Breaking News
Home / ක්‍රිඩා / සංගා එංගලන්තයේ රජෙක් වෙලා එංගලන්තයේ “king Kuma” තවත් ශතකයක් ලබා ගනියි

සංගා එංගලන්තයේ රජෙක් වෙලා එංගලන්තයේ “king Kuma” තවත් ශතකයක් ලබා ගනියි

එංගලන්ත පළමුපෙල සිව්දින තරඟාවලියේදී තවත් ශතකයක් රැස්කිරීමට සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සමත්ව තිබේ.ඒ ඔහු මෙවර තරඟාවලියේ ඉනිම් 13ක් තුළ රැස් කළ අටවන ශතකයයි.

සමර්සෙට් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරඟයේදී සංගක්කාර මෙම දස්කම් ප්‍රදර්ශණය කළේය.

ඊයේ දිනය නිමාවන විට නොදැවී ලකුණු 119ක් රැස් කරගෙන සිටි සංගාගේ ඉනිමට හතරේ පහර 15ක් හා එක් 6 පහරක් අන්තර්ගත විය.

මෙවර තරඟාවලියේ වැඩිම ලකුණු රැසකරගෙන සිටි ක්‍රීඩකයා වන්නේද කුමාර් සංගක්කාරයි.ඔහු එහිදී ලකුණු 1369 රැස්කරගෙන ඇත්තේ පිතිකරු සාමාන්‍ය 124.5 ලෙස රඳවාගිනිමිනි.

මෙවර තරඟාවලියෙන් පසු පළමු පෙල ක්‍රිකට් දිවියටද සමුදීමට තීරණ කළ බව සංගක්කාර පසුගියදා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් සංගක්කාරගේ මෙම සුපිරි දස්කම් එරට ක්‍රීඩකයින් ,විචාරකයින් මෙන්ම ප්‍රේක්ෂක ජනතාවගේද බොහෝ පැසසුමට ලක්ව තිබේ.සරේ ක්‍රීඩකයින් ඔහුව හඳුන්වන්නේ ”KING KUMA’ ලෙසය.

About article14

Check Also

පකිස්තාන සංචාරය ගැන නැවත සලකා බලන්නැයි අගමැති කාර්යාලය ක්‍රිකට් ආයතනයට දන්වයි

ත්‍රස්ත ප්‍රහාරයක යම් තොරතුරු වාර්තා වන බැවින් නැවත ශ්‍රී ලංකා පකිස්ථාන සංචාරය පිළිබද සලකා බලන්නයි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!