Breaking News
Home / දේශීය පුවත් / ශ්‍රී ලංකාවේ ජනාධිපති අගමැතිට සම්බන්ධ මාධ්‍යක් තහනම් කරයි. කලින් ඊ නිවුස් තහනම් කළා. මහින්දගේ හා සිරිසේනගේ මාධ්‍ය මර්ධනය ගැන ලන්ඩන් ජනප්‍රියම වෙබ් අඩවිය වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ ජනාධිපති අගමැතිට සම්බන්ධ මාධ්‍යක් තහනම් කරයි. කලින් ඊ නිවුස් තහනම් කළා. මහින්දගේ හා සිරිසේනගේ මාධ්‍ය මර්ධනය ගැන ලන්ඩන් ජනප්‍රියම වෙබ් අඩවිය වාර්තා කරයි

ලන්ඩන් සිට ක්‍රියාත්මක වන ලොව ජනප්‍රියම වෙබ් අඩවියක් වන ඩේලිමේල් වෙබ් අඩවිය ටි එන එල් ආයතනය සිල් තැබීම සම්බන්ධයෙන් වාර්තා කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ජනාධිපති අගමැතිට සම්බන්ධ මාධ්‍ය ආයතනයක් වසා දමයි යනුවෙන්.

Image result for dailymail.com head office

එහි වැඩි දුවරටත් සදහන් කර ඇත්තේ ටිඅර්සි විසින් ටෙලිශාන් මාධ්‍ය ආයතනය බලපත්‍ර ලබාගැනීම සම්බන්ධව වසා දමා ඇති බවත් එයට ආසන්නම හේතුව ලෙස දැක්විය හැක්කේ සිරිසේනව පසුගිය දිනක විවේචනය කිරීම යනුවෙන් ජාත්‍යන්තර වෙබ් අඩවියද සදහන් කර තිබෙනවා.

මේ පිළිබද කිසිවක් නොදන්නා බවත් මෙය අනුමත නොකරන බවත් මේ ගැන සොයා බලන බවත් මාධ්‍ය ඇමති මංගල පැවසු බව ලන්ඩන් වෙබ් අඩවිය සදහන කර තිබෙනවා.

එසේම සිරිසේන විසින් පසුගිය නොවැම්බරයේ තමන්ගේ කාර්යාලයේ දුෂණ හෙලිකල නිසා ලන්ඩන් සිට ක්‍රියාත්මක වන ලංකා ඊ නිවුස් තහනම් කල බවත් ඔවුන් වැඩි දුරටත් වාර්තා කර තිබෙනවා.

එසේම පසුගිය ජනාධිපතිවරයා ගැන සදහන් කරන ඩේලිමේල් වෙබ් අඩවිය පවසන්නේ මාධ්‍යවේදීන් 17 ක් රාජපක්ෂ පාලන කාලයේ ඝාතනය වූ බවත් විපක්ෂ වූ සියලු වෙබ් අඩවි තහනම් කල බවත්ය.

කෙසේ වෙතත් සිරිසේන වික්‍රමසිංහගේ පක්ෂයේ දුෂණ ගැන චෝදනා කරන අතර එජාපය පවසන්නේ ජනාධිපතිවරයා තමන්ට අකුල් හෙලමින් සිටින බවත් යන්න ලොව ජනප්‍රියම වෙබ් අඩවියක් වන ඩේලිමේල් වාර්තා කර තිබෙනවා.

මේ සියල්ලම අපක්ෂපාතිව දකින අපට කියන්නට ඇත්තේ සියලු පාර්ශව වල නිරුවත ලෝකය ඉදිරියේ නිරාවරණය වී තිබෙන අතර ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරන්නට යාමේදී මෙම තත්වය ඉතා අවසාසිදායක වෙනු ඇති.

රටින් පිටවී සිටින ලාංකිකයන්ටද තමන්ගේ ආත්ම ගරුත්වය තබාගෙන එම රටවල ජිවත්විමටවත් හැකිවේදැයි දැන්නම් සැක සහිතයි.

මේ www.dailymail.co.uk වාර්තාව

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!