Breaking News
Home / දේශීය පුවත් / සංගාගේ අනාවැකි පුස්සක් කරමින් කැන්ගරුවන් ගෙදර යයි. හතුරු ගොඩ යයි.

සංගාගේ අනාවැකි පුස්සක් කරමින් කැන්ගරුවන් ගෙදර යයි. හතුරු ගොඩ යයි.

 

එන්ගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවති (10) තරගයෙන් ඩක්වර්ත්ලුවිස් ක්‍රමයට ලකුණු 40 ක ජයක් එන්ගලන්තයට ලැබීම නිසා අවසන්පූර්ව වටයටවත් පැමිනිය නොහැකිව විසිවීමට ඕස්ට්‍රේලියාවට සිදුවුනා. ඒ බංගලිදේශයට ප්‍රසාද ලකුනු 3 ක් ලැබීම නිසා නවසීලන්ත එරෙහි ජයත් සමග අවසන් පූර්ව වටයට ඔවුන් සුදුසුකම් ලැබුවා. බංගලිදේශය පලමු චැම්පියන්ස් තරගාවලියට සහබාගිවී එහි අවසන් පූර්ව වටයටද පැමිණීමට සමත් වීම ඔවුන් ලද විශාල ජයකි.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු තරග දෙකක් සම්පූර්ණයෙන් වැස්සට සේදී යාම ඔවුන්ට සිදුවූ බලවත් පාඩුවයි. බංගලාදේශය සහ නවසීලන්ත තරග දෙකම එක ප්‍රසාද ලකුන බැගින් බෙදී යාම ඔවුන්ට සිදුවූ අවාසනාවන්තම සිදුවීමයි.

තරගාවලිය ආරම්භයට කලින් සංගක්කරගේ අනාවැකිය වූයේ ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අවසන් තරගයට එන බවයි. එහෙත් ඉන්දියාව අද (11) පැවැත්වෙන තරගය මත අවසන්පූර්ව වටයටවත් යනවාද යන අවදානමට මුහුන දී තිබෙනවා. කැන්ගරුවන් ඉවත්වී යාමත් සමග සංගක්කාරගේ අනාවැකිය සුන්වී යනවා.

කෙසේ වෙතත් අද පටන් ඉදිරි තරග දෙක ඉතාම උණුසුම් හා වැදගත් තරග වනවා. ඒ ජයග්‍රහනය කරන කන්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සෘජුවම තේරී පත්වන බැවිනි. ශ්‍රී ලංකා කන්ඩායම ඇතුලත් බී කාන්ඩය තරගාවලිය අවසන් මොහොත වනතෙක් තීරනාත්මක වීම තරගාවලියේ ජීවගුනය පවත්වාගෙන යාමට හේතුවූ බවයි විචාරකයින්ගේ මතය.

හෙට (12) ශ්‍රී ලංකා කන්ඩායම සහ පකිස්තාන තරගයත් අද (11) ඉන්දියාව සහ ද.අප්‍රිකා තරගය පැවැත්වෙනවා.

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!