Breaking News
Home / දේශීය පුවත් / ශ්‍රී ලංකාවේ ඉතිහාසගත නඩු තීන්දුව සවස 5 ට

ශ්‍රී ලංකාවේ ඉතිහාසගත නඩු තීන්දුව සවස 5 ට

අධිකරණය ව්‍යවස්තාධායකය අධිකරණය එකට ගැටෙන ඉතිහාස ගත අවස්ථාවේ තීන්දුව සවස 5 ට දීමට නියමිතයි.

ජනාධිපතිවරයාට එරෙහිව පෙත්සම් 13 ක් හා පක්ෂව පෙත්සම් 5 ක් විභාග වී තිබෙනවා. එසේම හිටපු නිතිපතිවරයකු වන තිලක් මාරපන, ජෙෂ්ට නීතිඥ ගෝමින් දයාසිරි සුමන්තිරන සරවනමුත්තු ඇතුළු විශාල පිරිසක් තර්ක කර අතර දෙස් විදෙස් මාධ්‍යවේදීන් පක්ෂ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙයට සහභාගිවී තිබෙනවා.

වරක ගම්මන්පිල මන්ත්‍රීවරයා තර්ක කර ඇත්තේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීමට සම්පුර්ණ බලය ඇති බවත් ඒ ඔහු මැතිවරණයකින් ජයගෙන බලය ආ ජනවරමක් ඇති පුද්ගලයෙක් නිසා අරාජික නොවන ලෙස ඔහු වගබලාගත් බවයි යන්නයි.

ජනාධිපතිගේ ජනවරම දැන් ඔහු පිල මාරු කල නිසා තිබෙනවාද යන්න ප්‍රශ්නයක් වන අතර රට 26 වන තෙක් ප්‍රශ්නයක් තිබුනේ නැති අතර නව අගමැතිවරයකු පත්කළ නිසා බහුතරය හොයන්න ගොස් අරාජික වූවානම් රට අරාජික වූ බව සැමගේ අදහසයි.

එසේම වරක නීතිඥ සුමන්තිරන් මන්ත්‍රී වරයා තර්ක කලේ ජනාධිපති වන පුද්ගලයා අගමැතිගේ මුනට අකමැති වන සැම අවස්ථාවකම මෙසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිද යන්නයි. එවිට සභාවේ යම් සිනහවක් නැගුණි.

කෙසේ වෙත්තත් නීති පති ජනාධිපතිගේ පාර්ශවය නියෝජනය කරමින් මෙය නිත්‍යනුකුල බව පැවසීම විශේෂ අවස්තාවක්. සවස 5 ට (13) ලංකා ඉතිහාසයේ තීරණාත්මක තීන්දුවක් ලැබීමට නියමිතයි

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!