Breaking News
Home / ක්‍රිඩා / ශ්‍රී ලංකා පරිනතම ටෙස්ට් ආරම්භක පිතිකරු දිමුත්ට කොදෙව් සංචාරය ආබාදයක් නිසා අහිමිවෙයි. නොසලකා හරින්නැයි ඉල්ලු හිටපු එක්දින නායක උපුල්ට නැවත අවස්තාව

ශ්‍රී ලංකා පරිනතම ටෙස්ට් ආරම්භක පිතිකරු දිමුත්ට කොදෙව් සංචාරය ආබාදයක් නිසා අහිමිවෙයි. නොසලකා හරින්නැයි ඉල්ලු හිටපු එක්දින නායක උපුල්ට නැවත අවස්තාව

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නගේ ඇඟිල්ලක අස්ථියක් බිදී යාම හේතුවෙන් මේ මාසයේදී ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සදහා සහභාගි වීමේ අවස්ථාව අහිමි විය හැකි බව වාර්තා වේ.

මේ දිනවල පැවැත්වෙන අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය සඳහා අඟහරුවාදා ( 01 ) සිය පුහුණුවීම් කටයුතු වල නිරත වී සිටියදී දිමුත් කරුණාරත්නගේ අතට පන්දුව වැදීමෙන් ඇඟිල්ලක අස්ථියක් පුපුරා ගොස් තිබේ.

Image result for dimuth karunaratne

මේ තත්වය මත 30 හැවිරිදි දිමුත් කරුණාරත්නට මෙවර බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අහිමි වනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව සති 6 ක කාලයක් විවේක ගැනීමට සිදුවන නිසා කොදෙව් ටෙස්ට් සංචාරය දිමුත්ට අහිමි වනු ඇති. ඒ වෙනුවට ආරම්බක පිතිකරුවකු ලෙස නැවත උපුල් තරංග ලහිරු තිරිමාන්න හෝ කුසල් ජනිත් එකතුවීමට ඉඩ ඇත.

Image result for upul tharanga test

කරුණාරතනගේ ආබාධිත තත්වය පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙකු පරීක්ෂා කරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තව දුරටත් ප්‍රකාශ කර සිටියේය.

වමතින් පිත්ත හසුරුවන දිමුත් කරුණාරත්න මේ වන විට ටෙස්ට් තරග 49 කදී ලකුණු 3186 ලබා ඇත. එයට ශතක 7 ක් සහ අර්ධ ශතක 14 ක් ඇතුළත් වේ.

About article14

Check Also

මහින්ද හා චම්පික රණවක දෙදෙනා පාර්ලිමේන්තු කලබලය මැද කතා කර කර සිටින විට ලොහාන් රත්වත්තේ චම්පිකට පහර දෙයි

වෙල්ගම මන්ත්‍රීවරයා මෑතකදී කියූ ‘ඔබේ අත් දෙකේම ලේ’ යයි චෝදනා කල ලොහාන් චම්පිකට පහරදුන් විදිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!