Breaking News
Home / දේශීය පුවත් / සංචාරක ව්‍යාපාරය සංවර්ධන ව්‍යාපෘතියකට රු මිලියන 25000 ක ලෝක බැංකු ආධාරයක්ද අත් හිටවයි. ඊයේ IMF අද ලෝක බැංකුව. තත්වය බරපතල වෙන ලකුණු

සංචාරක ව්‍යාපාරය සංවර්ධන ව්‍යාපෘතියකට රු මිලියන 25000 ක ලෝක බැංකු ආධාරයක්ද අත් හිටවයි. ඊයේ IMF අද ලෝක බැංකුව. තත්වය බරපතල වෙන ලකුණු

අද(19) පස්වරුවේ නැවත පාර්ලිමේන්තුව රස්විමට නියමිත අතර ඊයේ පැවති සර්ව පාක්ෂික සමුළුවේදී සුපුරුදු පරිදි ජනාධිපති සිරිසේන සියල්ල කලින් පරිදිම රවටා ඇති බවයි විපක්ෂ පාර්ශව පවසන්නේ.

113 ක් මන්ත්‍රීවරු සමග අද ජනාධිපති කාර්යාලයට පැමිණ විශ්වාසය බහුතරය පෙන්වන්නම් යන යෝජනාව එජාප පාර්ශවයෙන් කලත් එයට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා ඇති අතර එම රැස්වීම අවසන් වීමෙන් පසු සිරිසේන විසින් මහින්ද මහතාගේ උපන්දිනය වෙනුවෙන් කේක් ගෙඩියක් කපා උපන්දිනය සමර තිබෙනවා.

තානාපති අංශ හා ලංකාවට නය ආධාර සෞඛ්‍ය ආධාර ලබා දෙන ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව ප්‍රධාන රටවල් 5 ක් සිරිසේන හමුවී මේ ප්‍රශ්නය සාධාරණව විසදගන්න ලෙසත් සාමාන්‍ය ජනතාව මෙයින් අපහසුතාවට පත් නොකරන ලෙසත් දිගින් දිගටම දන්වා තිබෙනවා.

එහෙත් ඒ කිසිවක් පිළිනොගෙන බහුතයක් තිබෙනවානම් එය පෙන්වා කුමන හෝ පාර්ශවයකට රට ස්ථාවර කර පවත්වාගෙන යාමට සිරිසේන විසින් ඉඩ නොදෙන බව ලාංකිකයන් මෙන්ම ජාත්‍යන්තරය වටහාගෙන අවසන් බවයි ලැබෙන ප්‍රතිපල වලින් පෙනී යන්නේ.

ඒ ඊයේ(18) දිනයේදී ලෝක මුල්‍ය අරමුදල ලංකාවට ලබා දීමට නියමිතව තිබු ඩොලර් බිලියන ගණනක ආධාරය නවතා දමා ඇත්තේ දේශපාලනය අස්ථාවර නිසාත් ජාත්‍යන්තරයට වග කිව හැකි ඔවුන්ගේ මුදල්වලට වගකිව හැකි නැවත අයකරගත හැකි වගකිව හැකි නිත්‍යානු කුල ආණ්ඩුවක් රට වෙනුවෙන් නොමැත යන පදනම මත.

එසේම අද(19) වන විට වාර්තා වෙන්නේ ලංකාවේ සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් ආධාරයක් දීමට සිටි ඩොලර් මිලියන 150 ක් එනම් රු මිලියන 25000 කට වඩා ආධාරයක් ලෝක බැංකුව විසින් නවතා දැමීමට කටයුතු කර ඇති බවයි. මෙයට කැබ්නට් මණ්ඩල අනුමැතිය පසුගිය ජුලි මාසයේදී ලැබී තිබෙනවා

තවද මේ වන විට සිරිසේන හා පවුලේ උදවියට රටවල් 5 ක ගමන් තහනමක් ලැබිය හැකි බවද තානාපති අංශ වාර්තා කරන්නේ මොහුගේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හැසිරෙමින් බලය පෙන්විය හැකි ඕනෑම පාර්ශවයකට ඉඩ නොදී පොරොන්දු කඩ කරමින් ජනතාව තලා පෙලන්නට සුදානම් වන පුද්ගලයකු ලෙස සාක්ශි එකතු කරමින්.

