Breaking News
Home / දේශීය පුවත් / “ශලිනියි දසුන්ගේ බිරිඳයි දැන් හොඳ යාළුවෝ. අන්තිමට පුතා විතරක් නෑ” – දසුන්ගේ මව තුන්මාසේ පිකමෙදී හඬාවැටේ

“ශලිනියි දසුන්ගේ බිරිඳයි දැන් හොඳ යාළුවෝ. අන්තිමට පුතා විතරක් නෑ” – දසුන්ගේ මව තුන්මාසේ පිකමෙදී හඬාවැටේ

“මගේ පුතා මරාගෙන මේ දෙන්නා යාළුකම තවම පවත්වාගෙන යනවා..”

“තුන් මාසේ යන්න කලින් හැමෝට මගේ පුතාව අමතක වෙලා..”

දසුන් නිශාන් ද සිල්වා කියන නම රූපය අමතක වෙන්න විදිහක් නැහැ. මිට මාස තුනකට පෙර ඔහු ජිවිත රගමඩලට සමුදුන්නා. ඒ දෙහිතක ආදරේ බෙදා ගන්න බැරුව. ජනප්‍රිය රංගන ශිල්පියෙක් වුණු දසුන් මිය ගිහින් දෙසැම්බර් 23 වැනිදාට හරියටම මාස තුනයි. ඔහුගේ මතකය කාට අමතක වුණත් ඔහුගේ ආදරණිය අම්මාට මල්ලිට අමතක වෙන්නේ නැහැ. මේ සංවේදී සටහන තබන්න ඔහුගේ ආදරණිය මවව හිරු ගොසිප් වෙත සම්බන්ධ කරගත්තා.මේ ඇයගේ අදහස් ගැනයි.

දසුන් මිය ගිහින් මාස තුනක් ගත වුණා. ඔහුගේ පිංකම සිදු වුණා. මුලින්ම ඒ ගැන කියමු..?

පුතා නැති වෙලා හරියටම මාස තුනක් ගත වුණා. පුතා වෙනුවෙන් අපි 24 රෑ බණ කියලා 25 දවල් දානේ දුන්නා. ස්වාමින් වහසේලා 11 නමක් හා මෙහෙණින් වහන්සේලා දෙනමක් හා කරඩුවක් පුජා කළා. ඒ වැඩකටයුතු නම් හොදින් කළා. මගේ පුතා වෙනුවෙන් මම කොහොමත් හැමදාම පිං දෙනවා. මම කන හැම බත් කටක් ගානේම.

ඔහුගේ අවමගුලට බොහෝ දෙනෙක් සහභාගී වුණා. පිංකමට එවැනි පිරිසක් සහභාගී වුණේ නැහැ කියලා ආරංචියි.. දසුන්ව හැමෝටම අමතක වෙලාද..?

මළගෙදර ආ සෙනග නම් පුතාගේ පිංකමට ආවේ නැහැ. එහෙම බලාපොරොත්තු වෙන්නත් බැහැ. නත්තල් නිවාඩු නිසා බොහෝ අය පුද්ගලික දේවල්වලට කාලය යොදවනවා. එහෙම ආවේ නැහැ කියලා මම නම් කාත් එක්කවත් අමනාපයක් නැහැ. පුතාගේ අම්මාට ටෙලි නාට්‍ය කිහිපයකම හිටියේ කුසුම් පෙරේරා. ඇය ආවා. ඒ වගේ පුතා එක්ක බෝඩිමේ හිටපු පුතාලා හා දුවක් රුවන් වික්‍රමසිංහ පුතා ආවා. ඊට අමතරම පුතාව මුලින්ම නිරුපන ශිල්පියෙක් කළ ජොනි සමන්තයි එයාගේ මල්ලියි පුතාගේ පාසලේ යාළුවෝ හා ශිෂ්‍යයින් ආවා. ඇත්තටම කිව්වොත් පුතා මැරුණට පස්සේ එයාව හුග දෙනෙකුට අමතක වෙලා.ඒත් මම එයාගේ අම්මා මට කවදාවත් මගේ පුතාව අමතක වෙන්නේ නැහැ.

ශලනි තාරකා ඔබට කතා කළෙත් නැද්ද..?

මට කතා කළේ නැහැ. ඒ අය හිතට එකගව ජිවත් වෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. පුතා නැති වෙලා මාස දෙකෙන් පහන් වැටක් පුජා කරලා ඒක ෆේස්බුක් එකේ දාලා. එහෙම කරන්නේ ඇයි කියලා මම දන්නේ නැහැ. මට මගේ යාළුවො කතා කරලා ඒ ගැන කිව්වා. මම ශලනිට එස් එම් එස් එකක් යැව්වා. ඔයා රගපාන්න දක්ෂ නිලියක්. එදා එන්න කියලා කිව්ව වෙලාවේ පොඩ්ඩක් ඉන්න එන්නම් කිව්වා නම් අදටත් මගේ තාත්තා ජිවත් වෙනවා. දොළොස්මහේ පහන නිවා ගත්තේ ඔයා. මගේ පුතාට පිං පිණිස කරන දේවල් ෆොටෝ ගහලා ෆේස්බුක් දාන්න එපා කියලා. ශලනි නම් මට කතා කළේ නැහැ.

