ජනප්‍රිය බොලිවුඩ් නළු සන්ජේ දත් තමාට පිළිකාවක් වැළඳී ඇති බව ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් පවසයි. මේ වන විට 61ක් වියැති සන්ජේ පවසන්නේ තමා රෝගී තත්ත්වය පරාජය කිරීමට අදිටනින් පසුවන බවය.
එසේම තමාගේ මීළඟ චිත්‍රපටයේ රූගත කිරීම් නොවැම්බර් මස අරඹන බව ද ඔහු පවසයි. පසුගිය අගෝස්තු මාසයේදී, ස්වසන අපහසුතා ඇතිවීම හේතුවෙන් කොවිඩ් -19 වෛද්‍ය පරික්ෂාවකට ඔහු මුහුණ දුනි. නමුත් පසුව මුම්බායි නගරයේ වෙනත් රෝහලකදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් පසුව ඔහුගේ පිළිකා රෝගී තත්ත්වය තහවුරු වී තිබේ.
සංජය දත් යනු කොතරම් ජනප්‍රිය චරිතයක් වුවත් ජිවිතයේ විවිධ හැලහැප්පීම් වලට මුහුණ දුන් පුද්ගලයකු බව ඔහුගේ ජිවිත කතාව හෙලිකල ‘සංජු’ නම් චිත්‍රපටයෙන් ලොවට කියා පෑවා. පාප මිත්‍රයකු නිසා ඔහුගේ ජනප්‍රියම කාලයේදී මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී පසුව අභූත ත්‍රස්ත චෝදනාවකට පවා සිරගත වීමට සිදුවී ඇත්තේ දෛවෝපගත සිදුවීම් ලෙසයි. එසේ හැලහැප්පීම් මැද යම් සහනයකින් අවුරුදු කිහිපයක් සිටි පසු මේ වන විට පිළිකා මාරයාට ගොදුරුවීමත් සෝචනීය කාරණයකි. 90 දශකයේ සාජන් චිත්‍රපටයේ නිහඬ ආදරවන්තයා ලෙස ලොව පුරා ජනප්‍රිය වූ අතර එම චිත්‍රපටයේ අදටත් ජනප්‍රිය ගීත ගායනා කල එස්පී බාලසුබ්රමනියම් කොරෝනා මාරයාට බිලිවී පසුගිය මාසයේ ලොව හැර ගියා.