Breaking News
Home / ක්‍රිඩා / සංගා මහේලගේ අඩුව මකන්න බැ එයාලගේ වගකීම දැන් අපේ අතේ ඉදිරි තරගාවලි තුනම හොදට කරලා ලෝකයේ 4 ට එනවා – දිමුත්

සංගා මහේලගේ අඩුව මකන්න බැ එයාලගේ වගකීම දැන් අපේ අතේ ඉදිරි තරගාවලි තුනම හොදට කරලා ලෝකයේ 4 ට එනවා – දිමුත්

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම පසුගිය කාලයේ මුහුණ දුන් අඳුරු පරාජයන් වැලට තිතක් තබමින් බංගලාදේශයේදී  ලබාගත් ජයග්‍රහණ සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට බංගලාදේශය සමඟ ටෙස්ට් තරඟාවලියට මුහුණ දිය හැකි අතර ,එක්දින කණ්ඩායම සමඟ සසඳා බලන විට ටෙස්ට් කණ්ඩායම මෑත අතීතයේ හොඳ දක්ෂතා පෙන්වා තිබෙන නිසා බංගලාදේශයේ පැවැත්වෙන ටෙස්ට් තරඟ දෙක ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබෙනු ඇතිබවට විශ්වාස කල හැකි අතර තරුණ කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාව මේ මොහොතේ ශක්තිමත්ව සිටින බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ඉන්දීය මාද්‍යයක් සමඟ පැවති සාකච්චාවකදී පවසා ඇත.

“අපි අන්තිමට මුහුණ දුන්න ටෙස්ට් තරඟයේදී ඉන්දියාවට එරෙහිව හොඳට කළා දිල්ලි ටෙස්ට් තරඟය,ඒ තරඟයේදී ධනංජය .රොෂේන් හොඳ ඉනිම් ක්‍රීඩා කලා,ඒ වගේම අපිට ඉන්න දක්ෂ තරුණ ක්‍රීඩකයෙක් වන කුසල් මෙන්ඩිස් නැවත අපේ කණ්ඩායමට ඇවිල්ල තියනවා,අපි තරඟයක අසාර්ථක වුනත් කණ්ඩායම වැටෙන්න දෙන්නේ නැති ක්‍රීඩකයන් ටිකක් පස්සෙන් ඉන්න එක කණ්ඩායමට වගේම අපිටත් ලොකු හයියක්.”

පසුගිය වසරේ ටෙස්ට් කණ්ඩායමේ ආරම්භය එතරම් හොඳ නැති වුවද අවසානයේ හොඳ තරඟ කිහිපයක් ක්‍රීඩා කල බවද දිමුත් පවසා ඇත.”අපි දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරඟ මාලාව හොඳට කලේ නෑ,ඊට පස්සේ ඉන්දියාව ලංකාවට ඇවිත් තිබුන තරඟාවලියත් අපි අසාර්ථක වුනා,හැබැයි ඊට පස්සේ ඩුබායි වලදී පාකිස්ථානය පරාජය කරන්න අපිට පුළුවන් වුනා,ඒ වගේම ඉන්දියාවට ගිහින් ඉන්දියාව එක්ක හොඳ තරඟයක් දෙන්න අපිට පුළුවන් වුනා,ඒ දේවල් එක්ක අපේ ටෙස්ට් කණ්ඩායම හොඳ තැනක ඉඳගෙන තමයි බංගලාදේශය එක්ක ටෙස්ට් තරඟාවලියට එන්නේ.”

පසුගිය වසරේ ටෙස්ට් ක්‍රීඩකයන් අතරින් ලකුණු 1000 සීමාව පසු කිරීමට සමත් වුන දිමුත් මෙම දක්ෂතාවය පෙන්නුවේ කුමාර සංගක්කාර ටෙස්ට් පිටියෙන් සමු ගැනීමෙන් පසුව මෙවැනි දක්ෂතාවක් පෙන්වූ පළමු ශ්‍රී ලංකා පිතිකරු ලෙසය.

“සංගා, මහේල කණ්ඩායමේ නැති එකේ පාඩුව මකන්න ලේසි නෑ,අපි ඔවුන් කරපු දේවල් ඉස්සරහට ගෙනියන එක තමයි කරන්න ඕන,ඔවුන් ඉද්දි අපිට පීඩනයක් දැනුනේම නෑ,ඔවුන්ගේ සමු ගැනීම එක්ක කණ්ඩායමේ වගකීම අපිට පැවරුණා.මුල් කාලයේ ඒක පීඩනයක් වුනත් දැන් අපේ කණ්ඩායම නැවත ඔලුව උස්සගෙන එන්නේ.”

පසුගිය කාලයේ කණ්ඩායමට අමාරු තරඟාවලි වලට මුහුණ දීමට සිදුවීම සමඟ ශ්‍රේණිගත කිරීමේ පසුපසට ගියද ඉදිරියේ ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමේ අවස්තාව ඇති බවද දිමුත් පවසා ඇත.

“පහුගිය අව්රුද්දෙ අපි අමාරු තරඟාවලි වලට මුහුණ දුන්නා.මේ අව්රුද්දෙ අපිට තියෙන්නේ බංගලාදේශ තරඟාවලිය ඉවර වුනාම කොදෙව් වලට යන්න ,ඊට පස්සේ එංගලන්ත කණ්ඩායමයි දකුණු අප්‍රිකා කණ්ඩායමයි ලංකාවට ඇවිත් තරඟාවලි වලට ක්‍රීඩා කරනවා,ඔය තරඟාවලි දෙක ලංකාවේ තියන එක අපිට වාසියක්,මේ තරඟාවලි හොඳට කරලා ශ්‍රේණිගත කිරීම් වල අංක හතරට එන්න තමයි අපේ එකම බලාපොරොත්තුව.”

About lanka

Check Also

ප්‍රේමදාසේ ලංකාව ගහපු 20 20 තරග 18 න් 15 ක් පරාදයි දකුණු අප්‍රිකාව එක්ක ගහපු එකම එකත් පරාදයි. අද වෙනසක් වෙයිද?

සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පන්දුවාර 20 කි‍්‍රකට් තරගයක් කොළඹ ආර්. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!