Breaking News
Home / Video / ෂෙල් එන නිසා මුනෙන් මුණ බලාගෙන ගැණු පිරිමි වැසිකිලි ගියේ. අදත් වැසිකිලි නැ කොටි අපේ දේපල ගත්තා. දේශපාලන නායකයෝ ප්‍රභාකරන් ඇන්දුවා ඌ මැරුණා

ෂෙල් එන නිසා මුනෙන් මුණ බලාගෙන ගැණු පිරිමි වැසිකිලි ගියේ. අදත් වැසිකිලි නැ කොටි අපේ දේපල ගත්තා. දේශපාලන නායකයෝ ප්‍රභාකරන් ඇන්දුවා ඌ මැරුණා

ටෝක් විත් චතුර වැඩසටහනට ලංකාවේ ප්‍රථම වරට ආවා කල්ලියනම් කියන කණ්ඩායමේ සාමාජිකයෙක් රුපවාහිනී වැඩසටහනකට කැදවාගෙන තිබෙනවා. ඒ අරුන් නම් වූ භාෂා තුනම හොදින් හැසිරවිය හැකි තරුණයෙක්. ඔහු පවසන්නේ දකුණේ නිදහස ඔවුන්ට උතුරේ නැති බවයි.

රැ 11.30 වන තෙක් වික්ටෝරියා පාක් එකේ හිටියාට ඇයි උබලා මෙතන ඉන්නේ කියා අසන්නට පොලිසින්වත් ආපු නැති බවත් තමන්ගේ වාහනයේ රියදුරුට පාර වැරදුන පසු ඔහු සිංහල නොදන්නා නිසා ඔහුගේ දුරකථනය අසල සිංහල අයකුට දුන් පසු ඔහු ජපානේ පුද්ගලයන් මෙන් ඔවුන් සිටිනා තැනට ඔහු එක්කගෙන ආපු එක ඔහුට ඇහැට කදුළු එන සිද්දියක් වූ බව ඔහු පවසනවා.

අපට තිබෙන්නේ භාෂාව නොදන්නා කම බවත් හවස 6 න් පසු යාපනයේ නිදහසේ තරුණයන් සිටියානම් උදේ වනතුරු පොලිසියට ගෙන ගොස් පහර එල්ල කර උදේට ගෙදර එවන බවත් පවසනවා. අරුන් රාජගිරියේ ඇවිදින විට ඇවිදින්න පාර්ක් එකක් දුටු බවත් ඔවුන්ට යාපනයේ සෙල්ලම් කරන්න හරිහැටි පිටියක් වත් නැති බවත් එවැනි ස්ථාන ලංකාවේ තිබෙන බව දන්නේ රාජගිරියේ දියවන්නාවේ පාර්ක් එක දුටු පසු බවයි ඔහු පවසන්නේ.

ප්‍රභාකරන් මුලින් දේශපාලන අරගලයක් කලාද නැද්ද යන්න කෙසේවෙතත් උසස් කුලයේ සිටින දෙමල දේශපාලකයන්ගේ උගුලට අසුවී මෝඩයා වී ඔහුගේ දරු පවුල මරාගත් බවත් ඔහු මෝඩයාට ඇන්දවූ උන් අදත් යහතින් සැපසේ ඉන්න බවත් ඔහු පවසනවා.

විග්නේශ්වරන් ප්‍රභාකරන් වීරයා බව කියන අතර ඔහුගේ දුව වාස්දෙවගේ පුතාට බන්දලා දුන්නේ ඔවුන් විතරක් සිංහල ඉගනගත් නිසා බවත් සුමන්තිරන් සම්බන්ධන ඇතුළු දෙමල සන්ධානයේ මන්ත්‍රීන්ගේ දරුවන් සියල්ල පිටරට විශ්ව විද්‍යාලවල ඉගන ගන්නා අතර ආයුධ ගන්න සයනයිට් කන්න ගහගන්න පමණක් දුප්පත් දෙමල වැසියන් පමණක් ඔවුන්ට අවශ්‍ය බව පවසනවා.

එල්ටිටිය තමන්ගේ දේපල මාමලා තුන්දෙනකු පැහැරගෙන ගිය අතර අදවන තුරු ඒවා නොලැබුන අතර පරම්පරාගත දෙමල ජනතාවට අඩුම තරමේ වැසිකිළියක්වත් නැති පවුල් සිටින අතර ඔවුන් ෂොපින් මල්ලකට ක්‍රියාව කර විසිකරන බව ඔහු පවසනවා. කොන්ද කෙලින් තබාගෙන ප්‍රභකරන්ගෙන් සාධාරණය ඉල්ලුවානම් ඒ කිසිවකු අද ජිවතුන් අතර නැති බවත් මේ කිසිවකු රටේ දුප්පත් ජනතාව වෙනුවෙන් පෙනී නොසිටි බවත් උතුරේ සහ දකුණේ දුප්පත් අපට සියල්ලටම තියන එකම ගැටළුවක් බවත් එය විසදීමට මේ පාර්ශව දෙකම කටයුතු කලයුතු බවත් ඔහු පවසනවා.

මේ ආවා කල්ලිය නමින් හැදුනුවත් ඔවුන්ගේ කල්ලියට එවැනි නමක් ඔවුන් දාගෙන නැති අතර සුමන්තිරන් ඇතුළු ඉහල පැලන්ති දේශපාලකයින් ඔවුන්ගේ පැවැත්මට ඇතිකරගත් නමක් බවයි ඔහු පවසන්නේ. කෙසේ වෙතත් මෙම උතුරේ තරුණයාගේ කතාව එදා මෙදා තුර ඉතිහාසයේ කල ආන්දෝලනාත්මක මෙන්ම විප්ලවවාදී කාතාවක් වනු නිසැකයි ඔහුට භාෂා සියල්ලම හැකි වීම ඔහුගේ හැගීම් ප්‍රකාශ කිරීමට හැකිවූ ලොකුම අවිය වූ බව නොරහසක්.

මෙම වීඩියෝව පමණක් ප්‍රමාණවත් වෙවී සිංහල දෙමල ජාතිවාදී බෙදුම්වාදී ගැටුම් හා විකුණන් කන උතුරේ හා දකුණේ දේශපාලුවන්ගේ රෙදි ගැලවීමට. උතුර හා දකුණට ඇත්තේ සමාන ප්‍රශ්නයක් වන අතර ඉහල දේශපාලන පැලැන්තිය විසින් රට පාලනයට යොදාගන්නා හිගන්නාගේ තුවාලයක් බව මෙයින් හොදින් වටහාගත හැක. මේ පැය 1.30 ක කතාවෙන් විනාඩි 42 ට සංස්කරණය කර ඔවුන් පෙන්වූ කතාව.

About article14

Check Also

ශ්‍රී ලංකා ක්‍රිකට් 2021 වන තුරු නැවතත් සදා සොත්ති. නිලවරණයෙන් පසුගිය පාලනයේ සුමතිපාල සමග සිටි ශම්මිද සිල්වා ජයගයි. එළිපිට නැතිව පසුපස සිටින සුමතිපාල කොඩිවිනය

අද පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා තේරී පත්වී තිබෙනවා.ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!