Breaking News
Home / දේශීය පුවත් / ශ්‍රී ලංකා ක්‍රිකට් පන්දු රැකීම දුර්වල කල පුහුණුකරුව ප්‍රධාන පුහුණුකරු කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පන්දු රැකීම දුර්වල කල පුහුණුකරුව ප්‍රධාන පුහුණුකරු කරයි

සිය මව් රට බලා ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු ග්‍රැහැම් ෆෝර්ඩ් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේ අවිනිශ්චිතාවයක් ඇති වීම නිසා සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ක්‍රිකට් තරඟාවලියේ ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන නික් පොතාස් පත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

එසේම මෙම තරගාවලිය සඳහා පිතිකරණ පුහුණුව සඳහා ශ්‍රී ලංකා A කණ්ඩායමේ පුහුණුකරු අවිශ්ක ගුණවර්දන සහ වේගපන්දු පුහුණුකරු ලෙස චම්පක රාමනායක පත්කිරීමටද සුදානමක් ඇති බවත් වැඩි දුරටත් වාර්තා වේ.
ශ්‍රී ලංකා පන්දු රැකීමේ දුර්වලතාවයන්ට පසුගිය දිනවල දැඩි දෝෂදර්ශනයට ලක්වූ පන්දු රැකීමේ පුහුණුකරුවා ඒ තනතුරෙන් උසස් කර ප්‍රදාන පුහුණු කරු තනතුරට පත් කිරීම විමතියට කරුණකි.

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!