Breaking News
Home / ක්‍රිඩා / ශාරුක්ගේ කල්කටා තව එක පිම්මක් පනී. එත් තවමත් ස්ථානය අස්ථාවරයි. රාජස්තානයට මුම්බායි අභියෝගයක්

ශාරුක්ගේ කල්කටා තව එක පිම්මක් පනී. එත් තවමත් ස්ථානය අස්ථාවරයි. රාජස්තානයට මුම්බායි අභියෝගයක්

අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 49 වැනි තරගය ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර කොල්කටාහිදී පැවැති තරගය කඩුලු 6 කින් ජයගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායක ඩිනේෂ් කාර්තික් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඕවර 19 ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 142 ක් පමණි.
ප්‍රසිද් ක්‍රිෂ්ණා යවන ලද දෙවැනි ඕවරයේදී ලකුණු 19 ක් සහ ශිවම් මාවී යවන ලද තෙවැනි ඕවරයේදී ලකුණු 28 ක් ලබාගනිමින් සාර්ථක ආරම්භයක් ලබාදීමට රාහුල් ත්‍රිපාටී සහ ජෝස් බට්ලර් සමත්වූයේ පන්දු 10 ක් ඇතුලත ලකුණු 46ක් ලබා ගනිමිනි.

පන්දුවාර 3.2 කදී ලකුණු 50 වාර්තා කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඕවරයකදී ලකුණු ලබාගැනීමේ වේගය 15 සීමාවෙන් ඔබ්බට ගොස් තිබුණද පස්වැනි ඕවරයේදී රාහුල් ත්‍රිපාටී දැවීයාමත් සමගින් ලකුණු ලබාගැනීමේ වේගය කෙමින් කෙමින් පහත වැටුණි.
පළමු කඩුල්ල සදහා පන්දු 29 කදී ලකුණු 63 ක වේගවත් සම්බන්ධතාවයක් පැවැත්වීමට රාහුල් ත්‍රිපාටී සහ ජෝස් බට්ලර් සමත්වුවද සෙසු පිතිකරුවන්ට සාර්ථක සම්බන්ධතා ගොඩනැගීමට නොහැකිවූහ.

පන්දු 22 කදී හයේ පහර 2 ක් සහ හතරේ 5 ක් සමගින් ලකුණු 39 ක් ලබාගත් ජොස් බට්ලර් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර රාහුල් ත්‍රිපාටී ලකුණු 27 ක් සහ ජයදේව් උනද්කට් ලකුණු 26 ක් රැස් කළේය.
වේගපන්දු යවන්නන් දැඩි පහරදීමකට ලක්වන විටදී දඟ පන්දුවෙන් පිතිකරුවන් මෙල්ල කරමින් සිය ඕවර 4 ලකුණු 20 කට සීමාකළ කුල්දීප් යාදව් කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. ඇන්ඩී්‍ර රසල් ලකුණු 13 කට කඩුලු 2 ක් සහ ප්‍රසිද් ක්‍රිෂ්ණා ලකුණු 35 කට කඩුලු 2 ක් දවාගත්හ.

ජයග්‍රහණය සදහා ලකුණු 143 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 18 කදී කඩුලු 4 ක් පමණක් දැවී තම ඉලක්කය පහසුවෙන් ජයගත්තේය.

සුනිල් නරේන් ඉනිමේ පළමු පන්දු 5 තුල හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 21 ක් රැස්කරමින් වේගවත් ආරම්භයක් ලබාගත්තද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට රාජස්ථාන් රෝයල්ස් පන්දු යවන්නෝ අවස්ථාවක් ලබානොදුන්නේය.

කලබලයකින් තොරව පන්දුවට පහරදුන් ක්‍රිස් ලයන් පන්දු 42 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 45 ක් රැස්කර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.

ක්‍රිස් ලයන් සමගින් එක්ව සිවුවැනි කඩුල්ල සදහා පන්දු 42 කදී ලකුණු 48 ක සම්බන්ධතාවයක් පැවැත්වූ ඩිනේෂ් කාර්තික් පස්වැනි කඩුල්ල සදහා ඇන්ඩි රසල් සමගින්ද එක්ව පන්දු 16 කදී ලකුණු 28 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීය.

ඩිනේෂ් කාර්තික් පන්දු 31 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 41 ක් රැස්කරමින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.

බෙන් ස්ටෝක්ස් විශිෂ්ට පන්දු යැවීමක නිරතවෙමින් සිය ඕවර 4 ලකුණු 15 කට සීමා කරමින් එක් නිළකුණු ඕවරයක් සමගින් කඩුලු 3 ක් දවාගත්තද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.

තරඟයේ වීරයා සම්මානය කුල්දීප් යාදව්ට හිමිවූ අතර මේ පරාජය සමඟ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තරඟාවලියේ සුපිරි කණ්ඩායම් හතර අතරට පැමිණීමේ අපේක්ෂා බොහෝ දුරට බිඳ වැටී ඇත

මෙම තරඟය ආරම්භ වුයේ ඊඩන් ගාඩ්න් සීනුව ෂේන් වෝන් විසින් නාද කරමින් වූ අතර පසුගිය තරඟයේ සීනුව නාදකරමින් මාලිංග මුම්බායි කණ්ඩායමට ලබාදුන් ආරම්භය සමඟ ලැබූ ජයග්‍රහණය මේ තරඟයේදී  රෝයල්ස් කණ්ඩායමට ලබා දෙන්නට ෂේන් වොන් සමත් වුනේ නැත.

About lanka

Check Also

ඒබීඩී විලියර්ස්ගේ ෆේස්බුක් ෆෑන් පේජ් එක ලංකාවෙ ප්‍රේක්ෂකයන් වනසයි ඔෆ් සීසන් කතාවට පරාජයත් එක්ක සිංහලෙන් ඉංග්‍රීසියෙන් රිදෙන්න කියපු හැටි

කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය දිනා ගත්ත ක්‍රීඩකයෙක් තමයි දකුණු අප්‍රිකාවේ AB de Villiers. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!