Breaking News
Home / දේශීය පුවත් / ශ්‍රී ලංකාවේ “හර්ඩික් පාන්ඩයා” දසුන් ශානක ඉන්දීය වෙබ් අඩවියක් පවසයි.

ශ්‍රී ලංකාවේ “හර්ඩික් පාන්ඩයා” දසුන් ශානක ඉන්දීය වෙබ් අඩවියක් පවසයි.

දසුන් ශානක මේ දිනවල එස්.එස්.සී කන්ඩායම සමග සිංගප්පූරු 20 20 තරගාවලියක් ක්‍රීඩා කරමින් සුපිරි දස්කම් දක්වමින් සිටිනවා. ඉන්දීය ක්‍රිකට් වෙබ් අඩවියක් සදහන් කරන්නේ මොහු ලංකාවේ සිටින හර්දික් පාන්ඩයා විය හැකි බවයි. එහෙත් මොහු තේරිම් කමිටුව සම්පූර්නයෙන් අමතක කර ඇති බව සදහන් කරනවා.

හොද දක්ෂාතා අතර සිටින දසුන්ට ස්ථානයක් නොදී තිසර පෙරේරා එංගලන්තයේ සිට ගෙන්වීම පුදුමයක් බවයි ඔවුන් සදහන් කරන්නේ. අසේල ආබාද වීම ඇන්ජලෝ පිතිකරුවකු ලෙස ක්‍රීඩා කිරීම නිසා මොහුට ඕල්රවුන්ඩර් කෙන්ක් විදියට අවස්ථාව නොදෙන්නේ ඇයිදැයි ඉන්දීය වෙබ් අඩවිය විමතිය පල කරනවා.

මේ දිනවල ක්‍රීඩාකරන සිගප්පූරු 20 තරගාවලියේ අවසන් තරගයේදී පන්දු 23 කට ලකුණු 47 ක් ලබාගෙන තම කණ්ඩායම අවසන් පූර්ව තරගයට ගෙන ගිය බවත් ඉන්දීය කණ්ඩායමේ පාන්ඩයා ටෙස්ට්. 20, 50 කොටස් තුනම ක්‍රීඩා කරන බවත් එවැනිම හැකියාවක් මොහුට ඇති බවත් ඔවුන් සදහන් කරනවා. ෆෝමැට් තුනම ක්‍රීඩාකල හැකි ක්‍රීඩකයින් ඉතා අල්ප වුවත් සනත් ජයසූරිය කුමන අදහසක සිටිනවාද යන්න නොදන්නා බව ඉන්දීය ක්‍රිකට් වෙබ් අඩවිය ප්‍රශ්න කරනවා.

About article14

Check Also

අපි සමනල්ලු. එහෙනම් අපේ ඡන්දය ආය එපාද? සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්

සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්. වීඩියෝව පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!