Breaking News
Home / දේශීය පුවත් / ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුගේ නොහැකියාව මත තනතුරු අහිමිවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුගේ නොහැකියාව මත තනතුරු අහිමිවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබෙන 43 හැවිරිදි දකුණු අප්‍රිකානු ජාතික නික්‌ පෝතාස්‌ව ඉවත්කර තවත් විදෙස්‌ පුහුණුකරුවකු පත්කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආරංචි මාර්ග ඔස්‌සේ වාර්තා වේ.

2019 ලෝක කුසලාන දක්‌වා ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර සිටි ග්‍රැහැම් ෆෝඩ් මහතා සේවය අතහැර යැමෙන් පසුව නික්‌ පෝතාස්‌ට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධාන පුහුණුකරු ධුරයට පත් කළේය. ඔහුගේ තේරීම් සහ කණ්‌ඩායමේ දක්‍ෂතාවද මේ දිනවල වැඩි මාර්තෘකාවට බඳුන්ව තිබේ. ඉන්දියාව සමග පැවැති දෙවැනි ටෙස්‌ට්‌ තරගයේදී වමත් පාදඟ පන්දු යවන්නන් දෙදෙනෙක්‌ ක්‍රීඩා කරවීම සම්බන්ධයෙන්ද පෝතාස්‌ට චෝදනා එල්ලවී තිබේ.

“පෝතාස්‌ව පත්කළේ කොහොමත් කෙටි කාලයකටයි. එයා හිටියෙ අවුරුදු 19 න් පහළ කණ්‌ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු හැටියටයි. පස්‌සෙ ජාතික කණ්‌ඩායමට ගෙනාවා. නමුත් පන්දු රැකීමෙත් දියුණුවක්‌ නෑ. පෝතාස්‌ව ඉන්දියානු සංචාරයෙන් පසුව ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත් කරනවා.” යෑයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධානියකු “දිවයින” ට පැවසීය.

කෙසේ වෙතත් පෝතාස්‌ වෙනුවට පත්කරන පුහුණුකරුවන් තේරීම මේ දිනවල සිදුකෙරන අතර ඒ අතර ජාත්‍යන්තර ක්‍රිකට්‌ විස්‌තර විචාරකයකු වන ඩීන් ජෝන්ස්‌ මෙන්ම එංගන්ත ප්‍රාන්ත පුහුණුකරුවන් දෙදෙනකුගේ අයඳුම්පත් අවසන් වශයෙන් සැලකිල්ලට ගෙන තිබේ.

“කවුද කියල තවම කියන්න බැහැ. කොහොමත් 2019 වන තෙක්‌ හරියටම හොඳ කෙනෙක්‌ හොයා ගන්න වෙනවා. අපි තවත් සාකච්ඡා කරමින් ඉන්නෙ ඒ නිසා හරියටම කාවද දාන්නෙ කියල දැන්ම කියන්න බැහැ. කොහොම වුණත් වැඩේ කරගෙන යන්න පුළුවන් දක්‍ෂයා තෝරනවා.” යෑයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නියෝජිතයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

About article14

Check Also

ජනාධිපති සිරිසේන රෝ සංවිධාන කුමන්ත්‍රණ කතාව මත පලුදුවුණු මෝදී – ලංකා මිත්‍රත්වයට නැවත පන පොවන්න මෝදී හමුවුන රනිල්

ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (20) එරට අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!