Breaking News
Home / ක්‍රිඩා / ශ්‍රී ලංකා කණ්ඩායමේ මීලග ඕස්ට්‍රේලියානු සංචාරයට දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් කැන්බරා වල අළුත්ම ඕවල් ක්‍රීඩාංගනයට ටෙස්ට් වරම් ලබා දෙන දෙරටේ මංගල තරගය

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීලග ඕස්ට්‍රේලියානු සංචාරයට දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් කැන්බරා වල අළුත්ම ඕවල් ක්‍රීඩාංගනයට ටෙස්ට් වරම් ලබා දෙන දෙරටේ මංගල තරගය

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලබන (2019) ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය සඳහා අලුත්ම ක්‍රීඩාංගණයක් භාවිතා කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. දෙවැනි තරගය පැවැත්වීමට නියමිත මනුකා ඕවල් පිටියේ මේ දක්වා ටෙස්ට් තරගයක් පවත්වා නැති අතර වසර 26 කාලයක් පුරා එහි පවත්වා ඇත්තේ එක්දින අන්තර්ජාතික තරග 9 ක් පමණි.

තරග දෙකකින් සමන්විත තරගාවලියේ පළමු ටෙස්ට් තරගය බ්‍රිස්බේන්හි ‘ගැබා’ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එය දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ. දෙවැනි තරගය කැන්බරාහි ‘මනුකා ඕවල්’ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර මෙතෙක් ටෙස්ට් තරග 29ක් පවත්වා ඇති අතර එයින් තරග 17 ක්ම ජයගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාව විසිනි. එයින් ශ්‍රී ලංකාවට ජය ගැනීමට හැකි වී ඇත්තේ ටෙස්ට් තරග 4 ක් පමණි. 2016 වසරේ ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ තරග 3÷0 ලෙස පූර්ණ තරගාවලි පරාජයකට පත් වූයේ වසර 17 කට පසුවය.

තරග කාලසටහන
ජනවාරි 24 – 28 : පළමු ටෙස්ට් තරගය බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී
පෙබරවාරි 01 – 05 : දෙවැනි ටෙස්ට් (දිවා/රාත්‍රී) තරගය මනුකා ඕවල් පිටියේදී
– 024

About lanka

Check Also

ප්‍රේමදාසේ ලංකාව ගහපු 20 20 තරග 18 න් 15 ක් පරාදයි දකුණු අප්‍රිකාව එක්ක ගහපු එකම එකත් පරාදයි. අද වෙනසක් වෙයිද?

සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පන්දුවාර 20 කි‍්‍රකට් තරගයක් කොළඹ ආර්. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!