Breaking News
Home / ක්‍රිඩා / ශකිබ් ගත්තා වගේ මාලිංග අපට එක පාර ගන්න බෑ. තේරුම් කමිටුව මේ තරගාවලියට එයා නම් කලේ නෑ – හතුරු මාලි ගැන කියයි

ශකිබ් ගත්තා වගේ මාලිංග අපට එක පාර ගන්න බෑ. තේරුම් කමිටුව මේ තරගාවලියට එයා නම් කලේ නෑ – හතුරු මාලි ගැන කියයි

නිදහස්‌ කුසලාන විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දියානුවන්ගේ ප්‍රතිවාදියා කවුරුන්ද තීරණය කරන තීරණාත්මක තරගයට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අද (16 දා) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහභාගි වේ. අවසන් පූර්ව තරගයක වෙස්‌ගෙන ඇති මෙම තරගයේ ජයග්‍රහණයට දෙපිලම ඊයේ (15 දා) ප්‍රේමදාස පිටියේදී ඉතාමත් උනන්දුවෙන් පුහුණුවීම්වල නිරත විය.

ශ්‍රී ලංකා පිල මෙන්ම බංග්ලාදේශ පිලද ඊයේ තුන් ඉරියව්වම මුවහත් කරගැනීමේ පුහුණු සැසියකට සහභාගි විය. දෙපිලම දහවල් කාලයේ පුහුණුවීම්වල නිරත වෙමින් අද තරගය වෙනුවෙන් වැඩි කාලයක්‌ ශාරීරික සුව පහසුව සඳහා වෙන්කර ගත්තේය.

පුහුණුවීම් අවසන් වීමෙන් පසු නිදහස් කුසලාන තරගාවලියේදී බංගලාදේශයට එරෙහිව පැවැති පළමු තරගයේදී ලද පරාජය සම්බන්ධයෙන් හතුරුසිංහ අදහස් පළ කර සිටියහ.

ලකුණු 214ක් ගැහැව්වාට පස්සේ තරගයක් පරාජය වෙන්න තියෙන අවස්ථාව හරි අඩුයි.මා හිතන්නේ නෑ ඒ තරගයේදී අපි හොදින් පන්දු යැව්වා කියලා.අපි ඒක පිළිගන්න ඔ්නෑ.අනෙක් අතට තරගයකට ක‍්‍රීඩා කරන පන්දු යවන්නන් පස් දෙනාම නැත්තම් හය දෙනාම ඔ්වරයකට ලකුණු 10ක් බැගින් ගුටිකන එකත් හැමදාම වෙන දෙයක් නෙමේ.ඒ කොහොම වුනත් බංගලාදේශයට එදා පන්දුවට පහරදුන් ආකාරය සම්බන්ධයෙහන් නම් ඔවුන්ට ගෞරවය හිමිවෙන්න ඔ්න යයිද හතුරුසිංහ පැවැසීය

සත්කාරක ප්‍රේක්‍ෂකයන් හමුවේ තීරණාත්මක තරගයේදී පීඩනය දරා ගැනීම කෙසේ වනු ඇති දැයි පුහුණුකරු චන්දික හතුරුසිංහගෙන් විමසන ලදුව, ‘අපිට කිසිම පීඩනයක්‌ නැහැ. පළමු තරගයට ක්‍රීඩා කළ විදිහට තමයි මේ තරගයටත් ක්‍රීඩා කරන්නේ. අවසන් පූර්ව තරගයද අවසන් මහා තරගයද කියන එකද යන්න එතනදි වැදගත් නැහැ. අපි මේ තරගය ජය ගෙන අවසන් තරගයට යන්න හොඳ මානසික සූදානමකින් ඉන්නවා.’ යනුවෙන් පැවසීය.

කණ්‌ඩායමේ සංයුතිය වෙනසක්‌ විය යුතුය. එහිදී ශ්‍රී ලංකාවට පිතිකරුවකුගේ අඩුව ඉන්දියාව සමග පැවැති තරගයේදී තදින් දැනුණි. ‘අපි කණ්‌ඩායමේ සංයුතිය තෝරන්නෙ තණ තීරුවට අනුව. මේ වගේ තණතීරුවක හොඳ ක්‍රිකට්‌ ගහන්න පුළුවන්. පන්දු යවන්නන්ව උනත් යොදවන්නෙ තණතීරුවට අනුව. වේග පන්දු යවන්නන්ට මේ තණතීරුවකදී යමක්‌ කළ හැකියි. ඒ වගේම පසුගිය කාලයේ අපි වැඩිය ලකුණු ගැහුව්වෙත් නැහැ කඩුලු ගත්තෙත් නැහැ. ඒ වගේම තමයි දිනුවෙත් නැහැ. නමුත් මේ තණතීරුවේදී ඒ සියල්ලම වෙනස්‌ වෙලා තියෙනවා.’ යෑයි හතුරුසිංහ වැඩිදුරටත් පැවසීය.

