය පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු 225 පමණක් නොව කලින් පාර්ලිමේන්තුවල සිටි විශ්‍රාමික පුද්ගලයන්ද එම හමුවට කැදවා ඇති නිසයි.

ජවිපෙ මුලින්ම මෙම හමුව ප්‍රතික්ෂේප කලේ සෙල්ලම් ගෙවල් වල කරන්න දෙයක් නැත කතා කරන දෙයක් පාර්ලිමේන්තුවේ කතා කරමු යනුවෙන් පවසමින්. පසුව එජාපය කඩාගෙන ගොස් වෙනම පක්ෂයක් සාදාගත් සජිත්ගේ සජබේ එම රැස්වීමට නොයන බව ඊයේ 3 දන්වා තිබුනා.

කෙසේ වෙතත් ජවිපෙ මෙන් එම රැස්වීම ප්‍රතික්ෂේප කර ප්‍රතිපත්තිමය වශයෙන් තමාගේ ස්ථාවරය පවසා අනෙකාගේ තීරණ තමන්ට අදාළ නොවන ලෙස සිටියත් සජිත් ප්‍රේමදාසගේ සජබේ විසින් එජාපයට මඩ වැපිරීම ආරම්භ කළා.

එජාපයේ ස්ථාවරය පක්ෂයක් ලෙස ප්‍රකාශ කර නැති අවස්තාවක ඔවුන් අනිවාරෙන් යනවා ගිහින් කළු කොපි බොනවා මහින්ද රනිල් ඩිල් කියමින් එජාපයේ පාක්ෂිකයන් කඩා ගැනීමේ අමන දේශපාලනයේ නිරතවෙමින් ඇති අතර දහවල් වල විට සමහරුන් මාධ්‍ය සාකච්චා පවත්වාද මඩ ගැසුවේය.

එහෙත් රටේ හදිසි තත්වයක් නිර්මාණය වී ඇති මොහොතේදී ජනතාව දේශපාලනය ව්‍යවස්ථා පිළිබද අවධානයෙන් සිටියදී එකවරම හරිහැටි කරුණු නොදැන එම රැස්වීම ප්‍රතික්ෂේප කර නොතිබුනත් විශ්‍රාම ගිය සියල්ල කැදවා කරන්නට යන නාඩගම වටහා ගැනීමට නොහැකි නිසාවෙන් එම සහබාගිත්වය එජාපය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

225 රැස්වන්නේ ඇයි බෙහෙත් හොයන්නද යනුවෙන් අවඥාවට ලක් කල පිරිස් විසින් 225 ටත් එහා ගොස් හිටපු පාර්ලිමේන්තුවල විශ්‍රාමික කණ්ඩායම්ද මෙයට කැදවාගත්තේ බෙහෙත් ගොඩක් හොයාගන්නදැයි නොදනී. කෙසේ වෙතත් ඒ පිළිබද නිවේදනයක් එජාපය දැමීමට නියමිතයි.

එය කෙසේ වෙතත් සජබේ අමන නොමේරු ළදරු දේශපාලන ජන්ම ගති පෙන්වමින් තිබිම අතිශය කනගාටු දායක වන්නේ මේ අවස්ථාවේදී රටට අවශ්‍ය දේ හා හොදම දේ කරුණු දැන අවබෝධයෙන් කලයුතු නිසයි. අවසානයේ ආණ්ඩු පක්ෂය විසින් විපක්ෂ කණ්ඩායම් වල අඩුපාඩුව පෙන්වා වගකීම සම්පුර්ණයෙන් විපක්ෂය කරමත දැමීම එතරම් අපහසු කටයුත්තක් නොවන්නේ මාධ්‍ය හා සියල්ල ඔවුන් සතුව ඇති නිසා බව එජාපයේ චන්ද ගොඩ කඩාගන්නට පමණක් තම අම්මා අප්පා වුවත් විකුණන සජබේ නොමේරු දෙබිඩි ළදරුවන් වටහාගෙන නැත.

About article14

Check Also

වැක්සින් එක අපට ඕන නැ වැක්සින් ඕන ඇමරිකාවට කියූ වාසුදේව නොවැම්බර් පාර්ලිමේන්තුවේ කියූ කථාව

ඇමති වාසුදේව අපට වැක්සින් ඕන නැ යයි කියූ කතාව පහතින් බලන්න, දැනට කොවිඩ් වැළදුන වයස්ගතම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!