Breaking News
Home / ක්‍රිඩා / සංගා තමයි මට ස්කොලේ කාලේ ඉදන් උපදෙස් දුන්නේ එයා එක්ක සෙල්ලම් කරන්න ලැබුන එක සතුටුයි. දිල්ස්කුප් ගහන්න මට දැන් තහනම් – දික්වැල්ල

සංගා තමයි මට ස්කොලේ කාලේ ඉදන් උපදෙස් දුන්නේ එයා එක්ක සෙල්ලම් කරන්න ලැබුන එක සතුටුයි. දිල්ස්කුප් ගහන්න මට දැන් තහනම් – දික්වැල්ල

ත්‍රිත්ව විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන නිරෝෂන් දික්වැල්ල නායකයෙකු ලෙස ත්‍රිත්ව විද්‍යාලය බිහිකළ සාර්ථකම නායකයෙකු බවට ඉතිහාසය ට එකතු වී සිටින්නේ ශ්‍රී ලංකාව නියෝජනය කල කුමාර සංගක්කාර වැනි සුපිරි ක්‍රීඩකයන්ද බිහිකළ පාසලක් තුල වීම විශේෂ කරුණක් වන අතර දික්වැල්ල ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් හොඳ ගමනක් යන බව පසුගිය දිනවල පෙන්නුම්කල අතර නිදහස් කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තැන අහිමි වීමෙන් පසුව නැවත දේශීය පිටියේ ඉහල හැකියාවක් පෙන්නුම් කරන අකාරය අපට දැකගත හැකි විය.

කණ්ඩායමෙන් ඉවත්වීම සහ මෑත කාලයේ දක්ෂතා පිළිබඳව ඩකාට්රුබන් වෙබ් අඩවිය සමඟ පැවති හමුවකදී දික්වැල්ල අදහස් දක්වා ඇති අතර සන්ගාගෙන් තම ක්‍රිකට් දිවියට ලැබුන උපදෙස් ගැනද දික්වැල්ල මෙහිදී පවසා ඇත.

නිදහස් කුසලානයේදී කණ්ඩායමේ තැන අහිමි වීම ගැන දුකක් තිබුනද එසේ වුයේ තමාගේම වරදක් නිසා බව දික්වැල්ල මෙහිදී පවසා ඇත.”ඇත්තටම දුකයි ඒ තරඟාවලියේ මට අවස්තාවක් අහිමි වීම ගැන,හැබැයි එහෙම වුනේ පහුගිය තරඟාවලිවල ප්‍රමාණවත් විදියට මට ලකුණු ගන්න බැරි වුන නිසා,මම බලාපොරොත්තු වෙනවා දේශීය තරඟවල වැඩ පෙන්නලා ඉක්මනට කණ්ඩායමට එන්න.”

ශ්‍රී ලංකා පුහුණුකරු හතුරුසිංහ සමඟ කණ්ඩායමෙන් ඉවත් කිරීමට තුඩු දුන් හේතු ගැන විමසුවාදයි ඇසු විට දික්වැල්ල පවසා තිබුනේ ඉවත් කිරීමට විශේෂ හේතුවක් නැති බවත් තමන්ගේ පිතිහරම්භයේ අඩුපාඩු නිසා තමාට එසේ සිදු වූ බවත්ය.”ඇත්තටම මම දන්නවා මගෙන් වුන අඩුපාඩු මොනවද කියල.ක්‍රීඩකයන්ට මේ වගේ නරක කාලවල් එන්න පුළුවන්,දැන් මම ඒ දේවල් වලින් ගත්ත පාඩම් එක්ක ඉස්සරහට වැඩ පෙන්නලා කණ්ඩායමේ තැන හදා ගන්න තමයි හිතාගෙන ඉන්නේ.”

ක්‍රීඩා කරන රටාව වෙනස් කිරීමට අදහසක් තිබේදැයි ඇසුවිට දික්වැල්ල පවසා ඇත්තේ තමා පොඩි කාලයේ සිට පවත්වාගෙන ආ ක්‍රීඩා රටාව වෙනස් කරන්නට තමා අදහස් නොකරන බවය.”ඇත්තටම මම ක්‍රීඩාකරන රටාව වෙනස් කරන්න නම් මගේ කිසිම අදහසක් නෑ.මොකද ඒ මම පොඩි කාලේ ඉඳල සෙල්ලම් කරපු විදිය.මගේ සැලසුම් තරඟ රටාව ඒ විදියටම තියාගෙන සිදුවුණ අඩුපාඩු හදාගන්න එක ගැන තමයි මම අවධානය යොමු කරලා තියෙන්නේ.මේ තරඟ රටාව තමයි මම මේ තරම් දුරට රැගෙන ආවේ.”

