සිනෙස්ටා පදනමේ සභාපති ජයන්ත ධර්මදාස මහතා සඳහන් කළේ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වූ බව ය.
1919 අප්‍රේල් මස 05 වැනි දින උපන් ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 99වන වියේ පසුවිය.
දකුණු ඉන්දීය ක්‍රමයට නබුරුවී තිබු ශ්‍රී ලංකා චිත්‍රපට කර්මාන්තය දේශීය ක්‍රමයට 1956 වසරේ දෙසැම්බර් 29 වෙනිදා රේඛාව චිත්‍රපටය තුළින් ඔහු මහා සිනමා විප්ලවයක ආරම්භය සනිටුහන් කළේය.
ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා ජාත්‍යන්තර ගෞරවය ලත් මෙරට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, තිර රචකයකු, චිත්‍රපට නිෂ්පාදකවරයෙක් විය.
1949 වසරේ සිට ඔහු විසින් චිත්‍රපට 28කට වඩා නිපදවා ඇත.
ඔහු ඉතිහාසයට ඒකව සිටින්නේ චිත්රාගාර තුළ අමුද්‍රව්‍ය යොදා ගනිමින් මැවුණු කෘත්‍රිම රූ රටා වෙනුවට සිනමා කැමරාව චිත්රාගාරයෙන් පිටතට ගෙන ගොස් ස්වභාවිකත්වය සිනමාවට ආරෝපණය කළ පළමු ලාංකීය සිනමාකරුවා ලෙස ය.
සංදේශය, ගම්පෙරළිය, රන්සළු, දෙලොවක් අතර, ගොලු හදවත, නිධානය, වෑකන්ද වලව්ව වැනි අනගි නිර්මාණ ලෙස්ටර්ගේ සිනමා චාරිකාවේ මං සලකුණු කිහිපයකි.