Breaking News
Home / ක්‍රිඩා / ශ්‍රී ලංකා සංචාරයට එන්න හිටපු උමා අක්මාල්ට තරග තහනමක් සහ මිලියනයක දඩයක්

ශ්‍රී ලංකා සංචාරයට එන්න හිටපු උමා අක්මාල්ට තරග තහනමක් සහ මිලියනයක දඩයක්

පකිස්ථාන කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවෙක් වන උමාර් අක්මාල් හට තරඟ තහනමක් පැනවීමට පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබෙනවා.ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන තරඟ 03ක් සඳහා අක්මාල්ට සහභාගී වීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.එම තරඟ තහනමට අමතරව පකිස්ථාන මුදලින් මිලියනයක දඩ මුදලක්ද අයකර ගැනීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර ඇති අතර මාස 02ක කාලයක් පකිස්ථානයෙන් පිට පැවැත්වෙන තරඟ ක්‍රීඩා කිරීමද උමාර් අක්මාල් හට අහිමි කර තිබෙනවා.

මාධ්‍ය සකච්ඡාවක් කැඳවමින් පකිස්ථාන කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් හට චෝදනා කිරීම සම්බන්ධයෙන් උමාර් අක්මාල්ට මෙම දඬුවම් පැනවීමට ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. උමාර් අක්මාල් මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා ඇත්තේ පුහුණු වීම අතර මිකී ආතර් තමන්ට පරුෂ වචනයෙන් බැන වැදුණු බවත් ඒ සම්බධයෙන් මිකී ආතර්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටයි. කෙසේ වෙතත් පකිස්ථාන ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් ගතව ඇති කොන්දේසි උල්ලංඝනය කරමින් උමාර් අක්මාල් කටයුතු කර තිබීම හේතුවෙන් ඔහුට එරෙහිව මෙම දඬුවම් පැමිණවීමට කටයුතු කළ බවයි පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ.

ඒ අනුව මේ වසරේ පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමිය ලීග් තරඟාවලියේ මුල් තරඟ සඳහා සහභාගිවීමට ඔහුට අවස්ථාව නොලැබෙන අතර එහි අවසන් සති 02 දෙකේ පැවැත්වෙන තරඟ සඳහා සහභාගී වීමට අවසථාව ඔහුට හිමිවනවා.බොහෝ විට පකිස්ථාන කාණ්ඩයම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා සහභාගී වීමට ඔහුට අවස්ථාව නොලැබෙන අතර එම තරඟාවලිය එක්සත් එමීර් රාජ්‍යයේ පැවැත්වීම එයට හේතුව වනවා.

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!