Breaking News
Home / ක්‍රිඩා / ශ්‍රී ලංකාවට උසස් ගෞරවයක් දෘෂ්‍ය අබාධිත ලෝක කුසලානයේ පළමුවරට චන්දන දේශප්‍රිය ජයසුරියගෙන් පසු ලෝක කුසලානෙක තරගාවලි වීරයා වෙයි

ශ්‍රී ලංකාවට උසස් ගෞරවයක් දෘෂ්‍ය අබාධිත ලෝක කුසලානයේ පළමුවරට චන්දන දේශප්‍රිය ජයසුරියගෙන් පසු ලෝක කුසලානෙක තරගාවලි වීරයා වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් ක්‍රීඩාවෙන් අතීතයේ අප රට දිනාගෙන තිබු අභිමානය කෙමෙන් කෙමෙන් අප රටෙන් ඈත් කරන කාලයක තවත් ශ්‍රී ලංකා කණ්ඩායමක් සහ විශේෂයෙන් එක ක්‍රීඩකයෙකු ශ්‍රී ලංකාවට ක්‍රිකට් වලින් අභිමානයක් ගෙන දීමට සමත් වී ඇත.

පස් වන වතාවට පැවති දෘශ්යාභාදිත ක්‍රිකට් තරඟාවලියේ තෙවන තැන දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ චන්දන දේශප්‍රිය ශ්‍රී ලංකාවට මහත් ගෞරවයක් දිනා දෙමින් ලෝක කුසලානයේ  තරඟාවලියේ වීරයා සම්මානය දිනා ගැනීමට සමත් වී ඇත.

චන්දන මේ තරඟාවලියේ කිසිඳු තරඟයක දවා ගැනීමට කිසිම කණ්ඩායමක පන්දු යවන්නෙකු සමත් වී නැති අතර මුලික වටයේ ඉන්දීය කණ්ඩායම සහ නේපාල කණ්ඩායම් සමඟ පැවති තරඟ වල වටිනාම ක්‍රීඩකයා සම්මානය දිනාගැනීමටද සමත්කම් දැක්වුයේ චන්දන විසිනි.

චන්දන විසින් මෙම තරඟාවලියේ ලකුණු 489ක් ලබාගෙන ඇති අතර ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 62*,නේපාලයට එරෙහිව ලකුණු 132*,බංගලාදේශයට එරෙහිව 10*,ඉන්දියාවට එරෙහිව 97*,පාකිස්ථානයට එරෙහිව 79*,සහ අර්ධ අවසන් පුරව තරඟයේදී පාකිස්ථානයට එරෙහිව ලකුණු 104* ලබාගත් චන්දන තරඟාවලිය අවසාන වන විට ලකුණු 489ක් නොදැවී ලබාගෙන ඇත.

මෙම සුපිරි දක්ෂතාව දැක්වූ ශ්‍රී ලංකා නායක චන්දන දේශප්‍රිය තරඟාවලිය ආරම්භයට පෙර අප සමඟ විශේෂ හමුවකදී කියා සිටියේ තම අරමුණ අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් ලෝක කුසලානය දිනාගෙන ශ්‍රී ලංකාවට ලබාදුන් ගෞරවය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතිකළ වෙනස,දෘශ්‍යාබාධිත ක්‍රිකට් ලෝක කුසලානය දිනාගෙන ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට්     ක්‍රීඩාවේ ඇති කිරීම තම අරමුණ බවය,

චන්දනට එම වෙනස කිරීමට මෙම ලෝක කුසලානයේ හැකියාව නොලැබුනද සනත් ජයසුරිය 1996 ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයා වී ශ්‍රී ලංකාවට අත්කර දුන් ගෞරවය ශ්‍රී ලංකාවට අත්කර දීමට චන්දන සමත් විය.

ශ්‍රී ලංකාවට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉහල ගෞරවයක් ලබාදෙන මෙම කණ්ඩායම තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය යටතේ නොවීම නිසා අනෙක් රටවල ක්‍රීඩකයන්ට ලැබෙන පහසුකම් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට නොලැබීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා අප සමඟ ලෝක කුසලානයට පෙර අප සමඟ කතා කලේ තරමක කනස්සලෙනි,

“ඇත්තටම තවමත් අපි තරඟාවලියකට යද්දී කණ්ඩායම තෝරන එක කරන්නෙත් පැරා ඔලිම්පික් කමිටුව,අනිත් හැම රටේම වගේ ක්‍රිකට් පාලක මණ්ඩල මේ ක්‍රීඩාව තමන්ගේ පාලනය යටතට අරගෙන ක්‍රීඩාවේ දියුණුවට ලොකු දෙයක් කරනවා,අපේ කාලෙක ඉඳන් තියන ඉල්ලීමක් තමයි අපේ කණ්ඩායමත් ක්‍රිකට් පාලක මණ්ඩලය යටතට ගන්න කියන එක.අපිට ක්‍රීඩා පිටි.පුහුණුකරුවන් වගේ පහසුකම් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලැබෙනවා තමයි ,හැබැයි ඒක අනිත් රටවල ලැබෙන පහසුකම් වලට වැඩිය ගොඩක් පහල තැනක තියෙන්නේ.”

