Breaking News
Home / ක්‍රිඩා / ශ්‍රී ලංකාව බිහිකළ ලෝක පූජිත වමත් පන්දු යවන්නා අද බිහිකළ ලෝක වාර්තා

ශ්‍රී ලංකාව බිහිකළ ලෝක පූජිත වමත් පන්දු යවන්නා අද බිහිකළ ලෝක වාර්තා

අවුරැදු 39 යි දින 197 ක් වන රංගන හේරත් ලෝකයේ දක්ෂතම ටෙස්ට් වමත් පන්දු යවන්නා බවට පත් වී හමාරයි. ඒ ටෙස්ට් තරඟ 84 කදී කඩුලු 400 ක් ලබා ගනිමින් ලෝකයේ වමත් පන්දු යවන්නෙකු ලබා ගත් වැඩිම කඩුලු ප්‍රමානයට හිමිකම් කියන නිසයි. එයට කඩුලු 5 බැගින් අවස්ථා 33 ක් සහ 10 බැගින් අවස්ථා 9ක් ඇතුලත්.

තවද පකිස්ථානයට එරෙහිව ක්‍රීඩකයෙකු ලබාගත් වැඩිම කඩුලු ප්‍රමාණයටද හිමිකම් කියන්නේ රංගන හේරත්ය ඒ පකිස්ථානයට එරෙහිව කඩුලු සියයක් ලබා ගැනීමේ වාර්තාවයි. අද තරගයේදී ඔහු කඩුළු 11 ලබා ක් ලබා ගැනීමට සමත් වුණා.

හරි අපුරු සිදුවීමක් රංගන ගේ අවසන් කඩුල්ල ලබා ගැනීමට පෙර පිටියේ සිදුවුණා ඒ දිල්රුවන් පෙරේරාගේ නි පන්දුවකට අවසාන කඩුල්ල ලබා ගැනීමයි .ශ්‍රී ලංකා කණ්ඩායම දෙවරක් ජයග්‍රහණය ඒ නිසා සමරන්නට සිදුවුණා.

තවද රංගන හේරත් හතරවෙනි ඉනිමේදී කඩුලු පහ බැගින් ලබා ලබාගත් 11 වෙනි අවස්ථාව ද වෙනවා. ඒ අනුව ලෝකයේ හතරවෙනි ඉනිමේ හොඳම ලකුණු ආරක්ෂා කරන පන්දු යවන්නා බවට පත්වෙනවා . ෂේන් වෝන් සහ මුත්තයියා මුරලිදරන් යන දෙදෙනාත් අවස්ථා හතක දී පමණයි එවන් දස්කමක් කර තිබෙන්නේ

මේ ශ්‍රී ලංකාව බිහි කළ තවත් යුගයක පුරාවෘත්තයක් බවට පත් වී හමාරයි . මේ අනුව ශ්‍රී ලංකාවට මෑතකදීම මේ සම්පතත් අහිමි වී යන බව අප දන්නා කරුණක් වන්නේ ඔහු දැන් 40 වන වියට පත්වී තිබෙන නිසයි. සුපිරි ක්‍රීඩකයන් බිහි කළ රටක් විදියට නැවත මෙවන් පුරාවෘත්ත සොයාග ගැනීම ක්‍රිකට් ‍ පරිපාලනයේ වගකීම් වන්නේය.

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ 70 දශකයේ රහස් මිනීමැරුම චන්ද්‍රන්රත්නම් සිනමාවට නගයි. සුරූපී ජැකලින්ගේ රංගනය ශ්‍

ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලංකා සිනමාකරු චන්ද්‍රන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!