Breaking News
Home / ක්‍රිඩා / ශ්‍රී ලංකා ක්‍රිකට් දිරිගන්වන්නා නිලාම්ගේ අසනීප පියා බලන්න ගිය ශර්මා ඔවුන්ට පුහුණු වෙන්න පන්දු යවලා තුවාලවූ රාගම ක්‍රීඩකයාගේ වියදමත් දරන්න යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් දිරිගන්වන්නා නිලාම්ගේ අසනීප පියා බලන්න ගිය ශර්මා ඔවුන්ට පුහුණු වෙන්න පන්දු යවලා තුවාලවූ රාගම ක්‍රීඩකයාගේ වියදමත් දරන්න යයි

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ කළ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කිරීමට ගයාන් මංජුල සමඟ ඉන්දියාවට ගොස් සිටි නිලාම්ගේ පියා අසනීප වුණ බව දැනගත් ඉන්දීය නායක රෝහිත් ෂර්මා වහාම නිලාම්ට ආපසු ලංකාවට ඒම සඳහා ගුවන් ටිකට් පතක් වෙන්කරදී තිබූ අතර, එම සිදුවීම අමතක වී ගොස් නොමැති ඉන්දීය නායකයා මේ දිනවල පැවැත්වෙන නිදහස් කුසලාන තරගාවලිය අතරතුරදී නිලාම්ගේ පියාගේ සුවදුක් විමසා බැලීම සඳහා ඔහුව බැලීම සඳහා යෑමට සූදානම් වී ඇතැයි පැවැසේ.

Image result for sri lankan famous cricket fan

ඒ අනුව අද හෝ හෙට දිනයේදී ඉන්දීය නායකයා නිලාම්ගේ පියාගේ සුවදුක් විමසා බැලීම සඳහා නිලාම්ගේ නිවසට යෑමට නියමිතව ඇති අතර, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දිරිමත් කරන්නකු වන ගයාන් කුමාර “මව්බිම”පුවත්පතට පවසා සිටියේ මෙවැන්නකි.

“මට රෝහිත් ෂර්මා හමු වුණාම හුඟක් වෙලාවක් අපි කතා කළා. ඒ කතා කළ වෙලාවේදී ඔහු මගෙන් ඇහුවා නිලාම්ගේ තාත්තගේ විස්තර. ඒ අහපු වෙලාවෙදී ඔහු අපිට කිව්වා 16 හෝ 17 වැනිදා නිලාම්ගේ තාත්තා බලන්න එන්නම් කියලා”

මේ අතර ඉන්දීය කණ්ඩායමට දැල් ආවරණ පුහුණුවීම් සඳහා පන්දු යවමින් සිටි රාගම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයකුගේ මුහුණේ පන්දුව වැදීම හේතුවෙන් මේ වනවිට නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන එම ක්‍රීඩකයාට වැයවෙන මුදල ගෙවීමට තමන් සූදානම් බව ඉන්දීය නායකයා පවසා ඇතැයි දැනගන්නට ඇත.

Image may contain: one or more people

දැනගන්නට ඇති පරිදි ශ්‍රී ලංකාව සමඟ පැවැති පළමු තරගයට පෙර (මාර්තු 05) මෙම සිදුවීමට මැදිවූ ක්‍රීඩකයා විසින් ඉන්දීය පිතිකරුවකුට පන්දු යවමින් සිටියදී එම පිතිකරුවා එල්ල කළ ඩ්‍රයිව් පහරක් පන්දු යැවූ රාගම ක්‍රීඩකයාගේ මුහුණේ වැදී තිබූ අතර, ලේ ගලමින් සිටි ඔහු පසුව නවලෝක රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණි.

කෙසේ වෙතත් මොහුගේ සම්පූර්ණ වියදම දැරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් ඉදිරිපත්ව ඇති නමුත් ඉන්දීය නායකයා පවසා ඇත්තේ අවශ්‍ය වන ඕනෑම මොහොතක මෙම ක්‍රීඩකයා වෙනුවෙන් ඕනෑම වියදමක් දැරීමට තමන්ද සූදානම්ව ඇති බවය.

About article14

Check Also

ලෝක කුසලාන ජය සැමරුම් සමග ප්‍රංශයේ ජාතිවාදී ගැටුම් ඇවිල යයි. පැරිසිය මුම්බායි වගේ ජරා කර ඇතයි පවසමින් මුස්ලිම් හා සරණාගතයින්ට ප්‍රහාර

2018 පාපන්දු ලෝක කුසලානය ප්‍රංශය විසින් පසුගිය දින (15) දිනා ගත්තා. මෙම ජයග්‍රහනයත් සමග එම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!