ශ්‍රී ලංකාවට ඉහල ජයග්‍රහණ ලබාදෙන අප දෘශ්යාබාදිත ක්‍රිකට් කණ්ඩායමට ලැබෙන ප්‍රේක්ෂක සහයද අඩු මට්ටමක ඇති අතර ජාතික ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම  පරදිද්දී ඔවුන්ට මාද්‍යයෙන් දෙන අවස්තාව ලෝක කුසලානයේ තෙවන තැන ගත් මෙම ක්‍රීඩකයන්ට සහ ලෝකයේ හොඳම ක්‍රීඩකය වූ චන්දනට ලබාදෙන අකාරයක් අපට තවමත් දකින්නට ලැබෙන්නේ නැත.ඒ ගැන චන්දනට ඇත්තේ තරමක දුකකි.

“ඉන්දියාව වගේ රටක් ගත්තම එයාලට ලොකු ප්‍රේක්ෂක සහයක් තියනවා,ලෝක කුසලානය තියෙද්දී විරාත් කෝලි සව්රව් ගංගුලි,ගෞතම් ගාම්භීර් වගේ ක්‍රීඩකයන් පවා තරඟ නරබන්න ආවා.අපේ එහෙම ලොකු ආකර්ශනයක් නෑ තාම.2012 අපි එක්ක ඉන්දියාවේ යන්න අර්ජුන රණතුංග මහත්තය ආව,හෂාන් තිලකරත්න ,තිලකරත්න දිල්ෂාන් වගේ ක්‍රීඩකයෝ අපිට උදව් කරලා තියනවා,ඒ වගේම ඩිල්මා ආයතනය අපිට ලොකු ශක්තියක් වෙලා තියනවා,පහුගිය ලෝක කුසලානෙට ක්‍රීඩා අමාත්‍යාංශය අනුග්‍රහය දුන්න. අනෙක් රටවල් තමන්ගේ රටවල තරඟාවලි තියෙද්දී මාද්‍ය අනුග්‍රහයක් දෙනවා.එකෙන් මේ ක්‍රීඩාව ගොඩක් මිනිස්සු අතරට යනවා ,අවාසනාවට අපි මොනතරම් දක්ෂතා පෙන්නුවත් අපේ දක්ෂතා මිනිස්සු අතරට ගෙනියන්න වැඩ පිළිවලක් තවම නැති එක ලොකු අඩුවක් ”

ලෝකයේ පළමුවෙනියා බවට පත්වූ චන්දන මෙම තැනට පැමිණි ගමන රෝසමල් යහනාවක පැමිණි ගමනක් නොවේ.“මම මේ තැනට එන්න මට ලොකු හයියක් වුනේ මගේ ආත්තම්මයි සීයයි,අම්මයි තාත්තයි දෙන්නම නැති මම එයාල තමයි මම පොඩි කාලේ ඉඳන් බලා ගත්තේ.මම මුලින්ම අද්‍යාපනය ලබන්නේ ගාල්ලේ නෙත් සවන් සරණ කියන විශේෂ පාසලෙන්,ඊට පස්සේ සාමාන්‍ය පෙළ දක්වා ඉගනගන්නේ කුබුක්කන සුබාද්‍යා විශේෂ පාසලෙන් .උසස් පෙළ කරන්නේ බුත්තල දුටුගැමුණු ජාතික පාසලෙන්,ඊට පස්සේ රුහුණ විශ්ව විද්‍යාලයේ තමයි මම උපාධිය හදාරන්නේ,මම විශ්ව විද්‍යාලේ ඉන්න අතරේම තමයි මට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්නත් අවසථාව ලැබෙන්නේ.”

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට මෙවැනි ක්‍රීඩකයන් සහ කණ්ඩායම් වෙනුවෙන් අවශ්‍ය ආයෝජන සිදුකර ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දුන් මෙම කණ්ඩායමට සහ චන්දනට අවශ්‍ය ඇගයීම ලබාගෙනු ඇතැයි යන්න අපගේ එකම පැතුම්ය.

About lanka

Check Also

අකිල ධනංජයගේ පන්දු යැවීම ඉරියව්ව නීති විරෝධී බව අයිසීසීය කියයි

අකිල ධනංජයගෙ පන්දු යැවීමේ ඉරියව්ව නීතිවිරෝධ් බවට ICC දෙවන වරටත් සනාථ කර තිබෙන අතර ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!