Breaking News
Home / ක්‍රිඩා / ශ්‍රී ලංකාවට වැඩි ගෞරව ගෙන දෙමින් දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වෙයි. ලංකාව 60/3 යි. ලංකාව 162 ක් කඩුලු 7 ක් අතැතිව පසුපසින් ද

ශ්‍රී ලංකාවට වැඩි ගෞරව ගෙන දෙමින් දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වෙයි. ලංකාව 60/3 යි. ලංකාව 162 ක් කඩුලු 7 ක් අතැතිව පසුපසින් ද

දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය අවසාන වන විට ලංකාව ලකුණු 60 ට කඩුලු 3 යි.තවත් ලකුණු 162 ක් කඩුලු 7 ක් අතැතිව ලංකාව පසුපසින් සිටිනවා. කෙසේ වෙතත් අද දිනයේ වැඩි ගෞරව හිමිවුයේ ලංකාවටයි. කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ද අප්‍රිකාව ලබාගත්තේ 222 ක් පමණයි.

කෙසේ වෙතත් අද දිනයේ ලකුණු 282 කට කඩුලු 13 ක් දැවී ගොස් තිබෙන අතර පොර්ට් එලිසබත් ක්‍රීඩාංගනයේ පළමු දිනයේ කඩුලු 13 ක් දැවී ගිය පළමු අවස්ථාවද මෙය වන බවයි විචාරකයන් පවසන්නේ. මෙම ක්‍රීඩාංගනය ප්‍රසිද්ධව ඇත්තේ පිතිකරුවන්ට උචිත ක්‍රීඩාංගනයක් ලෙසයි. දිමුත් ලකුණු 17 කට දැවීගිය අතර ඕෂධ ප්‍රනාන්දු ලකුණු ලබාගැනීමට පෙර දැවී ගියා.

එසේම කුසල් මෙන්ඩිස් අදත් අසාර්ථක වූ අතර ඔහු හොදින් ක්‍රීඩාකරමින් සිටියත් හිටි හැටියේම ඔහුගේ විශ්වාසය බිදීයන ආකාරයක් කිහිපවිටක්ම දක්නට ලැබුනා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ඔලිවර් ලකුණු 16 ට මෙන්ඩිස් දවගත්තා. රබාඩා එක කඩුල්ලක් සහ ඔලිවර් කඩුලු 2 ක් දවාගැනීමට සමත්වුනා. හෙට තරගයේ 2 වන දිනය වන අතර දකුණු අප්‍රිකා ඉනිම අවසන් වන තෙක් තරග වාර්තාව මෙසේයි.

දිවා ආහාරය වන විට කඩුලු 4 දැවී ගොස් තිබු දකුණු අප්‍රිකාවේ සියලුම කඩුලු 222 කට දවා ගන්න ලංකාව සමත් වුනා. ඒ තේ පානයෙන් පසුයි. මේ තරගාවලියේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කඩුලු 10 ම 260 කට වඩා අඩු ප්‍රමාණයකට දවාගත් තුන්වන අවස්තාව මෙය වනවා. විශිෂ්ට පන්දු යැවීමක් කල විශ්ව ප්‍රනාන්දු 62 ට කඩුලු 3 ක් ද රාජිත 67 ට කඩුලු 3 ද දනන්ජය සිල්වා අවසානයේ පන්දුවාර 5 යවා කඩුලු 2 ද ලබා ගත්තා. ලසිත් අබුල්දෙනිය පන්දු යවමින් සිටියදී ඔහුටම ලද උඩපන්දුවක් ලබා ගැනීමට යාමේදී ඔහුගේ වම් අතේ මහපට ඇගිල්ලේ පන්දුව වැදීමෙන් අබාදයකට ලක්වුනා. ඔහු එක්රේ පරීක්ෂණ සදහා රෝහල වෙත ගෙන ගිය බව වාර්තා වුනා.

එය විශාල පාඩුවක් වන්නේ ප්‍රධානම දග පන්දු යවන්නා තරගයට අහිමි වීමයි. කෙසේ වෙතත් දකුණු අප්‍රිකාව වෙනුවෙන් නැවතත් කොක් 86 ද මාක්‍රම් 60 ද ප්ලේසිස් 25 ද 7 වන කඩුල්ලෙන් පසු පැමිණි රබාඩා 22 ද ලබාගැනීමට සමත්වුනා. 8 වන කඩුල්ලේ සම්බන්ධය 59 ක්. එය තරගයේ හොදම සම්බන්ධයයි. එම සම්බන්ධය නොතිබුනානම් 200 ට වඩා අඩුවෙන් දවා ගැනීමට හැකිව තිබු අතර ලංකාව විසින් ඔවුන් දෙදෙනාගේ උඩපන්දු 2 ක් අතහැරීමද එම සම්බන්ධය ගොඩනැගීමට උදව් වුවා. මේ අද තරගයේ දිවා ආහාරය වන තෙක් වාර්තාව.

වසර 11 ක් ඇතුලත කිසිදු තරගයක් පරාජය වී නැති පොර්ට් එලිසබත්හි පළමුව පන්දුවට පහර දෙන දකුණු අප්‍රිකාව ආරම්භයේදීම ශ්‍රී ලංකා පන්දු යවන්නන් හා ක්‍රීඩකයන් දැඩි උද්යෝගයකින් ක්‍රීඩා කරනු දුටුවා. දිවා ආහාරය වන විට ලකුණු 73 කට කඩුලු 4 ක් දවගන්න ලංකාව සමත්වුනා. ඒ ප්‍රභලම කඩුලු 4.විශ්ව විසින් යැවූ තරගයේ 5 වන පන්දුවාරයේ 3 වන පන්දුවට එල්ගා ලකුණු 6 ට දැවී ගිය අතර 4 වන පන්දුවේදී සුපිරි ක්‍රීඩක අම්ලා දැවී ගියා. ඉන් පසු 7 වන පන්දුවාරයේදී බවුමා දුවද්දී දවාගැනීමට කසුන් රාජිත සමත්වුනා.

නමුත් පසුව සෙමින් සම්බන්ධයක් ගොඩ නගන්න නායක ප්ලේසිස් සහ මක්රම් සමත්වුනා.නමුත් දිවා ආහාරයට පෙර ශ්‍රී ලංකා නායකයා වෙනසක් කරමින් ඔහු විසින් අවසන් පන්දුවාරය යැවීමට පැමිණි අතර 5 වන පන්දුවේදී නායක ප්ලේසිස් දවාගැනීමට සමත් වුනා. ඒ අනුව 58 ක හොද සම්බන්ධයක් බිද වැටුනා. මාක්රම් නොදැවී ලකුණු 37 ක් ලබා සිටිනවා. විශ්ව ප්‍රනාන්දු විශිෂ්ට පන්දු යැවීමක් කරමින් කඩුලු 2 ක් සහා දිමුත් එක කඩුල්ලක් දවගන්නට සමත් වුනා.

යම් ආබාධයකට ලක්ව සිටිනවා යයි පැවසු කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කරන අතර කණ්ඩායමේ කිසදු වෙනසක් සිදු කර නැ. ශ්‍රී ලංකාව කිසි දිනක තරගාවලියක් ජය පරාජය හෝ ජයක් දකුණු අප්‍රිකාවේ ලබා නැති අතර ආසියානු කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේදී තරගාවලියක් ජයගෙන නැ. නමුත් ලංකාව පළමු තරගයේ ලැබූ පන්නරය උද්යෝගය එකමුතුව ඉතා ඉහලින් තිබෙන බව පළමු භාගයේ දක්නට ලැබුනා.

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!