මගෙන් හුගදෙනෙක් ඉල්ලීම් කළා තුන් මාසේ දානෙට ශලනිට එන්න කියන්න පුතා ආඩම්බර වෙයි අන්තිම මොහොතේ හරි එයාව ගෙනල්ලා බත් කටක් කන්න දුන්නා කියලා. ඒ නිසා මම එයාට කතා කරලා කිව්වා පුතේ ඔයා මුස්ලිම් ගර්ල් කෙනෙක් වගේ හරි ඇදලා එන්න කියලා. නැත්තම් මට මිනිස්සු ගල් ගහයි කියලා. මොකද හුගක් දෙනෙක් එයාට වෛර කරන නිසා. එයා කිව්වා අම්මාගෙන් අහලා එන්නම් කියලා ආවේ නැහැ. මම එයාට කතා කළ එක ගැන එයා දසුන්ගේ බිරිද සංදිපනිට කෝල් කරලා කියලා. ඒ කියන්නේ මගේ පුතා මරාගෙන මේ දෙන්නා එයාලගේ යාළුකම තවම පවත්වාගෙන යනවා.

අම්මා දසුන්ගේ බිරිදට පිංකමට කතා නොකළේ ඇයි ..?

මම කවදාවත් සංදිපනිට නම කියලා කතා කරලා නැහැ. පුතේ කියලා කිව්වේ. මොනා කරත් එයා මගේ පුතාගේ බිරිද නිසා.ඒත් එයා මගේ පුතා මැරුණ වෙලාවේ මට කෝල් කරලා කිව්වා අන්න අරූ මැරුණා කියලා. මට ඒ මොහොතේ මහා දුකක් ඇති වුණා. දේපල ඉල්ලුවා.පුතාගේ බයික් එක දැන් එයාගේ අයියා පදින්නේ. බැංකු පොත් ගත්තා. මට මේ කිසිදෙයක් වැඩක් නැහැ. ලක්ෂ 20ක් දෙන්න බැරි නම් ගෙදරින් පලයන් කිව්වා. පුතාගේ මිනිය තියෙද්දී බාත්රූම් එක ලගදී එයා මගේ පපුවට වැලමිටෙන් අන්නා හුස්මපවා මට හිර වුණා. ඒත් මම මොකුත්ම කිව්වේ නැහැ.ඇත්තටම කිව්වොත් මට සංදීපනී හා ශලනි ගැන දැන් තියෙන්නේ වෛරයක්.

පුතා මැරෙන්න සති දෙක තුනකට කලින් මට කතා කරලා පුතාට හෙන ගහන්න ඕන මැරියන් කියලා දොස් කිව්වා මම පුතාට ආශිර්වාද කළා ජිවත් වෙන්න එයාලගේ ශාපය තමයි මගේ පුතාට වැදුණේ.එහෙම කරපු එයාට මම ඇයි කතා කරන්නේ.මගේ පුතාගේ වැරදි තියෙනවා. මම නැහැ කියන්නේ නැහැ.මගේ ජිවිතෙන් මගේ පුතා උදුරා ගත්තා.එයාලා දැන් සතුටින් රට වටේ රවුම් ගගහා ජිවත් වෙනවා.

ශලනිගෙයි සංදිපනිගෙයි මැදිහත් වීම නිසා දසුන් ජිවිතෙන් වන්දි ගෙව්වා කියලද කියන්නේ..?

ඔව්. වෙන හැමදේම ශලනිත් සංදිපනිට කිව්වා. සංදීපනී පුතාට කතා කරලා ඒවා කියලා බැන්නා. පුතා මැරෙන්න කලින් ශලනිට කියලා තියෙනවා එන්න කියලා. තුන් හතර වතාවක් එයා බැහැ කියලා. පුතා කියලා එහෙනම් මම මැරෙනවා කියලා ඕන දෙයක් කරන්න කියලා ෆෝන් ඔෆ් කරලා. මේ දෙන්නම ඉවසුවා නම් මගේ පුතා ජිවතුන් අතර.

 

About article14_2

Check Also

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට එක තරගාවලියකින් ලැබෙන මුදලවත් නොලැබෙන දැල්පන්දු ක්‍රීඩිකාවන් ආසියාවේම ශුරියන් වෙන්න කල කැපකිරීමේ කතාව

මිලියන ගණනින් වැටුප් ගෙවා සුපිරි පහසුකම් ලබාදී ක්‍රිකඩයන් සුපිරි තරු බවට පත් කළද ක්‍රිකට් ක්‍රීඩාවෙන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!