Breaking News
Home / දේශීය පුවත් / ශාන්ත බණ්ඩාරට කොකා පෙන්නමින් පොහොට්ටුවේ හේරත්ට සාලින්දගේ මන්ත්‍රී දුරය

ශාන්ත බණ්ඩාරට කොකා පෙන්නමින් පොහොට්ටුවේ හේරත්ට සාලින්දගේ මන්ත්‍රී දුරය

පසුගියදා අභාවප්‍රාප්ත වූ කුරුණෑගල දිස්ත්‍රික් පොදුජන එක්සත් පෙරමුණ මන්ත්‍රි සාලින්ද දිසානායකගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය සඳහා එච්.එම්.ඩි.බි.හේරත් නම් කර තිබෙනවා.ඊට අදාළ ගැසට් නිවේදනය කුරුණෑගල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා විසින් මේ වන විට රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති බවයි වාර්තා වන්නේ.

එච්.එම්.ඩි.බි. හේරත් මිට පෙර වයඹ පළාත් සභාවේ අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කරනු ලැබු අතර ඔහු ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නියමිතයි.

ඒ අනුව නිදහස් පක්ෂයට මේ මන්ත්‍රී දුරය ගන්නා බව කියමින් ලයිස්තුවේ මීලගට සිටි ජනාධිපති උපදේශක මෙන්ම සහරන් කල්ලියේ බෝම්බ තඹ කම්හලට තඹ දීමට අවසර දී ලිපි යැවූ ශාන්ත බණ්ඩාර ජාතික ලයිස්තු මන්ත්‍රිදුරයෙන් ඉවත්ව පැමිණියේ මෙම මන්ත්‍රී දුරය ලබා ගැනීමටයි.

ඔහු මාධ්‍ය සකච්චා පවා තබා පැහැදිලිකිරීම් කල අතර නිදහස් පක්ෂයට මන්ත්‍රී දුරය ලබාගැනීමට ඔවුන් කටයුතු කරමින් සිටියත් අවසානයේ ශාන්ත බණ්ඩාරගේ නායකයා වන සිරිසේන ජනාධිපති ඔහුට කොකා පෙන්නු ආකාරයක් පෙනී යයි. ශාන්ත බණ්ඩාර නැවත ජාතික ලැයිස්තුවෙන් පත්වීමට හෝ අල්ලපු වත්තත් පයගහපු වත්තත් නැතිවන ආකාරයක් උදාවී තිබේ.

ශාන්ත බණ්ඩාර 2015 සිට ආරක්ෂා කල තම කෘතහස්ත යයි කියූ තමන්ගේ නායකයා තාමාටම කොකා පෙන්වා ඇතැයි දේශපාලන විචාරකයන් පවසයි. ස්ථාවරයක් ප්‍රතිපත්තියක් විශ්වාසයක් තබා දේශපාලනයක් කල හැකි නායකයෙක්ද යන්න නැවත ඔහු වටා රොක්වන පිරිස් වලට හොද පණිවිඩයක් නැවත මෙයින් ගෙන දෙයි.

About article14

Check Also

කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර මුදල් නැවත ඉල්ලා වර්ජකයන්ට ගුටි පුජාවකට ජනතාව සැරසෙයි

කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්වයක් මතුවී තිබෙනවා. දුම්රිය මගීන් විසින් ප්‍රවේශ පත්‍ර හා වාර ප්‍රවේශ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!