කාසියේ වාසිය තරගයේ තීරණයකට කිසිදු බලපෑමක්‌ නොමැති බව ශ්‍රී ලංකා පුහුණුකරුවාගේ මතය වී තිබේ. ‘කාසියේ දෙපැත්තෙ වාසිය සහ අවාසිය කාට එයිද කියන්න බැහැ. දෙපැත්තෙන් මොන පැත්ත ආවත් අපි ලෑස්‌තියි. කාටවත් කියන්න බැහැ අන්තිමට ගහපු අය දිනනවා කියලා. බංග්ලාදේශය සහ ඉන්දියාව තරගය දිනුවෙ මුලින් ගහපු අය. ඒ නිසා කාසියේ වාසිය හිතලා තරග දිනන්න බැහැ.’

ලසිත් මාලිංග වැනි පන්දු යවන්නකු මෙවැනි තරගයකට ඉතාමත් වැදගත්ය. නමුත් ඔහු සංචිතයේ නොමැත. ඒ සම්බන්ධයෙන් පුහුණුකරුවා පවසා සිටියේ, ‘මාලිංග කියන්නෙ හොඳ පන්දු යවන්නෙක්‌ තමයි. නමුත් ඔහු මේ කණ්‌ඩායමේ නැහැ. කණ්‌ඩායම නම් කළාට පස්‌සෙ ආයිත් ක්‍රීඩකයෙක්‌ට එන්න පුළුවන් ඉන්න කෙනෙක්‌ව ආබාධයකට ලක්‌ වුණොත් පමණයි’ යනුවෙනි.

පිතිකරුවන්ගේ සටනක්‌ බවට පත්ව ඇති නිදහස්‌ කුසලාන තරගාවලියේ බංග්ලාදේශයේ නැංගුරම වී ඇත්තේ මුෂ්ෆිකර්. ඔහු අර්ධ ශතක දෙකක්‌ සමග තරගාවලියේදී ලකුණු 162 ක්‌ ලබා පිතිකරුවන් අතර දෙවැනි තැනට පත්ව තිබේ. එහි තෙවැනි තැන කුසල් ජනිත් පෙරේරා (143) පත්ව ඇති අතර සිව්වැනි ස්‌ථානය කුසල් මෙන්ඩිස්‌ට (123) හිමිව තිබේ.

අවසන් මහා තරග බලාපොරොත්තු ඇතිව බංග්ලාදේශ කළමනාකාරිත්වය ඔවුන්ගේ ප්‍රබලතම තුන් ඉරියව් ක්‍රීඩකයා වන ෂකීබ් අල් හසන්වද කණ්‌ඩායමට කැඳවා තිබේ. ෂකීබ් ඊයේ රාත්‍රියේදී කණ්‌ඩායමට එකතුවූ අතර ඔහු බොහෝ දුරට අද තරගය ක්‍රීඩා කිරීමට නියමිතය. ‘ෂකීබ්ව අපි මුල සිටම බලාපොරොත්තු වුණා. නමුත් ඔහු අවශ්‍ය මොහොතේදී ගෙන්වා ගැනීමට හැකිවීම කණ්‌ඩායමට ශක්‌තියක්‌. ඔහු හොඳින්නම් මේ තරගය ක්‍රීඩා කරනවා. ධාකාවලදී ඔහු පුහුණු සැසියකට සහභාගි වෙලා තියෙනවා’ යෑයි කර්ට්‌නි වෝල්ෂ් පවසයි.

තරගය ඉතාමත් වැදගත් බවත් කණ්‌ඩායමේ දක්‍ෂතා එකට එකතු වුවහොත් අවසන් තරගයේ ස්‌ථානය ස්‌ථිර බවද වෝල්ෂ් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

‘මේ තරගය අවසන් පූර්ව තරගයක්‌. ඉතාමත් වැදගත් තරගයක්‌. අපි තරගාවලියේ හොඳින් පන්දු යෑව්වා පිතිකරණයට වඩා. මේ තරගයේදී මේ දෙකම එකට එකතු වුණොත් අවසන් තරගයට යන්න පුළුවන්’ යෑයි බංග්ලාදේශ වේග පන්දු පුහුණුකරු කර්ට්‌නි වෝල්ෂ් ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

About lanka

Check Also

මාලිංග ජාත්‍යන්තර කඩුලු 500 සම්පුර්ණ කර කැපිලි දාපු කුහකයින්ට කඩුලු 5 අරන් පෙන්නුවත් අලුත් පරම්පරාවේ ක්‍රිකට් වලපල්ලේ බව පෙන්නමින් පිට පිට පැරදෙයි

පන්දුවාර 29 අවසානයේදී තරගයට වර්ෂාව පතිත වීම නිසා තරගය නතර කල අතර පන්දුවාර 20 වඩා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!