Breaking News
Home / දේශීය පුවත් / ශ්‍රී ලංකා ජනාධිපති පරිසර හිතකාමී නායකයෙක් බව කෙන්යා ජනපති කියයි සිංහරාජේ විල්පත්තු නකල්ස් කපමින් වාතය රකින්න කාබන් බද්ද ගසා රැකපු හැටි

ශ්‍රී ලංකා ජනාධිපති පරිසර හිතකාමී නායකයෙක් බව කෙන්යා ජනපති කියයි සිංහරාජේ විල්පත්තු නකල්ස් කපමින් වාතය රකින්න කාබන් බද්ද ගසා රැකපු හැටි

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පරිසර හිතකාමී නායකයෙකු බව කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා පවසනවා. පරිසරය රැක ගැනීම වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ගනු ලැබ ඇති පියවර ඉතා ඉහළින් අගය කරන බවද කෙන්යානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

රාජ්‍ය නායකයන් දෙපළ අතර ඊයේ පස්වරුවේ පැවති සුහඳ සාකච්ඡාවකදී මෙම අදහස් පළ කෙරුණා.ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කෙන්යානු සංචාරයක යෙදී සිටින්නේ නයිරෝබි අගනුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ 4 වන සැසි වාරය සදහායි.

මෙම සැසි වාරය අමතමින් ජනාධිපතිවරයා ඊයේ (14) විශේෂ දේශණයක්ද සිදුකළා. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ ජනාධිපති උහුරු කෙන්යාටා අතර සුහඳ සාකච්ඡාවක් සිදුවූයේ ඉන් අනතුරුවයි.නමුත් මෙම කතාව ඇසු ශ්‍රී ලාංකිකයන් බඩ අල්ලාගෙන හිනා වෙන්නට පටන්ගෙන තිබෙන්නේ සිංහරාජය විල්පත්තුව නකල්ස් වැනි රක්ෂිත අක්කර ගණන් කපා විනාස කරමින් සිටින අතර පරිසරය රැකීමට යයි සිරිසේන කාබන් බද්දක් ගසා වාහන ලියාපදිංචියෙන් බදු ගසමින් සිටිනවා.

About article14

Check Also

ගෝඨාගේ රක්නාලංකා එකෙන් ගලවලා ටෙන්ඩරේ චම්පිකගේ ආශිර්වාදයෙන් පරණවිතානගේ තල්ලුවෙන් සබරගමු විශ්ව විද්‍යාලේ ආරක්ෂක සේවය ගත් හැටි

සබරගමුව විශ්ව විද්‍යාලය ඇතුලු රජයේ බොහෝ ආයතන වල 2015 ට පෙර දක්නට ලැබුනේ රක්නා ලංකා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!