Breaking News
Home / දේශීය පුවත් / සජබෙට ගිය 54 ක් එජාපෙන් දොට්ට දමද්දී 48 ක් නායකයා සමග සාකච්ඡා

සජබෙට ගිය 54 ක් එජාපෙන් දොට්ට දමද්දී 48 ක් නායකයා සමග සාකච්ඡා

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපූ සමගි ජනබලවේගයෙන් තරඟ කරන අපේක්ෂකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව පක්ෂ සාමාජිකත්වය අත්හිටවු අපේක්ෂකයන් 54 දෙනාගේ නම් ටික දිනක් යන තුරු හෙළි නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායකත්වය කෘත්‍යාධිකාරි මණ්ඩල සභිකයන්ට දැනුම් දී ඇත. එක්සත් ජාතික පක්ෂ තීන්දුවට පටහැනිව සමගි ජන බලවේගයෙන් තරග කිරීමට නාමයෝජනා දුන් පක්ෂයේ මන්ත්‍රීවරුන්, කෘත්‍යාධිකාරි මණ්ඩල සභිකයන් ඇතුළු 102 කට විරුද්ධව විනය පරික්ෂණ පැවැත්වුවද පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන්න අද (28) තීන්දු කෙරුණේ 54 දෙනෙකුගේ පමණකි.
අනෙක් පරිසගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම කල් දැමීමට කෘත්‍යධිකාරි මණ්ඩලය තීන්දු කර ඇත්තේ පක්ෂ නායකත්වයේ ඉල්ලීම පරිදි බව එහි ජ්‍යෙෂ්ඨයෙකු ප්‍රකාශ කළේය.

විනය පරික්ෂණවලට යොමු කොට පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම කල් දැමු පිරිස නායකත්වය සමග අවබෝධයෙන් කටයුතු කරමින් සමගි ජනබලවේගයේ සිටින පිරිසක් බව ද එම ජ්‍යෙෂ්ඨයා පැවසීය.

මෙම පිරිස පිළිබඳ තීන්දුව මහ මැතිවරණයෙන් පසු ගන්නා බවද ඔහු වැඩිදුරටත් කීවේය.

About article14

Check Also

සියලු තීරණ ගන්නේ ජලනි, එජාපෙ කැඩූ ජේෂ්ඨයන් අවුලෙන්, සජබෙන් ඉවත්වී ස්වාධින වනවා මුස්ලිම් කොන්ග්‍රසය කියයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පාර්ලිමේන්තු කටයුතු වලදී ස්වාධීනව කටයුතු කිරීමටත් අවධානය යොමු වී ඇති බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!