ඒ මොහුට පිළිතුරු බලාපොරොත්තුවෙන් යවන ලිපිවාට නිසි පිළිතුරු නොදී මග හරින පසුබිමක. එසේම අද පාර්ලිමේන්තුවට තානාපති අංශ පමිනේනවට නිදහස් පක්ෂ පොහොට්ටු පිරිස් විරෝධය පා ඇති අතර VIP මැදිරි වසා දැමීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

කණගාටුවට කරුණනම් මේ සියල්ලගේම දේපල දරුවන් බිරින්දෑ වරුන් මේ කියන රටවල ජිවත් වන අතර මේ රටේ ජිවත් වන ඔවුන්ගේ පාක්ෂිකයන්ට එම පුද්ගලයින් පවසන්නේ පරගත්තන් අපට අගිලිගහන්න එපා යන මතයයි. වසර 10 ක් මහින්ද හා සිරිසේන මහින්ද ආණ්ඩුවේ රට කර ඇති අතර ඔවුන්ද විදේශ සම්බන්ධතා මත යුද්ධයට ආධාර ගත්තේය.

සමහරක් ඔවුන්ගේ පාක්ෂිකයන් පවසන්නේ නය ආධාර නැවතීම ඉතා හොද කරුණක් ලෙසයි. එහෙත් එය එසේ එකවරම නතර කිරීමෙන් අපේ රට වසර ගානක් ඉදිරියට යාමට තරම් ශක්තියක් නැත.

උදාහරණයක් ලෙස බෙහෙත් සහ ඉන්දන නතර වුවොහොත් අප කරත්තෙන් ගොස් ලෙඩ වී මැරෙන්නද? කුබුරු පාලුවට ගොස් වගා කිරීමට ගොවියන් නැ. හාල් නතර වුවොත් කන්නේ මොනාද? දේශීය ආර්ථික ශක්තිමත් කිරීම එක රැයෙන්කළ හැකි දෙයක් නොවන බවත් අපේ දේ ගොඩනැගිය යුත්තේ කෙසේදැයි අපද ලිපි ඕනෑතරම් පල කර තිබේ. එය වසර 5, 10, 20 ක සැලැස්මක් මත විදෙස් ගැතිකම නතර කල හැකි.

විශේෂයෙන් කොටි නෞකා හා ඔවුන්ගේ ස්ථාන හදුනා ගැනීමට ඇමරිකාව ලංකා හමුදාවට උදව් කල බව නොරහසක්. එවන් උදව් ගත් පිරිසක් තම පාක්ෂිකයන්ට වෙනත් මත ඉදිරි පත් කරමින් විදේශ සම්බන්ධකම් පිළිබද වෛරයක් ඇති කිරීම දුරදක්නා නුවනක් නොවේ.

එසේම විදෙස් රටවල ජිවත් වන ලාංක්කයන්ට එම රටවලින් ලංකාවට පැමිණීමට සිදුවුවොත් මොවුන්ගේ මෝඩ තීරණ නිසා පාට පක්ෂ නොබලා නෙරපා හරිනු ඇති බව විදෙස වල සිට උල්පන්දම් දෙන උදවියට වටහා ගැනීම නිවනට හුරුයි.

මහින්ද රනිල් සිරිසේන අනුර නොව බහුතර බලයක් ඇති පුදගලයා ඉක්මනින් ආණ්ඩුවක් පිහිටවිය යුතු අතර අද තානාපති අංශ චන්ඩි පාර්ට් දමා නතර කිරීමෙන්ද වන්නේ තවත් බරපතල හානියක් පමණි.

ඒ අතර ඊයේ දිනයේදී මාධ්‍යවේදී ගාතන හා ප්‍රහාර මහා පරිමාන දුෂණ පරීක්ෂණය කල අපරාධ පරීක්ෂණ දෙපර්තුමෙන්ති ප්‍රධානියා ජනාධිපති සිරිසේන විසින් ඉවත් කර තිබෙනවා.

About article14

Check Also

සමගි ජන බලවේගයට පැන්න 54 ක් එජාපයෙන් නෙරපයි ප්‍රාදේශීය දේශපාලකයින් රොත්තක්ද දොට්ට

සමගි ජන බලවේගයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන සහ ඊට සහය දක්වන එක්සත් ජාතික පක්ෂ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!