Breaking News
Home / ක්‍රිඩා / සංගා, සෙවාග්, අප්‍රීඩි සහ තවත් තරු ගහන ඩුබායි T 10 තරගාවලියක්

සංගා, සෙවාග්, අප්‍රීඩි සහ තවත් තරු ගහන ඩුබායි T 10 තරගාවලියක්

ක‍්‍රිකට් ක‍්‍රිඩාව නව මගකට යොමු කරමින් 2003 වර්ෂයේදී එංගලන්තයේ ඇරඹුණු විස්සයි විස්ස තරග රටාව යළි වෙනස් මගකට යොමු කරමින් ශ‍්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර, ඉන්දියාවේ විරේන්ද‍්‍ර ශේවාග්, පාකිස්ථානයේ සහීඩි අෆ්රිඩි හා එංගලන්තයේ ඔයින් මෝගන් යන ජාත්‍යන්තර ක‍්‍රිකට් තරු වල සභභාගීත්වයේ එළැඹෙන දෙසැම්බර් මාසයේ ‘T10’ league යන නමින් ක‍්‍රිකට් තරගාවලියක් හදුන්වා දීමට එක්සත් ආරබි එමීර් රාජ්‍ය මේ වන විට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙයි

මෙම තරගාවලියේදී එක් කණ්ඩායමක් පන්දුවාර 10කට සීමා වන අතර මිනිත්තු 90ක් එක් තරගයක් සදහා වෙන්කර ඇත

හිටපු පාකිස්තානු නායක මිස්බා උල් හක් ලෝක ශ්‍රේණිගත කිරීම්වල තුන්ඉරියව් ක‍්‍රිඩකයින් අතරින් ඉදියෙන්ම සිටින සකීබ් අල් හසන් වැනි ක‍්‍රීඩකයින් මේ සදහා සහභාගී විමට නියමිතව ඇත.

මෙම තරගාවලිය සදහා කණ්ඩායම් 06ක් තරගවදින අතර ශ‍්‍රී ලංකාවේ Colombo Lions කණ්ඩායමත් බංගලාදේශයේ Bangla Tigers කන්ඩායමත් මෙම තරගාවලිය සදහා සුදුසුකම් ලබා ඇත.

තවද මෙම තරගාවලියේදී ශ‍්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර හිටපු ඉන්දීය ක‍්‍රිඩක විරේන්ද‍්‍ර ශේවාග් හා පාකිස්තානු කන්ඩායමේ ප‍්‍රහාරාත්මක ආරම්භක පිතිකරු ෆකර් සමාන් ‘Maratha Arabians’ යන කණ්ඩායමට ක‍්‍රීඩා කරනු ඇති බවට වාර්තා වෙයි.

මෙම තරගාවලියේ සභාපති සල්මාන් ඉක්බාල් පවසන්නේ මෙය ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ඉදිරි පියවරක් වනු ඇති බවයි

මෙම තරගාවලිය දෙසැම්බර් 21-24දක්වා සාජි පිටියේදි පැවැත්වීමට නියමිතව ඇත.

තරගාවලිය සදහා ක‍්‍රිඩා කරන කන්ඩායම්

Maratha Arabians, Punjabi Legends, Bangla Tigers, Keralites King, Colombo Lions and Pakhtoons.

Breakingnews

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!