ක්‍රිකට් තරඟ රටාව වෙනස් වන විට ඒ අනුව හැඩ ගැසෙන්නට තමාට හැකියාවක් ඇති බවද දික්වැල්ල පවසා ඇත.”මට පුළුවන් ඒ තරඟයට අවශ්‍ය විදියට හැඩ ගැහෙන්න,සීමිත පන්දුවාර තරඟවල මම මුල්පෙළ පිතිකරුවෙක් විදියට ඇවිත් කණ්ඩායමට අවශ්‍ය විදියට වේගයෙන් පන්දුවට පහර දෙනවා,ටෙස්ට් තරඟවල තරඟයට ගැලපෙන විදියට මැදපෙළ පිතිකරුවෙක් විදියට සෙල්ලම් කරනවා,වෘත්තීය ක්‍රීඩකයෙක් විදියට ඒ දේවල් වලට හුරු වෙන්න අපිට හැකියාව තියෙන්න ඕන.”

පසුගිය කාලයේ සිදුවීමක් නිසා තමාට ඩික්ස් කුප් පහර එල්ල කිරීම තහනමට ලක්ව තිබු බවද දික්වැල්ල මේ හමුවේදී පවසා තිබිණි.”අනිත් පහරවල් වගේ නෙවෙයි දික්ස්කුප් පහර ගහන්නේ මුලින් ඒ පහර ගහනවා කියල හිතාගෙන ඉඳල,හැබැයි ඒ පහර පහුගිය කාලේ මම වැඩිය එල්ල කලේ නෑ,ඒ වගේම මට ඒ පහර පුහුණු වෙන්නත් තහනමක් දාල තියෙන්නේ,අප්‍රේල් මාසේ බංගලාදේශ කණ්ඩායම එක්ක තිබුන තරඟාවලියට පුහුණුවීම් කරද්දී මේ පහර පුහුණු වෙන්න ගිහින් මගේ ඇඟිල්ලක් කැඩුනා,ඊට පස්සේ මට ඒ පහර පුහුණු වෙන එකත් තහනම් වුනා.”

සංගා ගැනද දික්වැල්ල මෙහිදී අදහස් දක්වා ඇත.”ඇත්තටම මට ගොඩක් දේවල් ඉගනගන්න ලැබුන සංගගෙන්,පාසල් කාලේ ඉඳලම සංගා මට උදව් කරලා තියනවා.කොහොම හරි සංග ඉන්න කණ්ඩායමේම මට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුන,ඒ කාලෙත් මට ගොඩක් උපදෙස් ලැබුන,සංගක්කාර වගේම තමයි මහේල ,මැතිව්ස් කියන්නෙත් මගේ ක්‍රිකට් ජීවිතයට ගොඩක් දේවල් දීපු ක්‍රීඩකයෝ.”

සංගා මෙන්ම බ්‍රෙන්ඩන් මැකලම් සහ ඇඩම් ගිල්ක්‍රිස්ට් ගේ තරඟ රටාවට තමා ප්‍රිය කරන බවද ඉන්දියාවේ දෝණිගේ කඩුලු රැකීමට තමා වඩාත් ප්‍රිය කරන බවද පවසන දික්වැල්ල පවසා ඇත.”මම හිතන්නේ දෝණි කඩුලු රැකීමේදී මොනතරම් ඉක්මනට අත් වැඩ කරනවද කියන එක අපිටත් ගොඩක් දේවල් උගන්වනවා.මම ගොඩක් වෙලාවට වීඩියෝ බලල ඒ දේවල් ඉගනගන්න උනන්දු වෙනවා.”

About article14

Check Also

ප්‍රමාද වූ පළාත්සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතිමය බාධා ඉවත් කිරීමට අගමැති ප්‍රමුක කමිටුව පක්ෂ නායකයින් 20 වනදා මුණ ගැසී තීරණයක් ගැනීමට යයි

පළාත් සභා මැතිවරණ සිමා නිර්ණ කොමිෂන් සභා වාර්තාවේ පවතින අඩුපාඩු සකසා ඉතා ඉක්මණින් පක්ෂ නායක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!